හුණුගල් අරණ මැද වවුලන්ගෙ පාරාදීසය වවුල්පනේ
ලංකාවේ පැරණිම හුණුගල් ගුහාව මෙන්ම අභ්‍යන්තර දිය ඇල්ලක් තිබෙන අපුරු නිමැවුමක් ලෙසින් වවුල්පනේ හුණුගල් ගුහාව හැදිවිය හැකියවවුල්පනේ වන ගහණය වැවී ඇත්තේ වර්ග සැතපුම් 20 කට වැඩි ප්‍රදේශයක් පුරා පසට යටින් විහිදෙන සුවිසල් හුණුගල් පර්වතයක් මතුපිට වූ පස් තට්ටුව මතය .වසර බිලියන 500 පමණ පැරණි මෙම මයෝසීන හුණුගල් පර්වතය තුළ දිගු කලක් තිස්සේ ජලය ගලා යෑමෙන් සෑරුණු හුණුගල් ගුහා සොබා දමේ අපුරු නිර්මාණයන් ය.
මුහුදු ජීවින්ගෙන් සම්බවය වූ ස්පටික බවට පත් වූ හුණුගල් ද මෙම ගුහා ආසන්නයේ දක්නට ඇති අතර මෙම පෙදෙස් දුරාතිතයේදි මුහුදු පතුලකට අයත්ව තිබූ බව ඉන් පැහැදිලි වෙයි.
හුණුගල මත මුහුදු පැළැටි , කොරල් වර්ග ,ස්පොන්ජි, හා කුඩා මුහුදු ජිවීන්ගේ ෆොසිල ඇති ස්ථාන හදුනාගෙන තිබේ. හුණුගල තුල අඩක් ගිලී ඇති ප්රාග් ඓතිහාසික සත්ත්වයෙකුගේ පොසිලයක් ද ඇති බව පැවසේ .හුණුගල දැඩි සම්පීඩනයට ලක්ව රෝස හා සුදු පැහැයෙන් යුක්ත පලිගුමය තතවයට පත් වු කලාප දක්නට ලැබේ .
මෙහි අද්විතීය ලක්ෂණයක් වන්නේ මුහුදු වෙරලෙන් සැතැපුම් සිය ගණනක් ඈතින් පිහිටීම සහ මයෝසීන හුණුගල් හා ස්පටික බවට පත් වූ හුණුගල් එකනෙකට ආසන්නව පිහිටීමයි . මයෝසීන හුණුගල් හා ස්පටික බවට පත් වූ හුණුගල් එකිනෙකට මෙතරම් ආසන්නව පිහිටී ලොව එකම ස්ථානය මෙය බව පැවසේ .
වවුල්පනේ වන ගහණය
වවුල්පනේ වන ගහණය තෙත් හා අතරමැදි කලාපීය වෘක්ෂලතාවන්හී ලක්ෂණ දක්වයි. හුණුගල මත වූ කාබනික පස් තට්ටුව මත වනාන්තරය වැවී තිබේ.ගුහාවෙන් කිමි දෙකක පමණ දුරකින් මඩු ගස් 3000-4000 පමණ සමන්විත මඩුහේන් යාය නම් මඩු කැලයක් දක්නට ලැබේ.
වවුල්පනේ ජෛව විවිධත්වය
හුණුගල් ගුහාව ආසන්නයේ සමනල් වර්ග 13ක්ද ,මිරිදිය මත්ස්‍ය වර්ග 4ක්, උභයජීවී වර්ග 2ක්
උරග වර්ග 9ක්, පක්ෂි වර්ග 56ක් , ක්ෂීරපායි වර්ග 10ක් වාර්තා වි ඇත. මෙම සත්ත්ව වර්ග අතරින් එක් මිරිදිය මත්ස්‍ය වර්ගයක් ,එක් උභයජීවී වර්ගයක් පක්ෂි වර්ග 5ක් තර්ජනයට ලක්වී සිටින බව වාර්තා වී ඇත. මෙම පෙදෙසේ දක්නට ලැබෙන තුරු ලතා අතර ඇටඹ, හවරි නුග, රුක් අත්තන,
පුවක් ,කිතුල්,තල් , ගොරක,කුඹුක් , කළුවර,දේවදාර
වීර, ගම්මාලු, ලුණු මිදෙල්ල ,උණ,කොහොඹ
වවුල්පනේ වවුල්ලු
ගුහා ටැබට පිවිසෙන ආගන්තුකයෙකුට ආලෝකයෙපහසින් කැළඹි ඒ මේ අත පියාඹන මෙම ගුහාවෙ උරුමක්කාරයන් ගේ සම්න් තණුනු තටු පහරක් වදින්නට ද ඉඩ තිබේ. මෙම ගුහාව වවුලන් දස ලක්ෂයකට පමණ වාසභූමිය වන බව පැවසේ . වවුලා යනු බොහො විට ජන සම්ප්රදාය තුළ අනාදරයට ලක් වූ සතකු වුවත් එම සතුන්ට පරිසරය තුළ පැවරී ඇති කාර්ය වැදගත් වේ. වවුල්පනේ වන රක්ෂිතයේ වැදගත්කම අතින් ප්රාග් ඓතිහාසික යුගයට අප කැදවාගෙන යන ඉහළ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති හුණුගල් ගුහාවන්හි පිහිටිමයි .වසර මිලියන 500 පමණ ඉතිහාසයක් හිමි වවුල්පනේ හුණුගල් ගුහා සමුහය ලංකාවට හිමි වූ සොබාදහමෙ අද්විතීය නිර්මාණයකි.
Comments
Post a Comment