Posts

අලි අන්දරය

Image
  අලි අන්දරය  අලියා යනු පෘථිවියේ විශාලතම ගොඩබිම් ක්ෂිරපායි සත්ත්වයා වේ. අලින්ගේ හොඩවැල භාවිතා කරන්නේ කුංචනාදයෙන් අනතුරු ඇගවීමට, වෙනත් අලීන්ට ආචාර කිරීමට , පානය කිරීමට හෝ ස්නානය කිරීමට ජලය උරා ගැනීමටත් වේ. අලි ඇතුන්ගේ දළ අලියාගෙ ශරීරය ආරක්ෂා කර ගැනීමට වස්තූන් එසවීමට සහ ගෙනයාමට ආහාර එකතු කිරීමට සහ ගස් වලින් පොත්ත ඉවත් කිරීම සදහා භාවිතා කරයි. භූ ගත ජලය සෙවීම සදහා ද වල වල් හැරීමට නියග කාල වලදී භාවිතා කරන බව සොයා ගෙන ඇත. ජානමය වශයෙන් වෙනස් අප්‍රිකානු අලි විශේෂ දෙකක් සිටී. සවානා අලි සහ වන අලි වේ. අප්‍රිකානු සාවානා අලියා විශාලතම අලි විශේෂය වන අතර ආසියානු අලි ඇතුන් ඔවුන්ගේ අප්‍රිකානු අලින්ගෙන් විවිධාකාරයෙන් වෙනස් වන අතර ඔවුන් අතර භෞතික වෙනස්කම් 10කට වඩා තිබේ. අප්‍රිකානු විශේෂයේ විශාල පංකා හැඩැති කන් හා සසඳන විට ආසියානු අලි ඇතුන්ගේ කන් කුඩාය.අප්‍රිකානු අලි ඇතුන්ගේ ඇත් දළ වැඩෙන අතර ආසියානු අලි ඇතුන් කිහිප දෙනෙකුට පමණක් ඇත් දළ ඇත.    වැඩිහිටි ඇතුන්ගේ නායකත්වයෙන් අලි ඇතුන් ගැහැණු සතුන් හා පැටවුන්ගේ සංකිර්ණ සමාජ ව්‍යුහයන් ලෙස සංවිධානය වී ඇති අතර පිරිමි අලි හුදකලාව හෝ කුඩා කණ්ඩායම...

Pink Lake

Image
  සොබාදහමේ විශ්මිත  නිර්මාණය   Pink Lake  විලක් යනුවෙන් සදහන් කළවිට අප සියලු දෙනාට මතක් වෙන්නේ නිල් පැහැති ජලය පිරුණු ස්ථානයකි. නමුත් ඕස්ට්‍රේලියාව තුළ පිහිටා ඇති හිලියර් නැමැති විල එසේ නොවෙයි. එහි ජලය නිල් පැහැය වෙනුවට රෝස පැහැයක් ගෙන ඇත.  ඕස්ට්‍රේලියාවේ සුන්දරත්වය වැඩි කරන ස්වභාවික දායාදයක් ලෙස මෙම රෝස පැහැති විල හදුන්වා දියහැකිය.මෙම හිලියර් විල පිහිටා ඇත්තේ බටහිර ඕස්ට්‍රේලියාවේ දකුණු දිග වන්නට පිහිටි මිඩ්ල් අයිලන්ඩ් නැමැති දූපත තුළය. සාගරයට ආසන්න වන්නට පිහිටා ඇති මෙම විල 600m පමණ දිගින් යුක්ත වන අතර පළල 250m ක් වේ. මෙම විල පළමුවරට සොයාගෙන තිබෙන්නේ නාවිකයෙකු වූ මැතිව් ෆයින්ඩර් විසින් 1802 වසරේදී ය. ඔහු ඒ අසල තිබූ උස කන්දකට නැගිවිට ඔහුට රෝස පැහැයෙන් යුතු මෙම විල දකින්න ලැබී අතර ඔහු විසින් ඒ පිළිබදව ඔහුගේ දිනපොතෙහි සටහනක් තබා ඇත . මෙම විල අසල සිට බැලූ විට එතරම් අලංකාර නොවුවද  ඉහළ සිට බලන විට එය ඉතාමත් චමත්කාර ජනක දර්ශනයක් වේ.  මෙහි පිහිටීම පිළිබදව සලකා බලන විට එය අවට කපුරු වැනි ගස් වලින් සමන්විත වන අතර එහි උතුරු දෙසින් පිහිටා තිබෙන්නේ පැසිපික් සාග...

ඊශ්‍රායලය රකින යකඩ පළිහ Iron Dome

Image
  ඊශ්‍රායලය රකින යකඩ පළිහ  ( Iron Dome) අයන් ඩෝම් යනු ඊශ්‍රායලය තුළ ක්‍රියාත්මක වන විශාල මිසයිල ආරක්ෂණ පද්ධති ගණනාවකින් කොටසකි. තමා වෙත පැමිණෙන රොකට් හදුනාගැනීමට එම පද්ධතිය රේඩාර් භාවිතා කරන අතර ඒවා බිද හෙලීමට මිසයිල දෙකක් විදිනු ලබයි. එම තාක්ෂණයට ගොඩනැගිලි ප්‍රදේශ වෙත පැමිණිය හැකි සහ ඉලක්කය මග හැරුණු මිසයිල  වෙන් වෙන්ව හදුනා ගැනීමට හැකියාව ඇත.  අයන් ඩෝම්  ගුවන් ආරක්ෂන පද්ධතිය 2011 වසරේදී භාවිතාවට ගත් අතර එහි සාර්ථකත්වය සීයට අසූවකට වැඩිවෙන බව මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ පර්යේෂකයන් සදහන් කලේය. මෙමගින් පුළුල් පරාසයක විහිදෙන වක්‍ර හා ඍජු ගුවන් ප්‍රහාරයන් වළක්වාගෙන ඉදිරි මෙහෙයුම් කදවුරු සේම නාගරික ප්‍රදේශ ආරක්ෂා කළ හැකිය.  මෙහි ප්‍රධාන පද්ධතීන් තුනක් ඇති අතර එම පද්ධතීන් එකට එක්ව අවශ්‍ය ප්‍රදේශයට ආවරණයක් සපයමින් විවිධ තර්ජන පාලනය කරනු ලබයි. එහි එලාර්ම් පද්ධතියක් හා ලුහුබැදීමේ රේඩාර් පද්ධතියක් තිබෙන අතර එමගින් පැමිණීමට නියමිත අනතුරු පිළිබඳ පෙර දැනුම් දීමක් සිදු කරනු ලබයි. එපමණක් නොව ආයුධ පාලනය කරන ක්‍රමවේදයක් හා මිසයිල ප්‍රහාරයන් එල්ල කිරීමේ පද්ධතියකින්ද  අය...

සීගිරියේ ජල උද්‍යාන තාක්ෂණය

Image
 සීගිරියේ ජල උද්‍යාන තාක්ෂණය  සීගිරිය වනාහී අභිරහස් ගණනාවක් සගවාගෙන සිටින ආශ්චර්යමත් ගල් තලාවකි . සීගිරියේ ඇති ජල උද්‍යානය ඉතා සුවිශේෂී වේ. එහි ප්‍රධාන දොරටු සාදා  තිබෙන්නෙ කෙලින්ම ඉහළට ඔසවන විදිහට. සීගිරියේ ජල උද්‍යානය සාදා ඇත්තේ එයට ඇතුල්වෙන කෙනෙකු එක්වරම මං මුලාවට පත්වෙන ලෙසය.  ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වී යනවිට එක් හරියකදී සීගිරි ගල නොපෙනී යයි. සතුරු සේනාවක් වුවත් මංමුලා වන ලෙස මෙම උද්‍යාන අතර මාර්ගය සාදා තිබේ.  සීගිරියේ ජල උද්‍යානයේ ඇති වතුරමල් අදටත් වැඩ කරයි. නමුත් ජලය පැමෙන්නේ ඉතා ස්වල්පයකි. එයට හේතුව සීගිරියේ වැවේ ජල මට්ටම ඉතා අඩු වීමයි. අතීතයේදී සීගිරියේ ජල උද්‍යානයට ඉහලින් සීගිරි වැවේ ජල මට්ටම පිහිටා තිබුනී. එයින් අතීතයේ සීගිරියට සතුරන්ගෙන් ආරක්ෂා වීමට හැකිවිය . මේනිසා ඉතා විශාල ජල පීඩනයක් යටතේ මේ වතුර මල් බොහෝ ඉහළට විහිදී ඇත. නමුත් පසු කාලීනව සීගිරිය අවට ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය වීමට පටන් ගත් පසු සීගිරිය වැව ගොඩවිය . Sigiriya village වැනි සුපිරි හෝටල් අද පිහිටා තිබෙන්නෙ සීගිරිය වැව තිබුන ස්ථානයේ ය. අද වනවිට සීගිරිය වැව දිය සිදී ගිය නමට පමණක්...

සමනල අඩවියේ පාරිසරික වැදගත්කම

Image
 සමනල අඩවියේ පාරිසරික වැදගත්කම  සමනල කන්දේ පාරිසරික වැදගත්කම මෙන්ම ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම ද එක සේ වටී. මෙනිසා දුම්බර කදුවැටියත් සමග මේ කදු වැටියද යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් වූයේ 2010දීය. ලෝක උරුම වනපෙත් අතරට අයත්වීම නිසා සමනල කන්දට වැඩි ජාත්‍යන්තර අවදානයක් ලැබී ඇත. රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පිහිටා ඇති සමනල කදුකරයේ මස්කෙළිය ප්‍රදේශයේ සප්තකන්‍යා කදුවල සිට බලංගොඩ බෙලිහුල්ඔය සහ දෙතනගල කදු දක්වා පැතිර තිබේ. මෙම වනය අභයභූමියක් බවට පත් කෙරුණේ 1940 අංක 8675දරන ගැසට් නිවේදනය අනුවයි. අභය භූමි සීමාවේ තේ වතු කිහිපයක්ද පිහිටා තිබේ. නන්පේරියල් වතුයාය. බ්‍රෑම්ප්ටන්, මැදහින්න වතුයායවල කොටස් කිහිපයක්ද මෙම සීමාවට අ‍යත්.  ලංකාවේ එකම නොඉඳුල්  කදුකර වැසි වනාන්තරය වන සමනල අඩවිය විශාලත්වයෙන් හෙක්ටයාර22379 කි. සමනල අඩවියේ පාරිසරික සුන්දරත්වය ඉහළ නංවන්නේ එහි භූ විෂමතාවයයි. විවිධ ස්ථානවලදී එකිනෙකට වෙනස් උස මට්ටමක එය පැතිර තිබෙනවා. සමනල කදුවැටියට පිවිසීමට පුරාණයේ සිට වන්දනාකරුවන් භාවිතා කරන මාර්ග තුනක් පවතී. ඒ රත්නපුර පාර , කුරුවිට පාර හා හැටන් පාරයි.  ප්‍රධාන ගංගා තුනක...

අසිරිමත් දේදුනු කදු වැටිය

Image
 අසිරිමත් දේදුනු කදු වැටිය මෙම කදු පන්තිය චීනයේ ඇති අලංකාරතම ස්වභාවික භෞතික රූපකාරකයයි. ෂැංගායි නගරයේ සූනාන් ගම්මානයේ ඇරඹි මෙම කදු පන්තිය 322km ක් පුරා පැතිර පවතී. ඒවා මුහුදු මට්ටමේ සිට අඩි 1000ත් 1500ත් අතර උසකින් නිර්මාණය වී ඇත.වසර මිලියන 24ක් පුරාවට සුළග , වර්ෂාව , දේශගුණික හා කාලගුණික තත්ත්වයන් විසින් මේ වැලිගල් , දැඩි පාෂාණ හා ඒවායේ අන්තර්ගත ඛනිජ නිධි නොයෙකුත් රසායනික සංයෝගීය ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය ලෙස මෙකී ශිඛරයන්හී වර්ණ නිර්මාණය වුවද ඒවා සැමවිටම ත්‍රිකෝණාකාර හැඩතල ඇති  වර්ණිත කදු පංතීන් පමණක් ශේෂ කොට නැත.  ඒවායේ හැඩතල විවිධාකාරය . සමහර පාෂාණ තට්ටුන් බුබුලාකාරය.තවෙකක් කුලුණක ස්වරූපයෙන් පවතී.  මේ එක් එක් කදු ශිකරයක් ස්ථිර වර්ණයකින් පවතින්නේද නැත  ඒවායේ වර්ණයන් විටින් විට වෙනස් වේ. ඊට හේතුව එකී කදු පන්තීන්වල ඇති විවිධ ඛනිජ  ද්‍රව්‍ය හිරු එළියට දක්වන විවිධ ප්‍රතික්‍රියායි. 2012 අප්‍රෙල් 22 චීනය එම ප්‍රදේශය චීනයේ ජාතික භූගෝලීය කලාපය කරමින් ජාතික භූගෝලීය මධ්‍යස්ථානය එහි ගොඩනැගුවේය. 2009දී යුනෙස්කෝව එකී 400km ක වපසරිය ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති අතර ච...

ශ්‍රි ලංකාවේ වනාන්තර

Image
 ශ්‍රි ලංකාවේ  වනාන්තර  කදුකර වනාන්තර  වාර්ෂික වර්ෂාපතනය 1800mm කට වඩා වැඩියෙන් ලැබෙන මුහුදු මට්ටමින් 1500m ට වඩා උස ප්‍රදේශවල වැවෙන වනාන්තර කදුකර වනාන්තර ලෙස හැදින්වේ. මෙම ප්‍රදේශවලට ජලය හිග කාලයක් නොමැති අතර සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ට්‍රිගේඩ් අංශක 15ක් පමණ වේ.  කදුකර වනාන්තරවල විශාල ප්‍රමාණයක් තේ වැවීමත් , අර්තාපල් වැවීමත් සදහා එළි කිරීම නිසා විනාශයට පත් වී ඇත.  හග්ගල , පිදුරුතලාගල , කිකිලියාමාන, මිපිලිමාන වැනි ප්‍රදේශයන්හි පිහිටි වනාන්තර මෙම වර්ගයට අ‍යත් වේ. කදුකර වනාන්තරවල ශාක 10-15ක් පමණ උසට වැඩෙන අතර කද සහ අතු ඇඹරුණු සහ ගැට සහිත ස්වරූපයක් පෙන්වයි.  ගස් මුදුන් පැතලි වන අතර පත්‍ර සිහින්‍ වේ. වියන් ස්ථරයකුත් ඊට යටින් පිහිටි කුඩා ශාක සහිත  පදුරු ස්ථරයකුත් ඇත.  පහතරට වැසි වනාන්තර  වාර්ෂික වර්ෂාපතනය 2500mm කට වඩා ලැබෙන මුහුදු මට්ටමේ සිට 1000m ක් දක්වා වන වියළි කාලයන් රහිත ප්‍රදේශවල වැවෙන වනාන්තර  අයත් වේ. සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ට්‍රිගේඩ් අංශක 25කට වඩා වැඩිය. පස රතු කහ පොඩ්සොලික් වේ.  වතු වගාව හා ජනාවාසකරනය නිසා විනාශ වෙමින් පවති. ශ...