පෘථිවියේ පෙනහලු ඇමසන් වැසි වනාන්තරය
පෘථිවියේ පෙනහලු
ඇමසන් වැසි
වනාන්තරය
ඇමසන් වැසි වනාන්තරය පෘතුවියේ හරිත කළාලයයි. මෙම වනාන්තරය පෘථිවිය මත ශේෂව ඇති නිවර්තන වැසි වනාන්තර වල විශාලත්වයෙන් හරි අඩකට හිමිකම් කියයි. පෘථිවියේ පෙනහලු ලෙසින් ඇමසන් වැසි වනාන්තරය නම් කරයි. එහි විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන 6.9ක් ලෙස සැලකෙනවා . එමෙන්ම ලොව වැඩිම ජල ඝනත්වයක් ඇති ගග වන ඇමසන් මෙය හරහා ගලා යන අතර , අතු ගංගා 1100කින් සමන්විත එහි ගංගා 17ක් සැතපුම් 1000කට වඩා දිගකින් යුතු ඒවා වෙනවා . ජල මට්ටම ඉහළදිනවලදී ඇමසන් ගග දිනකට ජලය කියුබ් බිලියන 500ක් පමණ අත්ලාන්තික් සාගරයට මුදාහරිනවා.
ශාක විශේෂ
වර්තමානයේ වාර්තාගත ශාක වර්ග වලින් 2/3කට නිවහන වන්නේ ඇමසන් වනාන්තරයයි. ඇමසන් නදියේ බටහිර නිම්නය සැලකෙන්නේ ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථානය ලෙසයි. ඇමසන් භූමියේ එක හෙක්ටයාරයක් තුළ විවිධ වර්ගයන්ට අයත් ශාක වර්ග 40ක් - 100ක් අතර ප්‍රමාණයක් දක්නට ලැබේ. ඇමසන් වනයේ වාර්තාගත ශාක වර්ග ප්‍රමාණය 80,000ක් ඉන් ශාක වර්ග 40000ක්ම සැලකෙන්නෙ ගෝලීය දේශගුණය පාලනය කිරීමට හා ජල චක්‍රය ස්ථායිව පවත්වාගෙන යාමට උපකාරී වන ශාක වර්ග ලෙසය. එමෙන්ම කාර්මීකරණය සමග වායුගෝලයට එකතුවන අධික කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් උරාගෙන වායුගෝලයට නැවත වරක් පිරිසිදු ඔක්සිජන් ලබා දීමට ඇමසන් වනාන්තරය විශාල දායකත්වයක් ලබා දේ.
සත්ත්ව විශේෂ
ඇමසන් වනාන්තරය තුළ ක්ෂීරපායි සත්ත්ව විශේෂ 427ක් පමණ ජීවත් වේ. ඒ අතර ජගුවර් මෙන්ම ඇමසන් ගගේ ජීවත්වන ඩොල්පින් ද සිටී. කුරුල්ලන් වර්ග 1800ක් හා සර්ප විශේෂ 378ක් පමණ ඇමසන් වනාන්තරය තුලින් සොයාගෙන තිබේ. උභයජීවී විශේෂ 400ක් පමණ ද මෙහි ජීවත් වේ. ලොව ප්‍රසිද්ධම සර්පයා ලෙස සැලකෙන ඇනකොන්ඩා වාසය කරන්නෙද මෙහිය. ඇනකොන්ඩා සර්පයෙකු අඩි 30ක දිගකට හා රාත්තල් 550ක පමණ බරකට වර්ධනය වේ. ඔවුන් පැටවුන් 20-40ත් අතර ප්‍රමාණයකට එකවර ජීවය ලබාදේ. ඇමසන් වනාන්තරය තුළ මත්ස්‍යයන් වර්ග 5,600ක්ද සමනල් විශේෂ 1400ක් පමණත් ජීවත් වේ.
1978 සිට මේ දක්වා වර්ග කිලෝමීටර 750,000කට වඩා භූමි ප්‍රමාණයක් ඇමසන් වනාන්තරයෙන් විනාශ වී තිබේ. බ්‍රසීලය ,පේරු, කොලොම්බියාව , බොලිවියාව , වෙනුසියුලාව වැනි රටවල් ආශ්‍රිතව වනාන්තරයේ විශාල ප්‍රමාණයක් විනාශ වී ඇත්තේ කෘෂිකාර්මික කටයුතු හේතුවෙනි. නමුත් 20වන සියවස අගභාගයේ වන විට එම තත්ත්වය ඉහළ ගොස් තිබෙනවා . මහා පරිමාණයේ කර්මාන්ත හා වගාබිම් නිසා වනාන්තරය විනාශ වීම වේගත්ව තිබෙනවා . 2004 මෙම විනාශය වැලැක්වීමට පියවර ගෙන ඇත. පවතින නීති රෙගුලාසි බලාත්මක කිරීම , චන්ද්‍රිකා මගින් වනාන්තර නිරික්ෂණය කිරීම, පරිසර වේදීන්ගේ පවතින කැපවීම දැකගත හැකිය.
ඇමසන් ජෛව විවිධත්වයෙ අසමසම ගබඩාවකි. අසීමිත විවිධත්වයෙන් යුත් ශාක හා සත්ත්ව ගහණයද එය නිවහන කොටගත් ගෝත්‍රික ජනතාවද සිටී. දකුණු ඇමරිකාව මහද්වීපය තුළ වර්ෂාපතනය නිසි පරිදි පවත්වාගෙන යාමට ඇමසන් විශාල දායකත්වයක් දක්වයි. දිනෙන් දින වායුගෝලය තුළ ඉහළ යන කාබන්ඩයොක්සයිඩ් වායුව විශාල වශයෙන් අවශෝෂණය කර කාලගුණ විපර්යාසයෙ ප්‍රථිපල අවම කිරීමට ඇමසන් වැසි වනාන්තර හා මධ්‍යම ආසියාවේ නිවර්තන වැසි වනාන්තර මහගු කර්තව්‍යයක් ඉටු කරයි.
සටහන
නෙත්මිණී අභයරත්න
Comments
Post a Comment