නීති විරෝධී වනජීවි වෙළෙඳාම
නීති විරෝධී වනජීවි
වෙළෙඳාම
නීත්‍යානුකූල වනජීවී වෙළෙඳාම ජන සමාජවලට අවශ්‍ය නමුත් නීති විරෝධී වනජීවි වෙළෙඳාම සාපරාධී ලෙස සහ ජාවාරම් ලෙස සිදුවන බැවින් ඉන් ස්වභාවික යහපැවැත්මට කරන අයහපත් බලපෑම ඉතා විශාලය . තිරසාර නොවන ලෙස සිදුවන සොබා සම්පත් භාවිතය නූතන ලෝකයේ හමුවේ ප්‍රබල අභියෝගයක්ව පවතින අතර එය මිහිමඩලේ ස්වභාවිකව පැවැත්ම (earth natural system ) අන්තරාදායක තත්ත්වයකට පත්වීමට හේතු වියහැකි බැවින් තීරණාත්මක අවස්තාවකට එන්න පෙර සොබා සම්පත් සුරකමින් මිහිමත ජීව පැවැත්ම සහතික කර ගැනීමට ලෝක ප්‍රජාවට සිදුව තිබේ.
මානව ඉතිහාසය ආරම්භයේ සිට අද දක්වාම මනුෂ්‍යයාට අමිල සේවාවක් සිදුකරන ස්වභාවික ප්‍රාග්ධන විශේෂයක් වන වන සම්පත මෙන්ම වන ජීවින් විවිධාකාර මනුෂ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශයට පත් වීම සීග්රයෙන්සිදුවේ . නීති විරෝධී වනජීවි වෙළෙඳාම හේතුවෙන් අලීන් , කොටීන් , රයිනෝ , මුහුදු කැස්බෑවන් , ගෝරිල්ලන් , පැන්ගෝලියන් , හෙල්මටඩ් හෝන්බිල් ආදි වශයෙන් හා තවත් විශාල ප්‍රමාණයක් අප්‍රසිද්ධ වන ජීවින් විනාශ වන අතර මේ ආකාරයට දිගින් දිගටම පැවතියහොත් එම සතුන් මිහිමතින් තුරන්වෙමින් සිදුවන ජෛව විවිධත්වය විනාශය හරහා හරහා මිහිමත යහපැවැත්මට තර්ජනයක් සිදුවෙමින් පවති.
වන සම්පත් මගින් මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය පිරිසිදු වාතය , ආහාර , පළතුරු , දැව , ඉන්ධන , ගොඩනැගිලි ද්‍රව්‍ය , ඖෂධ , රෙදි , සම් වර්ග ආදි අනේකවිධ දේ සැපයෙන අතර සුඛෝපභෝගී මාදිලියේ විලාසිතා හා විනෝදාංශ සදහා මෙන්ම ජන සමාජවල සංස්කෘතිකාංග සදහා ඇත්දළ , ගජමුතු , මුතු , අං තට්ටු , කැස්බෑ කටු , කොටි හම් ආදී සත්ත්ව ශරීරාංග බහුලව යොදා ගනු ලැබේ . සමස්තයක් ලෙස වනජීවි සම්පත් මගින් පාරිසරික ජානමය , සමාජ , ආර්ථික , ව්ද්‍යාත්මක , සංස්කෘතික , සෞන්දර්යාත්මක සහ විනෝදාත්මක ප්රතිලාභ ලැබේ .
මධ්‍යම හා නැගෙනහිර අප්‍රිකානු රටවල ඝාතන කල්ලි විසින් වනජීවි දඩයම සිදුකරන අතර සිය වෙළෙඳාම චීනය , වියට්නාමය , මැලේසියාව , සිංගප්පූරුව , හොංකොං ඇතුලු නැගෙනහිර ආසියාව කේන්ද්‍ර කරගනිමින් ඇමරිකා එක්සත් ජනපදය හා බටහිර යුරෝපය දක්වා ව්‍යාප්ත වේ.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය ඇතුලු රටවල් බොහොමයක් මේ වන විට මස් පිණිස දඩයම් කරනු ලබන වනජීවින් ප්‍රමාණය පහත බැස තිබේ. 2020 ආරම්භයේ නීති විරෝධී වන සත්ත්ව දඩයම මෙන්ම ජාවාරම ද සැලකිය යුතු පහළ ගොස් ඇත.
සාපරාධී මේ මිනිස් ක්‍රියාකාරකම්වලට එරෙහිව සොබාදහම නැගිසිටින දිනය වැඩී ඈතක නොවේ.නමුත් අප සැමගෙ යුතුකමක් වන්නේ මිහිමත සිදුවන සත්ත්ව හිංසනය ,වනජීවි සම්පත් නීති විරෝධී ලෙස අලෙවි කිරීමට එරෙහිවීමත් අහිංසක සතුන් මිනිසාගේ අවශ්‍යතා වෙනුවෙන් අමානුෂික ලෙස මරා දැමීම වැනි අපරාධ වෙනුවෙන් නැගී සිටිමත් ය.
😍😍😍
ReplyDeleteGood job. Keep it up
ReplyDeleteGood work
ReplyDelete