උණුදිය උල්පත්
උණුදිය උල්පතක් හෝ ගීසර් (geyser) ලෙස හැදින්වෙන හුමාල උල්පතක් ඇතිවන ආකාරය පිළිබදව බොහෝවිට ඔබ තුළ කුතුහලයක් තිබෙන්නට පුලුවන් ලෝකය පුරා විවිධ රටවල උණුදිය උල්පත් ඇති අතර මින් එක්සත් ජනපදය , කැනඩාව , අයිස්ලන්තය , ඉතාලිය , ජපානය හා නවසීලන්තය ප්‍රධාන වේ. ඇමරිකාවෙ යෙලෝ ස්ටෝන් ජාතික වනෝද්‍යානයේ ඇති " ඔල්ඩ් ෆේන්ෆුල් " ලෙස හැදින්වෙන වතුර මලක් මෙන් ඉහළට උණු ජලය හා හුමාලය විදින හුමාල උල්පත ලෝ ප්‍රකට වේ.
පොලොවෙ මතුපිට ආසන්නයේ ඇති මැග්මා හෝ මැග්මා නිසා දැඩි ලෙස උණුසුම් වන පාෂාන අතරින් ගමන් ගන්නා භුගත ජලය , රත්වීම නිසා ඝනත්වය අඩුවීමෙන් උණුදිය ලෙස ඉහළට පැමිණෙනව . ඒ අනුව උණුදිය උල්පත් ඇතිවීම සදහා කාරණා කිහිපයක් එකට සමානුපාත විය යුතුය .
පොලොවෙ මතුපිට ආසන්නයේ මැග්මා ( උණු වී දියාරුවන පාශාණ - මේවා ලාවා ලෙස හැදින්වේ) තිබීම හෝ එම මැග්මා නිසා දැඩි ලෙස රත් වූ පාශාණ තිබීම - එනම් තාප මුලාශ්‍රයක් තිබීම .
මේ මැග්මා හෝ රත් වූ පාශාණ තුලින් ගලා යා හැකි
භූගත ජල සංචිතයක් තිබීම ( aquifer ) - එනම් ජල මූලාශ්‍රයක් තිබීම
එම ජලයට උල්පතක් ලෙස පොලොව තුලින් ඉහලට පැමිණීමෙ මාර්ගයක් සැකසී තිබීම යන කරුණුයි .- එනම් රත්වූ ජලයට පොලොව මතුපිටට පැමිණිමට මාර්ගයක් තිබීම
ලංකාවේ උණුවතුර ළිං
ගෝමරන්කඩවල (ත්‍රිකුණාමලය ) උෂ්ණත්වය
සෙ.ගේ :42
කින්නියා ත්‍රිකුණාමලය ) ත්‍රිකුණාමලය ) උෂ්ණත්වය
සෙ.ගේ :42
නෙලුම්වැව (මනම්පිටිය) මධ්‍ය උෂ්ණත්වය
සෙ.ගේ :63
මුතුගල්වෙල ( මාදුරුඔය ජාතික උද්‍යානය තුල)
කපුරැල්ල - උෂ්ණත්වය
සෙ.ගේ :55
මහ ඔය - උෂ්ණත්වය
සෙ.ගේ :56
මරන්ගල (පදියතලාව ) උෂ්ණත්වය සෙ.ගේ :44
මදුනාගල ( මහපැලැස්ස - හම්බන්තොට ) උෂ්ණත්වය සෙ.ගේ 44
ලංකාවේ උණුදිය උල්පත් එකක් හැර සියල්ල ස්ථානගතව ඇත්තේ නැගෙනහිර පළාතේ ය. මදුනාගල දකුණු පළාතට අයත් වේ .භූ විද්‍යානුකූලව මෙම උණුදිය උල්පත් පිහිටා ඇත්තේ හයිලන්ඩ් සංකීර්ණය හා ඊට මායිම්ව පිහිටි නැගෙනහිර විජයානු සංකීර්ණය නම් කාණ්ඩයන් දෙක එක්වන මායිම ඔස්සේය . උණුදිය උල්පත් වලින් එන ජලය බොහෝවිට භාෂ්මික වන අතර ආම්ලික උණුදිය උල්පත් ද ඇත . කින්නියා මදුනාගල උණුදිය උල්පත් දෙකම දල භාෂ්මික ගුණයක් පෙන්වන බව PH පර්යෙෂණ වලින් සනාත වී තිබෙ.
වැඩිම උෂ්ණත්වය තියෙන උණුදිය උල්පත තියෙන්නෙ පොලොන්නරුව මනම්පිටිය . මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: 63ක් . වැව මැද්දෙ පිහිටා තිබෙන දූපතක අඩි 100ක් ගැඹුරට කොන්ක්‍රීට් නල දාලා ළිදක් ලෙස සැදීමට මහවැලි අධිකාරිය විශාල වෙහෙසක් දරා ඇත. විද්යාන්යයින් පවසන්නෙ මේ උණුදිය කිලෝමීටර් 2ක පමණ ගැඹුරක සිට පැමිණෙන බවයි . මේ ළිදේ ජලය තප්පරයට ලීටරයක් උණනව යැයි ද පවසා සිටි. මෙහි පවතින සල්ෆර් ලවණ ඉතා ගුණදායක බවටද විශ්වාසයක් පවති.
Nice article akke 😍😍😍
ReplyDelete