හරිත ලොවට වින කරන හරිතාගාර ආචරණය
හරිත ලොවට වින
කරන හරිතාගාර
ආචරණය
මිනිස් ක්‍රියාකාරකම් නිසා ජගත් පරිසරයටත් ,සොබා සම්පත් වලටත් අසීමිත මෙන්ම දරාගත නොහැකි තරමේ පීඩා ඇතිවීමෙන් පවතින බවත් මේවාට නිසි විසදුම් නොයෙදුවොත් මිනිසාගේ මෙන්ම ගස් වැලද සෙසු සියලු සත්ත්වයින් ගේද අනාගතෙ අදුරේ හෙලන අන්දමේ විනාශයක් නුදුරින් ම එළඹෙනු ඇති බවත් පර්යේෂකයන් ලෝක නායකයන්ට හා වැසියන්ට අනතුරු අගව ඇත.
1992 ජගත් මිහිතල සමුළුව තුලින් ජීවය ලැබ 1997 දෙසැම්බර් 11 වන දින එළි දක්වන ලද කියොකෝ සම්මුතියට 2007 ජුනි මස වන විට අත්සන් කර ඇත්තේ ලොව රටවල් 194න් රටවල්172ක් පමණි . හරිතාගාර වායු විමෝචනය අඩු කරගැනීමෙ අරමුණින් ඉදිරිපත් කරන ලද මෙම සම්මුතිය තුලින් සිය රට මගින් නිදහස් කෙරෙන හරිතාගාර වායුන් ප්‍රමාණයක් කපා හැරීමට එකගත්වය පළ කරමින් නීතිමය බැදීමකට ඇත්තෙ එම රටවල් වලින් රටවල් 35ක් පමණි.
ස්වභාවික හරිතාගාර වායුන්ගෙන් සමහරක් ස්වභාවික ක්‍රියාවලීන්ට අමතරව මානව මූලික ක්‍රියාකාරකම් නිසාද විශාල ප්‍රමාණයක් වායුගෝලයට නිදහස් වේ. පෘථිවි වායුගෝලයේ දක්නට ලැබෙන ප්‍රමුඛ අධෝරක්ත කිරණ අවශෝෂක වායු වන්නේ ජල වාෂ්ප , කාබන්ඩයොක්සයිඩ් හා ඕසොන් වායුවයි. ඒසේම මේවා ප්‍රමුඛ අදෝරක්ත කිරණ විමෝචක වායුන්ද වේ. වළාකුළු තුලද අධෝරක්ත කිරණ අවෂෝෂක හැකියාව පවති. අනෙක් සැළකිය යුතු අධෝරක්ත කිරණ අවශෝෂක වායුන් වන්නේ මීතෙන් , නයිට්‍රජන් ඔක්සයිඩ් ,ක්ලොරෝෆුලුරෝ කාබන් ය.
මෙම හරිතාගාර වායුන් අතර ඉදිරියෙන්ම සිටින්නෙ මිහිතලය මත ජීවයට අතිශයින් වැදගත් වන කාබන්ඩයොක්සයිඩ් වායුවයි. සෑම වසරකම මානව මූලික ක්‍රියාකාරකම් නිසා කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 30කට අධික ප්‍රමාණයක් වායු වායුගෝලයට එක් වන බව ගණන් බලා ඇත . මෙය කාර්මික විප්ලවයට පෙර සමයෙහි තිබූ අගයෙහි 30% ක වැඩිවීමක් පෙන්වයි. මේසේ මුක්ත කෙරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් 25% කට දායක වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.
ස්වභාවික කාබන් සුරක්ෂිත ලෙස සැළකෙන වනාන්තර විනාශ කිරිම නිසාද වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය හානි වන තරමට කාබන්ඩයොක්සයිඩ් චක්‍රීකරණය හැකියාවද පහත වැටේ . විද්වතුන්ගේ මතය අනුව මිහිතලය ස්වභාවික උණුසුම් වීමකටද බදුන් වේ .මේ නිසා දෛනික ස්තායි උෂ්ණත්වය වසරකට සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 0.03 කින් පමණ වැඩි වේ.
හරිතාගාර ආචරණය නිසා මේ ක්‍රියාවලිය වේගවත් වී ඇත . වසර 2100 වන විට පෘථිවියේ මද්‍යන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3කින්ද සාමාන්‍ය වායු උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.5කින්ද පමණ වැඩි වෙතැයි ගණන් බලා ඇත.
හරිතාගාර ආචරණය නිසා සිදුවන්නෙ පරිසරයෙ උණුසුම ඉහළ යාම පමණක් නොවේ. උෂ්ණත්වය ඉහළ යාම වර්ෂාපතන රටා කෙරෙහි වක්‍රව බලපායි .වායුගෝලිය උෂ්ණත්වය ඉහළ යන විට එයට වැඩි වාෂ්ප ප්‍රමාණයක් උසුලා සිටිමට හැකිවීම හේතුවෙන් වර්ෂාවෙ තීවුරතාවය වැඩිවේ. වර්ෂාපතනයේ හා උෂ්ණත්වයේ සංකලනයෙන් බිහිවන දේශගුණික සීමා මායිම් වලද මේ නිසා වෙනස්කම් ඇතිවේ. සමකාසන්න ප්‍රදේශ වලට ධාරානිපාත කෙටි වැසි කාලයක්ද අධික නියං කාලයක්ද ඇතිවිය හැකි බවට විද්වතුන් කී ආකාරයටම පසු ගිය දසක දෙක තුළ වර්ෂාපතනය හා නියං කාලයක් පිළිබද දත්ත වලින් පැහැදිලි වේ.
එපමණක් නොව දේශගුණික වෙනස්කම් කෘෂිකාර්මික කටයුතු වලට දැඩි බලපෑම් එල්ල කරයි. උෂ්ණත්වය ඉහළ යාම නිසා මෙතෙක් වගාවට නුසුදුසුව තිබූ ශීත ප්‍රදේශ කෘෂිකාර්මයට යොදා හැකි නමුත් සමක ප්‍රදේශ වල උෂ්ණත්වය ඉහළ යාම නිසා පළිබෝදක වැඩිවීම , වල් පැළැටි හා සත්ත්ව රෝග බහුලවීම ආදී අවාසිදායක ප්‍රවණතා ඇති වේ. හරිතාගාර ආචරණය භූ ගත ජල සම්පත් හා වෘක්ෂලතා කෙරෙහි ද බලපෑම් එල්ල කරයි . මේ අතර වඩාත්ම බලගතු වෙනසක් වන්නෙ සාපේක්ෂ මුහුදු මට්ටම 30cm - 3m දක්වා වෙනස් විය හැක.මුහුදු ආසන්නයේ පහත් බිම් ජලයෙන් යටවීම හා එම ප්‍රදේශ වලින් ජනාවාස ඉවත් කර ගැනීමටද සිදු වේ.
සටහන
නෙත්මිණී අභයරත්න
Comments
Post a Comment