නොවිසදෙන අලි මිනිස් ගැටුම
නොවිසදෙන අලි මිනිස් ගැටුම
2019 වසර තුළ දී ලංකාවේ වාර්තාගත ලෙස අලි ඇතුන් 361ක් මියගොස් ඇති බව පරිසරවේදින් පවසති.මින් වැඩි ප්‍රමාණයක් මරා දමනු ලැබ ඇත්තෙ මිනිසුන් විසිනි . 1948 නිදහස ලැබීමෙන් පසු වසරකදී වැඩිම අලි ඇතුන් මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තෙ පසුගිය වසරේදී ය.ලංකාව තුළ මේ වන විට අලි ඇතුන් 7500ක් පමණ දිවි ගෙවන බව ඇස්තමේන්තු කර ඇත . ඔවුන් මරා දැමීම නීති විරෝධීය. කෙසේ නමුත් ඔවුන් වනාන්තර වලින් පිටතට පැමිණ ගම් වැදීම හේතුවෙන් අලි මිනිස් ගැටුම නිරන්තරයෙන් අසන්නට ලැබේ.
ලංකාව තුළ අලි ඇතුන්ට දැඩි ගෞරවයක් පළකෙරුණද , ඇතැම් ගොවීන් එම සත්ත්වයින් දකින්නෙ සිය වගා පාලු කරන කෘමීන් ලෙසය. අලි ඇතුන්ගේ මරණ වලින් 85% ක් සිදු වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ය .විදුලි වැට මෙන්ම ආහාරවල සගවා විවිධ විෂ වර්ග සහ පුපුරණ ද්‍රව්‍ය මෙම අලි ඇතුන්ට ලබා දීමට ඇතැම් ග්‍රාමීය පුද්ගලයෝ ක්‍රියා කරති.
අලිමරණ කොපමණ අසන්නට ලැබුනත් ඒවාට විසදුම් තවමත් හරියාකරව දක්නට නොමැත. බොහෝ අවස්තාවල ඇත් දළ ජවාරම්කරුවන් විසින් දළ ඇතුන්ට වෙඩි තබා දළ කපාගෙන යන අවස්තා එමටය .අසරණ හස්තින්ට සදාරණයක් ඉටු වන දිනයක් නම් දක්නට නොමැත .
වගා බිම් පාලු කිරීම නිසා විෂ ලබා දීමෙන් ඝාතනය කළ බවට සැක කළ හැකි අලි හත්දෙනෙකගේ මෘත ශරීර රක්ෂිතයක තිබී පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මස දී සොයාගත් බව වාර්තා වුනි . ගම්මාන සහ වගාබිම් ව්‍යාප්තවීමත් සමග සතුන්ට ආහාර සහ ජලය හිග වීම ඔවුන් ගම් වැදීමට ප්‍රධාන හේතුව වී තිබේ. වනාන්තර සහ ගම් මායිම් අතර විදුලි වැට ඉදිකර මෙම ප්‍රස්නයට විසදුම් ලබා දෙන බව බලධාරීහූ බොහො අවස්තාවල පවසා ඇත .
නමුත් රක්ෂිත ප්‍රදේශවල තත්ත්වය ඉහළ නැන්වීමට රජය මැදිහත් වී ක්‍රියා කළ යුතු ය. අලි ඇතුන් දිවි ගෙවන ප්‍රදේශවල ඔවුන් ආහාරයට ගන්නා තෘණ වර්ග වසාගෙන පැතිරෙන වල් පැළැටි ඉවත් කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මින් එක් අරමුණක් බව දක්වා ඇත. වන අලි ගමන් කිරිමේදී දුම්රිය වල ගැටීමෙන් මරණ සිදුවන අතර ,අන් අය ස්වභාවික හේතු මත මිය යයි.
සංචාරක ව්‍යාපාරයෙ යෙදවීමට සහ උත්සවවලට ඉදිරිපත් කිරීම සදහා හීලෑ කළ අලි ඇතුන් බොහෝ දෙනෙකු ලංකාවෙ විවිධ ස්තානවල රදවාගෙන සිටී.අලි මිනිස් ගැටුම් සම්බන්ධයෙන් දැනුම් දීමට 1992 නමින් නව දුරකථන අංකයක් හදුන්වා දී තිබේ. 1992 ඇමතීමෙන් අදාළ පුද්ගලයාට වනජීවි කර්යාලය සම්බන්ධ කර ගැනීමට හැකි වේ. දුරකථන අංකය දවසේ පැය 24 පුරාම විවෘත බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටි.
වන අලීන් ගම් වැදීම , වගාබිම් විනාශ කිරීම , පහරදීම ඇතුලු අලීන්ගෙන් වන ඕනෑම උවදුරක් මෙම දුරකථන අංකයට දැනුම් දීමේ හැකියාව ඇත. එම ඇමතුම්වලට ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටි.බොහෝ අවස්තාවල හක්කපටස් වලට අලි පැටවුන් ගොදුරු වන අවස්තා දක්නට ලැබේ . වර්තමානයේ අලි රෝහල වැසි යාමේ අවදානමක පවතින බව බලධාරීන් පවසා සිටි. එමෙන්ම පරිසරයට කුණු කසළ විශාල ලෙස බැහැර කරමින් පවති මෙම කුණු ආහාරයට ගැනීමට අලින් පුරුදුව සිටී මෙය ඉතා කණගාටුදායක දෙයකි.
අලි මිනිස් ගැටුම් නිසා අලින් මෙන්ම මිනිසුන්ද පීඩා විදින බව සැබෑවකි . නමුත් අලි වාසභූමි අහිමි වීම වනාන්තර එලි කිරීමට මේ හස්ති රාජයන් නිකරුණේ වන්දි ගෙවිය යුතුය ද ? ඔවුන්ගේ භූමිය අහිමි වීමට වගකිව යුත්තේ මිනිසාමය .
Comments
Post a Comment