ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය
ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය
ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොදින් දැන සිටියහ. ලංකාවේ යකඩ නිස්සාරණය කිරීමේ පැරණි තාක්ෂණය කෙබදු දැයි වටහා ගැනීමට ඉවහල් වන ප්‍රධාන අවස්ථා දෙකක් තිබේ . එයින් පළමු වැන්න සබරගමු පළාතට අයත් බලංගොඩ සමනළ වැව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උදුන් ය.ස්වභාවික පරිසරයේ පවතින යකඩ බහුල ගල් වලින් යකඩ ලෝහය වෙන් කර ගැනීමට නම් ඒවා අධික උෂ්ණත්වයට රත් කල යුතුය. යකඩ උණුවන්නෙ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1538දීය. මෙලෙස අධික උෂ්ණත්වයක් ලබා ගැනීමට නම් ඉතාම කාර්යක්ෂම තාක්ෂණයක් තිබීම අවශ්‍යය.
සමනල වැව යකඩ නිස්සාරණය කර තිබෙන්නෙ ක්‍රි .පු. තෙවන සියවසේ දීය. ඒ සදහා යොදාගෙන තිබෙන උදුන් දැල්වීමට භාවිතා කර ඇත්තේ ස්වභාවික සුළං බලයයි. කදු මුහුණතක ඉදි කර තිබෙන මෙම උදුන් කදු අතරින් ගලා එන සුළං මගින් පැය 12කට ආසන්න වෙලාවක් නොනිවී දැල්වේ. අදටත් වසරේ මෝසම් සුළං කාලයට සවස් යාමයේ එම ප්‍රදේශය හරහා හමන සුළං පසුදා පහන් වන තුරු අඛණ්ඩව හමා යයි. යකඩ සහිත ස්වභාවික ගල් කැබලි කොටා මැටියෙන් සකස් කල උදුන්වලට දමා ඒ මත අගුරු ද එක්කොට සවස් කාලයේ ගිනි දැල්වීමෙන් පසු ස්වභාවික සුළං බලයෙන් පසු දින අලුයම තෙක් ඇවිලී ඉන් යකඩ ඉවත් වේ. සමනල වැව යකඩ නිස්සාරණය කිරීමට භාවිතා කර තිබෙන්නේ ලිමොනයිට් හා හෙමටයිට් යන රසායන විද්‍යාත්මකව හදුන්වන ගල් වර්ගයයි. මෙම උදුන් දැල්වීමට යොදා ගෙන ඇත්තේ මරං නමින් හදුන්වන ගස් පුලුස්සා ලබා ගන්නා අගුරුය. අදත් ඒ පළාතේ මෙම ගස් වැවී තිබේ. මෙම ගස් වර්ග හැදින්වීමට යකඩමරං යන වචනයද භාවිතා කරයි.
සටහන
නෙත්මිණී අභයරත්න
💪💪 keep it up
ReplyDelete❤️❤️❤️
Delete