නාගරික අඩු ආදයම්ලාබී ජනාවාස


නාගරික අඩු ආදයම්ලාබී ජනාවාස


එක්සත් ජාතින්ගේ නියෝජිත ආයතනයක් වන UN HABITAT දක්වන ලෙස මුඩුක්කු යනු නගරයක දුර්වල ප්‍රදේශයක් වන අතර ඒවායෙහි බාල තත්ත්වයේ නිවාස සහ පැල්පත් මෙන්ම නිවාස අයිතිය නොමැති වීම ආදි ලක්ෂණ සහිතය. එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුව ලොව පුරා බිලියන 1ක ජනගහනයක් මුඩුක්කු වල ජීවත් වේ. 2030 වන විට එම ප්‍රමාණය බිලියන දෙකක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මොවුන් නාගරික සමාජය තුළ ජීවත් වන විශේෂ සමාජ කොටසක් ලෙස දැකිය හැකිය. මුඩුක්කු හා පැල්පත් වල දක්නට ඇති සමාජ ව්‍යුහය නගරයේ ආර්ථිකය හා දුගීබාවය පදනම් කොටගෙන සැකසී ඇත. අද වන විට ඇමරිකාවෙ චිකාගෝ නගරය ආදී ඉහළ ආදයම් රටවලත් මුඩුක්කු වර්ධනය වී ඇත. මෙම පැල්පත් නිවාස බොහෝ විට නගර පර්යන්තයේ ගොඩනගන අතර ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් වලින් යුක්ත නොවේ.
විශේෂයෙන් මෙම මුඩුක්කු හා පැල්පත් වාසින්ට ඔවුන්ට ආවේණික සංස්කෘතියක් දැකගත හැකිය . එම සංස්කෘතියට අනුගත්වීමෙන් මේ වැසියන් නොයෙක් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සහ අපරාධ වලට යොමු වීමෙ ඉහළ අනුපාතයක් පවතී. බොහෝ මුඩුක්කු වැසියන් අවිධිමත් ආර්ථික කටයුතු වල නිරත වේ . එනම් මොවුන් මත්ද්‍රව්‍ය ජවාරම , ගණිකා වෘත්තිය , මංකොල්ල කෑම අවිධිමත් ආර්ථික කටයුතු වලට යොමුවීමෙන් විවිධ සමාජ ගැටලු උද්ගතව ඇත. වෙනත් ගැටලු සහගත තත්ත්වයන් ලෙස බාල අපරාධ , පාසල් හැරයාම , අපිරිසිදු පරිසරය හා සෞඛ්ය පහසුකම් නොමැතිවීය.
නාගරික අඩු ආදයම්ලාබී ජනාවාසයක ලක්ෂණ
  1. මුඩුක්කු සහ පැල්පත් වල පවුලකට අයිති පුද්ගල සංඛ්‍යාව අධික වීම
  2. දුර්වල නිවාස තත්ත්වය
  3. මුඩුක්කු සහ පැල්පත් වල පෞද්ගලිකවත්වයක් නොමැත .
  4. අපරාධ වල ඉහළ අනුපාතය
  5. වතුර , වැසිකිළි පහසුකම් ආදි පොදු පහසුකම් වල හිගතාවයක් පැවතීම
  6. රැකියා ව්‍යුක්තිය
  7. සාක්ෂරතාව අවම වීම
ඉන්දියාව සලකා බැලු විට 60%කට වැඩි කල්කටා , බොම්බෙ , කාන්පූර් , නාගපූර් , ආදී ප්‍රදේශ . තනි කාමරයක ජීවත් වන පුද්ගලයන් සංඛ්‍යාව 4-10 තරම් වේ. ලොව විශාලම පැල්පත් නගරය ලෙස මෙක්සිකෝවේ "Neza chalco- ltza barrio" හැදින්වේ. එමෙන්ම ආසියාවේ විශාලතම පැල්පත් නගරය පකිස්ථානයේ කරච්චි නුවර " ඔරන්ගි " වන අතර අප්‍රිකාවේ කෙන්යාවේ නයිරෝබි නුවර "කිබේරා" නගරය විශාලතම පැල්පත් නගරය වේ. ලංකාවේ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් මුඩුක්කු හා පැල්පත් බහුලව දක්නට ලැබේ .
කොළඹ නගරයේ බටහිර , උතුරු , දකුණ යන නගරබද ප්‍රදේශ තුළ මෙම ජනයාගේ වාසස්ථාන වැඩි වසයෙන් දක්නට ලැබෙන අතර මාළිගාවත්ත , කිරුලපන , මෝදර , මට්ටක්කුලිය , ග්‍රෑන්ඩ්පාස් ආදි ප්‍රදේශ දැක්විය හැක.
නාගරික අඩු ආදයම්ලාබීන් නැවත් පදිංචි කර නිවාස පහසුකම් සැපයීම යටතේ රජය මහල් නිවාස ව්‍යාපෘති දියත් කර ඇත . මෙම ව්‍යාපෘතිය යටතේ දෙමටගොඩ " මිහිදු සෙත්පුර " , කොළඹ 08 පිහිටි "සිරිසර උයන " නිවාස ව්‍යාපෘතින් නිමවා ජනතාව පදිංචි කරවා ඇත.
ලංකාවේ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් මුඩුක්කු හා පැල්පත් බහුලව දක්නට ලැබන අතර ඒ තුළ ඊට ආවේණික උප සංස්කෘතියක් දැකිය හැක. කුඩු ජවාරම ප්‍රධාන කරගත් අපරාධ රැල්ලක් සහ පාතාල ක්‍රියාකාරකම් සදහා හොද තෝතැන්නක් නිර්මාණය කරන බව පෙනී යන අතර මෙය අනාගතේ මුලු මහත් සමාජය වෙලා ගන්නා පිළිලයක් වනු ඇත.
සටහන
නෙත්මිණී අභයරත්න




















Comments

Popular posts from this blog

සීගිරියේ ජල උද්‍යාන තාක්ෂණය

වලාකුළු

පෘථිවියේ පෙනහලු ඇමසන් වැසි වනාන්තරය