ශ්‍රි ලංකාවේ වනාන්තර

 ශ්‍රි ලංකාවේ 

වනාන්තර 

කදුකර වනාන්තර 

වාර්ෂික වර්ෂාපතනය 1800mm කට වඩා වැඩියෙන් ලැබෙන මුහුදු මට්ටමින් 1500m ට වඩා උස ප්‍රදේශවල වැවෙන වනාන්තර කදුකර වනාන්තර ලෙස හැදින්වේ. මෙම ප්‍රදේශවලට ජලය හිග කාලයක් නොමැති අතර සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ට්‍රිගේඩ් අංශක 15ක් පමණ වේ.  කදුකර වනාන්තරවල විශාල ප්‍රමාණයක් තේ වැවීමත් , අර්තාපල් වැවීමත් සදහා එළි කිරීම නිසා විනාශයට පත් වී ඇත.  හග්ගල , පිදුරුතලාගල , කිකිලියාමාන, මිපිලිමාන වැනි ප්‍රදේශයන්හි පිහිටි වනාන්තර මෙම වර්ගයට අ‍යත් වේ. කදුකර වනාන්තරවල ශාක 10-15ක් පමණ උසට වැඩෙන අතර කද සහ අතු ඇඹරුණු සහ ගැට සහිත ස්වරූපයක් පෙන්වයි.  ගස් මුදුන් පැතලි වන අතර පත්‍ර සිහින්‍ වේ. වියන් ස්ථරයකුත් ඊට යටින් පිහිටි කුඩා ශාක සහිත  පදුරු ස්ථරයකුත් ඇත. 

පහතරට වැසි වනාන්තර 

වාර්ෂික වර්ෂාපතනය 2500mm කට වඩා ලැබෙන මුහුදු මට්ටමේ සිට 1000m ක් දක්වා වන වියළි කාලයන් රහිත ප්‍රදේශවල වැවෙන වනාන්තර  අයත් වේ. සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ට්‍රිගේඩ් අංශක 25කට වඩා වැඩිය. පස රතු කහ පොඩ්සොලික් වේ.  වතු වගාව හා ජනාවාසකරනය නිසා විනාශ වෙමින් පවති. ශාක විවිධ උස මට්ටම්වලට වැඩෙනු දැකිය හැක. වඩාත්ම උස ශාක 45m ක් තරම් උසට වැඩෙන අතර තැනින් තැන දැකිය හැක. නෙරූ ස්ථරය ලෙස හැදින්වෙන්නේ මෙම ස්ථරය වේ. ශාක සංගමයන් කීපයක්ම මෙම වනාන්තර තුළ දක්නට ලැබේ .

1. හොර ශාක සංගමය 

2. බෙරලිය ශාක සංගමය 

3. ආරිද්ද ශාක සංගමය 

4.මිල්ල, දියපර, හැඩවක, වැලිපියන්ත ශාක සංගමය 

සිංහරාජය ඒක දේශීය ශාක සහ සත්ව විශාල ප්‍රමාණයක් ඇති ලෝක උරුම වන භූමියක් ලෙස නම් කර ඇති ඉතා වැදගත් පහතරට තෙත් වනාන්තරයක් වේ.

තෙත් මෝසම් වනාන්තර 

වාර්ෂික වර්ෂාපතනය  1800 - 2500mm ක් ලැබෙන මුහුදු මට්ටමේ සිට 1000m ට වඩා පහළ ප්‍රදේශවල ඇති වනාන්තර වේ. ඉහළම වර්ෂාපතනය ඔක්තෝබර් - ජනවාරි මාසවලදී ලැබෙන අතර ඉන්පසු මාස 3ක පමණ කැපී පෙනෙන වියළි කාලයක් ඇත . බහුලව දක්නට ලැබෙන ශාක වල්දෙල් , මිල්ල , පිහිඹිය , වෙලන් , මොර, හුලංහික් 

වියළි මෝසම් වනාන්තර 

වාර්ෂික වර්ෂාපතනය 1000-1800mm ත් අතර ලැබෙන මුහුදු මට්ටමේ සිට 600m ට වඩා උස අඩු ප්‍රදේශවල වැවෙන වනාන්තර අයත් වේ. වැඩිම වර්ෂාපතනය ඔක්තෝම්බර් සහ ජනවාරි මාසවලදී ලැබෙන අතර මාස 3-6ක් දක්වා කැපී පෙනෙන වියලි කාලයක් පවතී. පස් වර්ගය රතු දුඹුරුය. 

වියන් ස්ථරයෙන් ඉහලට වැඩෙන පතනශීලි ශාක 

බුරුත 

මිල්ල

හල්මිල්ල

වියන් ස්ථරයේ බහුලව දක්නට 

වීර 

කලුවර 

පලු

වෑවරණ

මෙම වනාන්තර නොඉඳුල් වනාන්තර නොවේ.

ගංගාධාර වනාන්තර 

ගංගාශ්‍රිතව පිටාර තැනිවල සහ ගංගා නිම්නවල විසිරී ඇති වනාන්තර ගංගාධාර වනාන්තර ලෙස හැදින්වේ . ගංගාධාර වනාන්තර 600m ට වඩා උස අඩු වාර්ෂික වර්ෂාපතනය 1000-1800ට පමණ ලැබෙන ප්‍රදේශවල පැතිරී ඇත.කුඹුක් , මී, කොට්ටන්බ, නා මේවාට ආවේණික ශාක විශේෂ වේ.

කඩොලාන වනාන්තර 

වෙරළාශ්‍රිත කලපු , ගං මෝයවල අන්තර් උදම් කලාපයේ වගුරු බිම්හී වැඩෙන අධික ලවනතාවයට අනුවර්තී සදාහරිත ශාක ප්‍රජාව කඩොලාන වනාන්තර ලෙස හැදින්වේ . කලපු , ගංමෝය වැලි ගොඩ දැමීම, ඉස්සන් කොටු තැනීම , කොරල්පර කැඩීම, අනවසර ලෙස ඉඩම් අල්ලා ගැනීම හා හෙළි කිරීම නිසා මෙම වනාන්තර දැඩි ලෙස විනාශ වී ඇත. කඩොල්, කිරල, කැරන්කොකු ,මල් කඩොල්, ගිංපොල්,තෙල ,කටු ඉකිලි  ශාක දැකිට හැක.

සටහන

නෙත්මිණී අභයරත්න 









Comments

Popular posts from this blog

සීගිරියේ ජල උද්‍යාන තාක්ෂණය

වලාකුළු

පෘථිවියේ පෙනහලු ඇමසන් වැසි වනාන්තරය