Posts

Showing posts from October, 2020

තල්මස් දඩයම

Image
තල්මස් දඩයම තල්මසුන් දඩයම සම්බන්ධ ජත්‍යන්තර කොමිසම (international whaling commission (IWC) විසින් එම කොමිසමට අදාළ රටවලට තල්මසුන් දඩයම් කිරීම තහනම් කරන්නෙ 1986 වසරේදී ය. ඒ සමහර තල්මසුන් වර්ග වදවීගෙන යාමේ තර්ජනයකට මුහුණ පෑම හේතුවෙන් 1946 වසරේදී තල්මසුන් දඩයම සම්බන්ධ ජත්‍යන්තර කොමිසම ආරම්භ වන්නෙ තල්මස් දඩයම නියාමනය පිළිබද ජත්‍යන්තර සම්මුතිය (international convacation for the Regulation of whaling ) නිර්මාණය කිරීමටය. 1946 වසරේ දෙසැම්බර් 2වන දා එම සම්මුතියට රටවල් සමූහයක් විසින් අත්සන් තබනව . ඒ ඇමරිකාවෙ වොෂින්ටනයේදී . වර්තමානයේ මෙහි සමාජික රටවල් සංඛ් ‍ යාව 89ක් පමණ වේ. එම කොමිසම විසින් සමාජික රටවල් විසින් සිදු කෙරෙන වෙළෙඳාම සදහා තල්මසුන් දඩයම් කිරීම සම්පූර්ණයෙන් තහනම් කරන්නෙ 1986 වසරේදී ය. 1986 වසරෙන් පසුවත් විවිධ ව්ද්‍යාත්මක පරීක්ෂණ සදහා ජපානය තල්මසුන් දඩයම් කරනව.එම දඩයම බොහෝවිට ක්‍රියාත්මක වන්නෙ උතුරු ශාන්තිකර සාගරයේ හා දකුණුදිග සාගරයේ . එම විද්‍යත්මක ව්‍යාපෘතිය ජපානය විසින් හදුන්වා දී ඇත්තෙ JARPA හා JARPAN ලෙසයි . එම ව්‍යාපෘතිය විවේචනය කරන අනෙකුත් රටවල් පවසා සිටින්නෙ පරීක්ෂණ සදහා බ

නාගරික අඩු ආදයම්ලාබී ජනාවාස

Image
නාගරික අඩු ආදයම්ලාබී ජනාවාස එක්සත් ජාතින්ගේ නියෝජිත ආයතනයක් වන UN HABITAT දක්වන ලෙස මුඩුක්කු යනු නගරයක දුර්වල ප්‍රදේශයක් වන අතර ඒවායෙහි බාල තත්ත්වයේ නිවාස සහ පැල්පත් මෙන්ම නිවාස අයිතිය නොමැති වීම ආදි ලක්ෂණ සහිතය. එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුව ලොව පුරා බිලියන 1ක ජනගහනයක් මුඩුක්කු වල ජීවත් වේ. 2030 වන විට එම ප්‍රමාණය බිලියන දෙකක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මොවුන් නාගරික සමාජය තුළ ජීවත් වන විශේෂ සමාජ කොටසක් ලෙස දැකිය හැකිය. මුඩුක්කු හා පැල්පත් වල දක්නට ඇති සමාජ ව්‍යුහය නගරයේ ආර්ථිකය හා දුගීබාවය පදනම් කොටගෙන සැකසී ඇත. අද වන විට ඇමරිකාවෙ චිකාගෝ නගරය ආදී ඉහළ ආදයම් රටවලත් මුඩුක්කු වර්ධනය වී ඇත. මෙම පැල්පත් නිවාස බොහෝ විට නගර පර් ‍ යන්තයේ ගොඩනගන අතර ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් වලින් යුක්ත නොවේ. විශේෂයෙන් මෙම මුඩුක්කු හා පැල්පත් වාසින්ට ඔවුන්ට ආවේණික සංස්කෘතියක් දැකගත හැකිය . එම සංස්කෘතියට අනුගත්වීමෙන් මේ වැසියන් නොයෙක් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සහ අපරාධ වලට යොමු වීමෙ ඉහළ අනුපාතයක් පවතී. බොහෝ මුඩුක්කු වැසියන් අවිධිමත් ආර්ථික කටයුතු වල නිරත වේ . එනම් මොවුන් මත්ද්‍රව්‍ය ජවා

හරිත ලොවට වින කරන හරිතාගාර ආචරණය

Image
හරිත ලොවට වින  කරන හරිතාගාර  ආචරණය  මිනිස් ක්‍රියාකාරකම් නිසා ජගත් පරිසරයටත් ,සොබා සම්පත් වලටත් අසීමිත මෙන්ම දරාගත නොහැකි තරමේ පීඩා ඇතිවීමෙන් පවතින බවත් මේවාට නිසි විසදුම් නොයෙදුවොත් මිනිසාගේ මෙන්ම ගස් වැලද සෙසු සියලු සත්ත්වයින් ගේද අනාගතෙ අදුරේ හෙලන අන්දමේ විනාශයක් නුදුරින් ම එළඹෙනු ඇති බවත් පර්යේෂකයන් ලෝක නායකයන්ට හා වැසියන්ට අනතුරු අගව ඇත. 1992 ජගත් මිහිතල සමුළුව තුලින් ජීවය ලැබ 1997 දෙසැම්බර් 11 වන දින එළි දක්වන ලද කියොකෝ සම්මුතියට 2007 ජුනි මස වන විට අත්සන් කර ඇත්තේ ලොව රටවල් 194න් රටවල්172ක් පමණි . හරිතාගාර වායු විමෝචනය අඩු කරගැනීමෙ අරමුණින් ඉදිරිපත් කරන ලද මෙම සම්මුතිය තුලින් සිය රට මගින් නිදහස් කෙරෙන හරිතාගාර වායුන් ප්‍රමාණයක් කපා හැරීමට එකගත්වය පළ කරමින් නීතිමය බැදීමකට ඇත්තෙ එම රටවල් වලින් රටවල් 35ක් පමණි. ස්වභාවික හරිතාගාර වායුන්ගෙන් සමහරක් ස්වභාවික ක්‍රියාවලීන්ට අමතරව මානව මූලික ක්‍රියාකාරකම් නිසාද විශාල ප්‍රමාණයක් වායුගෝලයට නිදහස් වේ. පෘථිවි වායුගෝලයේ දක්නට ලැබෙන ප්‍රමුඛ අධෝරක්ත කිරණ අවශෝෂක වායු වන්නේ ජල වාෂ්ප , කාබන්ඩයොක්සයිඩ් හා ඕසොන් වායුවයි. ඒසේම මේවා ප්

නොවිසදෙන අලි මිනිස් ගැටුම

Image
නොවිසදෙන අලි මිනිස් ගැටුම 2019 වසර තුළ දී ලංකාවේ වාර්තාගත ලෙස අලි ඇතුන් 361ක් මියගොස් ඇති බව පරිසරවේදින් පවසති.මින් වැඩි ප්‍රමාණයක් මරා දමනු ලැබ ඇත්තෙ මිනිසුන් විසිනි . 1948 නිදහස ලැබීමෙන් පසු වසරකදී වැඩිම අලි ඇතුන් මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තෙ පසුගිය වසරේදී ය. ලංකාව තුළ මේ වන විට අලි ඇතුන් 7500ක් පමණ දිවි ගෙවන බව ඇස්තමේන්තු කර ඇත . ඔවුන් මරා දැමීම නීති විරෝධීය. කෙසේ නමුත් ඔවුන් වනාන්තර වලින් පිටතට පැමිණ ගම් වැදීම හේතුවෙන් අලි මිනිස් ගැටුම නිරන්තරයෙන් අසන්නට ලැබේ. ලංකාව තුළ අලි ඇතුන්ට දැඩි ගෞරවයක් පළකෙරුණද , ඇතැම් ගොවීන් එම සත්ත්වයින් දකින්නෙ සිය වගා පාලු කරන කෘමීන් ලෙසය. අලි ඇතුන්ගේ මරණ වලින් 85% ක් සිදු වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ය .විදුලි වැට මෙන්ම ආහාරවල සගවා විවිධ විෂ වර්ග සහ පුපුරණ ද්‍රව්‍ය මෙම අලි ඇතුන්ට ලබා දීමට ඇතැම් ග්‍රාමීය පුද්ගලයෝ ක්‍රියා කරති. අලිමරණ කොපමණ අසන්නට ලැබුනත් ඒවාට විසදුම් තවමත් හරියාකරව දක්නට නොමැත. බොහෝ අවස්තාවල ඇත් දළ ජවාරම්කරුවන් විසින් දළ ඇතුන්ට වෙඩි තබා දළ කපාගෙන යන අවස්තා එමටය .අසරණ හස්තින්ට සදාරණයක් ඉටු වන දිනයක් නම් දක්නට නොමැත . ව

වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ කැලෑ බළල්ලු

Image
වදවීයාමේ  තර්ජනයට ලක්වීඇති  ශ්‍රී ලංකාවේ කැළෑ  බළල්ලු  ලෝකයේ වෙසෙන සත්ත්ව කුල අතර වැඩිම සත්ත්ව විශේෂ ප්‍රමාණය ක්අයත් වන්නෙ බළල් කුලයට ය. මහා බළල්ලු , කුඩා බළල්ලු සහ හීලෑ බළල්ලු වේ. මෙම කුලයේ සමාජිකයන් උපකුල දෙකකට බෙදෙයි. Pantherine , felinae යනුවෙනි . මහා බළල් කුලයේ චීටා උප විශේෂ 5ක් , වළාකුළු කොටි උප විශේෂ 6ක්, කොව්ගර් කොටි උප විශේෂ 6ක්, ජගුවර් විශේෂ 7ක්, කොටි විශේෂ 11ක්, සිංහයන් විශේෂ 7ක් , හිම කොටියා , සුන්ඩා වළාකුළු කොටි , බෙංගාල කොටි උප විශේෂ 8 අයත් වේ. බළල් කුලයට අයත් සමාජිකයන් අප්‍රිකාව , ආසියාව , උතුරු ඇමරිකාව , දකුණු ඇමරිකාව , යුරෝපය, යන මහද්වීපික රටවල ජිවත් වේ. ලංකාවේ බළල් කුලයේ විශේෂ 4ක් සිටි මොවුන් කැළෑ බළල්ලු ය. ශ්‍රී ලංකාවේ කොටියා ( sri lanka leopard ) , හදුන් දිවියා ( fishing cat) , වල් බළලා ( jungle cat), කොළ දිවියා ( Rusty spotted cat) යන විශේෂ වේ. ශ්‍රී ලංකාවේ කොටියා ශ්‍රී ලංකාවේ බළල් කුලයට අයත් විශාලම සාමාජිකයා වන කොටියා ලංකාවට ආවේනික වෙයි . බොහෝ දෙනා දිවියා යනුවෙන් කොටියා වරදවා හදුන්වයි. වියළි ප්‍රදේශ වලත් 2000mm වඩා වැඩි වර්ෂාපතනයක් ඇති තෙත් කලාපයෙත් කොට

හුණුගල් අරණ මැද වවුලන්ගෙ පාරාදීසය වවුල්පනේ

Image
ලංකාවේ පැරණිම හුණුගල් ගුහාව මෙන්ම අභ් ‍ යන්තර දිය ඇල්ලක් තිබෙන අපුරු නිමැවුමක් ලෙසින් වවුල්පනේ හුණුගල් ගුහාව හැදිවිය හැකිය වවුල්පනේ වන ගහණය වැවී ඇත්තේ වර්ග සැතපුම් 20 කට වැඩි ප් ‍ රදේශයක් පුරා පසට යටින් විහිදෙන සුවිසල් හුණුගල් පර්වතයක් මතුපිට වූ පස් තට්ටුව මතය .වසර බිලියන 500 පමණ පැරණි මෙම මයෝසීන හුණුගල් පර්වතය තුළ දිගු කලක් තිස්සේ ජලය ගලා යෑමෙන් සෑරුණු හුණුගල් ගුහා සොබා දමේ අපුරු නිර්මාණයන් ‍ ය. මුහුදු ජීවින්ගෙන් සම්බවය වූ ස්පටික බවට පත් වූ හුණුගල් ද මෙම ගුහා ආසන්නයේ දක්නට ඇති අතර මෙම පෙදෙස් දුරාතිතයේදි මුහුදු පතුලකට අයත්ව තිබූ බව ඉන් පැහැදිලි වෙයි. හුණුගල මත මුහුදු පැළැටි , කොරල් වර්ග ,ස්පොන්ජි, හා කුඩා මුහුදු ජිවීන්ගේ ෆොසිල ඇති ස්ථාන හදුනාගෙන තිබේ. හුණුගල තුල අඩක් ගිලී ඇති ප් ‍ රාග් ඓතිහාසික සත්ත්වයෙකුගේ පොසිලයක් ද ඇති බව පැවසේ .හුණුගල දැඩි සම්පීඩනයට ලක්ව රෝස හා සුදු පැහැයෙන් යුක්ත පලිගුමය තතවයට පත් වු කලාප දක්නට ලැබේ . මෙහි අද්විතීය ලක්ෂණයක් වන්නේ මුහුදු වෙරලෙන් සැතැපුම් සිය ගණනක් ඈතින් පිහිටීම සහ මයෝසීන හුණුගල් හා ස්පටික බවට පත් වූ හුණුගල් එකනෙකට ආසන්නව පිහිටීමයි . මයෝසීන හ

ඖෂධ වනාන්තර

Image
ඖෂධ වනාන්තර  ඉන්දියාව ,ඉන්දුනීසියාව, මලයාසියාව, පිලිපීනය ,ඉක්වදෝරය, බ්‍රසීලය ආදී රටවල ද ඖෂධීය ශාක පැවතියත් ලංකාවේ ප්‍රදේශ කිහිපයකම දැඩි ඝනත්වයකින් යුතු ඖෂධීය ශාක රාශියක් පවතී.ලංකාවේ සතර දිග් භාගය පුරා සිව් දෙස ආවරණය කරමින් පවතින මෙම ඖෂධ වනාන්තර හෙළයේ මහා ඔසුසැල් ලෙස හැදින්විය හැකිය. ලංකාවේ ඇති ඖෂධ වනාන්තර හදුන්වා දීමත් ඒවායේ ස්වාභාවය සුවිශේෂත්වය හදුනා ගැනිමත් වැදගත් වේ. රිටිගල ලංකාවේ වියළි කලාපයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 1528ක් පුරා විහිදුනු මීටර 1817ක් තරම් වන උසකින් යුත් ලංකාවේ අභ් ‍ යන්තර තැනිතලාවේ උසම කන්දයි. කදු මුදුනෙහි තෙත් කලාපීය දේශගුණික ලක්ෂණ ද පෙන්වන මෙම වන පියසෙහි සියලු දේශගුණික ලක්ෂණ වලට අනුවර්තනය ශාක වර්ධනය වේ. වර්ෂ 1941.11.07 වන දින ගැසට් අංක 8809 යටතේ රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් විය. වනජීවි දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම අගනා වන පියස මෙරට දැඩි රක්ෂිත 3න් වැදගත්ම එකද වේ. මෙම වන පියසේ ශාක විශේෂ 418k ව්‍යාප්ත වී ඇත.මේ අතරින් ලෝකයෙන්ම රිටිගල පමණක් තිබෙන ශාක විශේෂ 3කි. 1. රිටිගල ගල්කප්පර වල්ලිය 2. රිටිගල වන මී 3. රිටිගල තම්බර්ජියා මෙම රිටිගල වන පියසෙහි පව

නීති විරෝධී වනජීවි වෙළෙඳාම

Image
  නීති විරෝධී වනජීවි  වෙළෙඳාම  නීත්‍යානුකූල  වනජීවී වෙළෙඳාම ජන සමාජවලට අවශ්‍ය නමුත් නීති විරෝධී වනජීවි වෙළෙඳාම සාපරාධී ලෙස සහ ජාවාරම් ලෙස සිදුවන බැවින් ඉන් ස්වභාවික යහපැවැත්මට කරන අයහපත් බලපෑම ඉතා විශාලය . තිරසාර නොවන ලෙස සිදුවන සොබා සම්පත් භාවිතය නූතන ලෝකයේ හමුවේ ප්‍රබල අභියෝගයක්ව පවතින අතර එය මිහිමඩලේ ස්වභාවිකව පැවැත්ම (earth natural system ) අන්තරාදායක තත්ත්වයකට පත්වීමට හේතු වියහැකි බැවින් තීරණාත්මක අවස්තාවකට එන්න පෙර සොබා සම්පත් සුරකමින් මිහිමත ජීව පැවැත්ම සහතික කර ගැනීමට ලෝක ප් ‍ රජාවට සිදුව තිබේ. මානව ඉතිහාසය ආරම්භයේ සිට අද දක්වාම මනුෂ්‍යයාට අමිල සේවාවක් සිදුකරන ස්වභාවික ප්‍රාග්ධන විශේෂයක් වන වන සම්පත මෙන්ම වන ජීවින් විවිධාකාර මනුෂ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශයට පත් වීම සීග්‍රයෙන්සිදුවේ . නීති විරෝධී වනජීවි වෙළෙඳාම හේතුවෙන් අලීන් , කොටීන් , රයිනෝ , මුහුදු කැස්බෑවන් , ගෝරිල්ලන් , පැන්ගෝලියන් , හෙල්මටඩ් හෝන්බිල් ආදි වශයෙන් හා තවත් විශාල ප්‍රමාණයක් අප්‍රසිද්ධ වන ජීවින් විනාශ වන අතර මේ ආකාරයට දිගින් දිගටම පැවතියහොත් එම සතුන් මිහිමතින් තුරන්වෙමින් සිදුවන ජෛව විවිධත්වය ව

උණුදිය උල්පත්

Image
උණුදිය උල්පතක් හෝ ගීසර් (geyser) ලෙස හැදින්වෙන හුමාල උල්පතක් ඇතිවන ආකාරය පිළිබදව බොහෝවිට ඔබ තුළ කුතුහලයක් තිබෙන්නට පුලුවන් ලෝකය පුරා විවිධ රටවල උණුදිය උල්පත් ඇති අතර මින් එක්සත් ජනපදය , කැනඩාව , අයිස්ලන්තය , ඉතාලිය , ජපානය හා නවසීලන්තය ප් ‍ රධාන වේ. ඇමරිකාවෙ යෙලෝ ස්ටෝන් ජාතික වනෝද් ‍ යානයේ ඇති " ඔල්ඩ් ෆේන්ෆුල් " ලෙස හැදින්වෙන වතුර මලක් මෙන් ඉහළට උණු ජලය හා හුමාලය විදින හුමාල උල්පත ලෝ ප් ‍ රකට වේ. පොලොවෙ මතුපිට ආසන්නයේ ඇති මැග්මා හෝ මැග්මා නිසා දැඩි ලෙස උණුසුම් වන පාෂාන අතරින් ගමන් ගන්නා භුගත ජලය , රත්වීම නිසා ඝනත්වය අඩුවීමෙන් උණුදිය ලෙස ඉහළට පැමිණෙනව . ඒ අනුව උණුදිය උල්පත් ඇතිවීම සදහා කාරණා කිහිපයක් එකට සමානුපාත විය යුතුය . පොලොවෙ මතුපිට ආසන්නයේ මැග්මා ( උණු වී දියාරුවන පාශාණ - මේවා ලාවා ලෙස හැදින්වේ) තිබීම හෝ එම මැග්මා නිසා දැඩි ලෙස රත් වූ පාශාණ තිබීම - එනම් තාප මුලාශ් ‍ රයක් තිබීම . මේ මැග්මා හෝ රත් වූ පාශාණ තුලින් ගලා යා හැකි භූගත ජල සංචිතයක් තිබීම ( aquifer ) - එනම් ජල මූලාශ් ‍ රයක් තිබීම එම ජලයට උල්පතක් ලෙස පොලොව තුලින් ඉහලට පැමිණීමෙ මාර්ගයක් සැකසී තිබීම යන කරුණුයි .-