සීගිරියේ ජල උද්‍යාන තාක්ෂණය

 සීගිරියේ ජල උද්‍යාන තාක්ෂණය 


සීගිරිය වනාහී අභිරහස් ගණනාවක් සගවාගෙන සිටින ආශ්චර්යමත් ගල් තලාවකි . සීගිරියේ ඇති ජල උද්‍යානය ඉතා සුවිශේෂී වේ. එහි ප්‍රධාන දොරටු සාදා  තිබෙන්නෙ කෙලින්ම ඉහළට ඔසවන විදිහට. සීගිරියේ ජල උද්‍යානය සාදා ඇත්තේ එයට ඇතුල්වෙන කෙනෙකු එක්වරම මං මුලාවට පත්වෙන ලෙසය.  ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වී යනවිට එක් හරියකදී සීගිරි ගල නොපෙනී යයි. සතුරු සේනාවක් වුවත් මංමුලා වන ලෙස මෙම උද්‍යාන අතර මාර්ගය සාදා තිබේ. 

සීගිරියේ ජල උද්‍යානයේ ඇති වතුරමල් අදටත් වැඩ කරයි. නමුත් ජලය පැමෙන්නේ ඉතා ස්වල්පයකි. එයට හේතුව සීගිරියේ වැවේ ජල මට්ටම ඉතා අඩු වීමයි. අතීතයේදී සීගිරියේ ජල උද්‍යානයට ඉහලින් සීගිරි වැවේ ජල මට්ටම පිහිටා තිබුනී. එයින් අතීතයේ සීගිරියට සතුරන්ගෙන් ආරක්ෂා වීමට හැකිවිය . මේනිසා ඉතා විශාල ජල පීඩනයක් යටතේ මේ වතුර මල් බොහෝ ඉහළට විහිදී ඇත. නමුත් පසු කාලීනව සීගිරිය අවට ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය වීමට පටන් ගත් පසු සීගිරිය වැව ගොඩවිය . Sigiriya village වැනි සුපිරි හෝටල් අද පිහිටා තිබෙන්නෙ සීගිරිය වැව තිබුන ස්ථානයේ ය. අද වනවිට සීගිරිය වැව දිය සිදී ගිය නමට පමණක් සීමාවු වැවකි. මේනිසා උද්‍යාන වල පිහිටා ඇති ඒ අසිරිමත් ජල මල් වලින් එන වතුර දාරාව සීඝ්‍රයෙන් අඩු වී ඇත . ඒවා උඩට විහින්නේ නැති තරම්ය .සීගිරිය ගල මුදුනට ජලය ගෙනගිය ආකාරයද  අභිරහසක් වේ. මේ සදහා ජල පොම්ප කිරීමේ තාක්ෂණයක් යොදාගෙන තිබෙන බව පර්යේෂකයන් කියයි. නමුත් වර්තමානයේ පර්යේෂකයන්ගේ මතය වී තිබෙන්නේ මේ සදහා ඊට වඩා සරල ක්‍රමයක් භාවිතා කරන්න ඇති බවයි. එනම් සංසක්ති බල විද්‍යාවයි. සංසක්ති බල යනු එකම වර්ගයේ අංශු අතර ඇති  වන ආකර්ෂණ බලය . පර්යේෂකයන් පවසන ආකාරයට සීගිරිය ගල මුදුනේ නිර්මාණය කර තිබෙන ජල පොකුණු වලට නිරන්තරයෙන් වැහි වලාකුළු ආකර්ෂණය වේ . එයට හේතුව සීගිරිය මුදුනේ තිබෙන පොකුණුවල ජලයේ ජල අංශු සහ වැහි වලාකුළුවල ජල අංශු එකිනෙක ආකර්ෂණය වීම.

මෙම සංසිද්ධිය වෙනත් උස් කදු මුදුන් සහ උස ගල් පර්වත මුදුනේ ඇති ජලය රැස්වෙන ස්ථාන වල දැකගත හැකිය. එමගින් ලැබෙන වර්ෂාවෙන් නිරන්තරයෙන් සීගිරිය ගල මුදුන ජලයෙන් ස්වයංපෝෂිත වේ.මෙවැනි ක්‍රමයක් මේ සදහා යොදා ගැනීමට තවත් හේතුවක් තිබේ. එනම් හදිසි අවස්තාවක සතුරු හමුදාවක් සීගිරිය ආක්‍රමණය කර විටදි සීගිරියට ජලය ගෙනයන්නේ විශාල පොම්පයකින් නම් සතුරන්ට මෙම පොම්පය විනාශ කර හෝ පහල තිබෙන ජල මුලාශ්‍ර වලට වස මිශ්‍ර කර හෝ ගල මුදුනේ සිටින පිරිසව අසරණ කල හැකි නිසාය. නමුත් සංසක්ති බල ක්‍රමය නිසා ගල මුදුනේ ඇති වගාවන් හෝ ඔවුන්ගේ පානිය ජල අවශ්‍යතා සුරක්ෂිත වේ. වැසි ජලය එකතු වී ගබඩා වීමට සැලැස්වා ඇති බවටද ගල මුදුනේ ඇති පොකුනු වලින් අනුමාන කල හැකිය. 


සටහන 

නෙත්මිණී අභයරත්න 









Comments

Popular posts from this blog

වලාකුළු

පෘථිවියේ පෙනහලු ඇමසන් වැසි වනාන්තරය