වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ කැලෑ බළල්ලු
වදවීයාමේ
තර්ජනයට ලක්වීඇති
ශ්‍රී ලංකාවේ කැළෑ
බළල්ලු
ලෝකයේ වෙසෙන සත්ත්ව කුල අතර වැඩිම සත්ත්ව විශේෂ ප්රමාණයක්අයත් වන්නෙ බළල් කුලයට ය. මහා බළල්ලු , කුඩා බළල්ලු සහ හීලෑ බළල්ලු වේ. මෙම කුලයේ සමාජිකයන් උපකුල දෙකකට බෙදෙයි. Pantherine , felinae යනුවෙනි . මහා බළල් කුලයේ චීටා උප විශේෂ 5ක් , වළාකුළු කොටි උප විශේෂ 6ක්,කොව්ගර් කොටි උප විශේෂ 6ක්, ජගුවර් විශේෂ 7ක්, කොටි විශේෂ 11ක්, සිංහයන් විශේෂ 7ක් , හිම කොටියා , සුන්ඩා වළාකුළු කොටි , බෙංගාල කොටි උප විශේෂ 8 අයත් වේ.
බළල් කුලයට අයත් සමාජිකයන් අප්‍රිකාව , ආසියාව , උතුරු ඇමරිකාව , දකුණු ඇමරිකාව , යුරෝපය, යන මහද්වීපික රටවල ජිවත් වේ. ලංකාවේ බළල් කුලයේ විශේෂ 4ක් සිටි මොවුන් කැළෑ බළල්ලු ය. ශ්‍රී ලංකාවේ කොටියා ( sri lanka leopard ) , හදුන් දිවියා ( fishing cat) , වල් බළලා ( jungle cat), කොළ දිවියා ( Rusty spotted cat) යන විශේෂ වේ.
ශ්‍රී ලංකාවේ කොටියා
ශ්‍රී ලංකාවේ බළල් කුලයට අයත් විශාලම සාමාජිකයා වන කොටියා ලංකාවට ආවේනික වෙයි . බොහෝ දෙනා දිවියා යනුවෙන් කොටියා වරදවා හදුන්වයි. වියළි ප්‍රදේශ වලත් 2000mm වඩා වැඩි වර්ෂාපතනයක් ඇති තෙත් කලාපයෙත් කොටියා වාසය කරයි. හෝටන්තැන්න සහ නකල්ස් වැනි කදුකර වනාන්තර වලත් කොටියා වාසය කරයි. ඕනෑම කාළගුණික තත්ත්වක් යටතේ හැඩ ගැසීමට හැකියාවක් ඇත . සවස් කාලයේ සිට පාන්දර දක්වා ක්‍රියාකාරිත්වයෙන් දඩයම් කිරිමේ හැකියාවක් ඇති දඩයක්කරුවෙක් වේ.කොටියා මාංශ භක්ෂක විලෝපියකයෙකි . ලංකාවේ කොටියා ඉන්දියානු කොටියාට වඩා තරමක් කුඩා වන අතර කොටියාගේ සම කහ පැහැ පසුබිමේ කලු පුල්ලි තිබේ . දිගු වලිගයක් ඇති කොටියාගේ ගැහැණු සතා පිරිමි සතාට වඩා ප්‍රමාණයෙන් විශාල වෙයි. ගැහැණු සතා වරකට පැටවුන් තුන් දෙනෙකු හෝ දෙදෙනෙකු බිහි කරයි .ගර්භනී කාලය මාස 3ක් අතර වේ. ගැහැණු සතාගේ අභිජනන කාලය වසර 3ක්ද පිරිමි සතාගේ වසර 2ක්ද වේ.
වනාන්තර විනාශ වී යාම හා සම ගැනීම සදහා දඩයම් කිරීම හෙතුවෙන් වදවීගෙන යාමේ තර්ජනයට ලක් වී ඇති බැවින් කොටියා සංරක්ෂණය කළයුතු සත්වයෙකු ලෙස ( IUCN) නම් කර ඇත.
හදුන් දිවියා
ඉතාමත් පියකරු සිරුරක් හිමි ක්ෂීරපායි සත්වයෙකි.
හීලැ බළලෙකුගෙ ශරීර ප්‍රමාණයට වඩා දෙගුණයක් පමණ විශාල ය. නේපාලය , බංග්ලාදේශය ,ඉන්දියාව වැනි ආසියාතික රටවලත් හිමාලයේ අඩි 1500ක් දක්වා උන්නතාංශයක ඇති භූමියකත් ජිවත් වෙයි. ලංකාවේ සෑම දේශගුණික කලාපයකම ජීවත් වේ. ජාලාසන්න ප්‍රදේශ වල ජීවත් වීමට ප්‍රිය කරන සදුන් දිවියාගෙ වාසස්ථාන වන්නෙ වගුරුබිම් , කඩොලාන පරිසරය , කලපු ගම්මාන හරහා ගලාබසින ගංගා ඇළ දොළ , වැව් අමුණු ආසන්නයේ ය. ජලයෙහි කිමිදි යා හැකිය. වසරකට පැටවුන් 2ත් 3ත් අතර ගැහැණු සතෙක් බිහි කරයි. බෝවීම සිදුවන්නෙ ඉතා සෙමිනි.
තද දුඹුරු කලු පුල්ලි සහිත අලු දුඹුරු සමකින් යුක්ත අතර කෙටි පාද සහිතයි. කිමිදි මසුන් අල්ලා ගැනීමේ හැකියාවක් ඇත. හාවන් , මීයන්, කුරුල්ලන් , කක්කුට්ටන් , ආහාරයට ගනී . ගම්මාන වල කුකුළ් කොටු වලට ද පනී.තෙත් බිම් විනාශ වීම, කුඹුරු ගොඩ කිරීම , පරිසර දූෂණ ක්‍රියාකාරකම් හදුන් දිවියාගේ වාසස්ථාන අහිමි වීම, වනාන්තර හරහා මහා මාර්ග ඉදිවීම නිසා පාර හරහා පැනීමට ගොස් වාහනවලට හසුවීම නිසා වදවීගෙන යාමට ලක්ව ඇත.
වල් බළලා
ලංකාවේ හැරුණු කොට බටහිර ඊජිප්තුව , දකුණු ආසියාව , ගිනිකොණ දිග ආසියාව , නේපාලය , ඉන්දියාව , බංග්ලාදේශය රටවල වනගත ප්‍රදේශ වල ජීවත් වේ. ලංකාවේ වියළි කලාපයේ , අතරමැදි කලාපයේ මොවුන් පැතිර සිටි. තනිවම ජීවත් වීමට ප්‍රිය කරයි .වගාබිම් වල සැරිසරන අතර පැයට 30km පමණ වේගයෙන් දිවයයි . සර්පයන් , කුරුල්ලන් , කෘමීන් ආහාරයට ගනී. වනගත ප්‍රදේශ , කුඩා වන ලැහැබ් වැනසී යාම හේතුවෙන් මොවුන් වදවීගෙන යාමේ අවදානමකට ලක්ව ඇති ලෙස නම් කර ඇත.
කොළ දිවියා
හීලෑ බළලෙකුට සමාන ශරීරයක් ඇති කොළ දිවියාගේ සිරුරේ මළකඩ පැහැ පුල්ලි සහිත දුඹුරු අලු පැහැති සමක් ඇත .අප්‍රෙල් -මැයි කාලවල ගස් බෙනවල පැටවුන් බිහි කරයි . වරකට පැටවුන් 2ක් පමණ බිහි කරයි . ගර්භනී කාලය දින 67කි. තෙත් බිම් ආසන්නයේ කුඩා පදුරු අතර දහවල් කාලයේ සැගවී සිටි රාත්‍රී කාලයේ සැරිසරයි. හූනන් , ගෙම්බන් , හා පැටව් ආහාරයට ගනී. වාසස්ථාන අහිමි වීම හා වාහන අනතුරු වලට ලක් වීම නිසා වදවීගෙන යාමට ලක්ව ඇත.
ලංකාවේ මහා පරිමාණයේ සිදුවන පරිසර දූෂණය හා අවිදිමත් සංවර්ධන කටයුතු , දඩයක්කරුවන්ගේ වෙඩි උණ්ඩයට ගොදුරු වීම නිසා ගොවියන්ගේ උගුල් වලට හසු වීම නිසා දිවියන් මිය යන අවස්තා බොහෝය . ජනතාවගෙ අල්ප දනුම නිසාත් ඉතා දුර්ලභ සත්ත්ව විශේෂයක් වන කැළෑ බළල්ලු වදවීගෙන යාමේ තර්ජනයට මුහුණ දී තිබේ . එම නිසා මෙම සත්ත්ව විශේෂය රැක ගැනීම අප සැමගේ යුතුකමක් වේ .
සටහන
නෙත්මිණී අභයරත්න
Comments
Post a Comment