තල්මස් දඩයම
තල්මස් දඩයම
තල්මසුන් දඩයම සම්බන්ධ ජත්‍යන්තර කොමිසම (international whaling commission (IWC) විසින් එම කොමිසමට අදාළ රටවලට තල්මසුන් දඩයම් කිරීම තහනම් කරන්නෙ 1986 වසරේදී ය. ඒ සමහර තල්මසුන් වර්ග වදවීගෙන යාමේ තර්ජනයකට මුහුණ පෑම හේතුවෙන් 1946 වසරේදී තල්මසුන් දඩයම සම්බන්ධ ජත්‍යන්තර කොමිසම ආරම්භ වන්නෙ තල්මස් දඩයම නියාමනය පිළිබද ජත්‍යන්තර සම්මුතිය (international convacation for the Regulation of whaling ) නිර්මාණය කිරීමටය. 1946 වසරේ දෙසැම්බර් 2වන දා එම සම්මුතියට රටවල් සමූහයක් විසින් අත්සන් තබනව . ඒ ඇමරිකාවෙ වොෂින්ටනයේදී . වර්තමානයේ මෙහි සමාජික රටවල් සංඛ්‍යාව 89ක් පමණ වේ.
එම කොමිසම විසින් සමාජික රටවල් විසින් සිදු කෙරෙන වෙළෙඳාම සදහා තල්මසුන් දඩයම් කිරීම සම්පූර්ණයෙන් තහනම් කරන්නෙ 1986 වසරේදී ය. 1986 වසරෙන් පසුවත් විවිධ ව්ද්‍යාත්මක පරීක්ෂණ සදහා ජපානය තල්මසුන් දඩයම් කරනව.එම දඩයම බොහෝවිට ක්‍රියාත්මක වන්නෙ උතුරු ශාන්තිකර සාගරයේ හා දකුණුදිග සාගරයේ . එම විද්‍යත්මක ව්‍යාපෘතිය ජපානය විසින් හදුන්වා දී ඇත්තෙ JARPA හා JARPAN ලෙසයි . එම ව්‍යාපෘතිය විවේචනය කරන අනෙකුත් රටවල් පවසා සිටින්නෙ පරීක්ෂණ සදහා බව පවසමින් ජපානය තල්මසුන් වෙළෙඳාම කරන බවයි. මෙම ක්‍රියාවලිය දැඩි ලෙස හෙළා දකින එක්සත් ජාතින්ගේ සංවිධානය 2014 වසරේදී ජපානයේ එම පරීක්ෂණ සීමා කිරීමට කටයුතු කරනව . ඊට අමතරව පරීක්ෂණ මුවාවෙන් තල්මසුන් දඩයම් කිරීම නීති විරෝධී බව එම වසරේදී හේග් ජාත්‍යන්තර අධිකරණය නිවේදනය කරනව. 1951 සිට මෙම කොමිසමේ සමාජිකත්වය දරන ජපානය 2018 වසරේදී එම කොම්සමෙන් තම රට ඉවත් වන බව නිවේදනය කරනව. පසුව ජපානය නැවතත් වාණිජමය වශයෙන් තල්මසුන් දඩයම් කිරීම ආරම්භ කරනවා.
ජපානය පවසන්නෙ තල්මසුන් ආහාරයට ගැනීම ඔවුන්ගේ සංස්කෘතියේ කොටසක් බවයි. තල්මසුන් ආහාරය සදහා යොදාගැනීමට ජපන් ජාතිකයන් දැඩි රුචිකත්වයක් දක්වනව . එහි ගවමස් වලට වඩා පස්ගුණයකින් කැලරි ප්‍රමාණය අඩු වන බවත් , දස ගුණයකින් කොලොස්ටරෝල් අඩු බවත්, කුකුළු මස් වලට වඩා දෙගුණයක් කොලෙස්ටරෝල් අඩු බවත් ජපන් ජාතිකයන් පවසනසනව . ඒවා ජපාන ආපනශාලාවල ඉතා ජනප්‍රියයි . මේ පිළිබදව විවේචනය කරන අනෙකුත් රටවල් හා සංවිධාන තල්මසුන්ගේ රසවත්බාවය නොදන්නා බවයි බොහෝ ආපනශාලා කෝකිවරුන් BBC ප්රවෘත්ති සේවයට පවසා තිබෙන්නෙ .
ජපානයේ තල්මසුන් දඩයම් කරන්නන්ගේ කුඩා පරිමාණ සංවිධානයට අනුව මේ වසරේ අවසන් වන විට ඔවුන්ගෙ ඉලක්කය වන්නෙ 200කට අධික තල්මසුන් ප්‍රමාණයක් දඩයම් කිරීමයි.
මේ වනවිට තල්මසුන් වේගයෙන් වදවීගෙන යාමේ තර්ජනයකට මුහුණ පා සිටි මෙය ඉතා කණගාටුදායක තත්ත්වයකි .මේ සදහා ක්‍රියාමාර්ග නොගතහොත් තල්මසුන් දඩයම දිගින් දිගටම සිදුවනු ඇත.
👍
ReplyDelete👍💚
Delete