ඊශ්‍රායලය රකින යකඩ පළිහ Iron Dome
ඊශ්‍රායලය රකින යකඩ පළිහ
( Iron Dome)
අයන් ඩෝම් යනු ඊශ්‍රායලය තුළ ක්‍රියාත්මක වන විශාල මිසයිල ආරක්ෂණ පද්ධති ගණනාවකින් කොටසකි. තමා වෙත පැමිණෙන රොකට් හදුනාගැනීමට එම පද්ධතිය රේඩාර් භාවිතා කරන අතර ඒවා බිද හෙලීමට මිසයිල දෙකක් විදිනු ලබයි. එම තාක්ෂණයට ගොඩනැගිලි ප්‍රදේශ වෙත පැමිණිය හැකි සහ ඉලක්කය මග හැරුණු මිසයිල වෙන් වෙන්ව හදුනා ගැනීමට හැකියාව ඇත.
අයන් ඩෝම් ගුවන් ආරක්ෂන පද්ධතිය 2011 වසරේදී භාවිතාවට ගත් අතර එහි සාර්ථකත්වය සීයට අසූවකට වැඩිවෙන බව මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ පර්යේෂකයන් සදහන් කලේය. මෙමගින් පුළුල් පරාසයක විහිදෙන වක්‍ර හා ඍජු ගුවන් ප්රහාරයන් වළක්වාගෙන ඉදිරි මෙහෙයුම් කදවුරු සේම නාගරික ප්‍රදේශ ආරක්ෂා කළ හැකිය.
මෙහි ප්‍රධාන පද්ධතීන් තුනක් ඇති අතර එම පද්ධතීන් එකට එක්ව අවශ්‍ය ප්‍රදේශයට ආවරණයක් සපයමින් විවිධ තර්ජන පාලනය කරනු ලබයි. එහි එලාර්ම් පද්ධතියක් හා ලුහුබැදීමේ රේඩාර් පද්ධතියක් තිබෙන අතර එමගින් පැමිණීමට නියමිත අනතුරු පිළිබඳ පෙර දැනුම් දීමක් සිදු කරනු ලබයි.
එපමණක් නොව ආයුධ පාලනය කරන ක්‍රමවේදයක් හා මිසයිල ප්රහාරයන් එල්ල කිරීමේ පද්ධතියකින්ද අයන් ඩෝම් සමන්විතය ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ ක්‍රියා කිරීමට සමන්විත අතර දිවා රෑ වෙනසක් නොමැතිව ක්‍රියා කරනු ලබයි. එය සැබැවින්ම විශාල බැටරියක් බදු දෙයකි. එක් අයන් ඩෝම් බැටරියක රොකට් ලොන්චර්ස් තුනක් හෝ හතරක් ඇතුළත් වන අතර මිසයිල 20ක් පමණ තිබේ. මේවා මගින් ජනගහනය සහිත ප්‍රදේශවලට ඉලක්ක වන ප්රේක්ෂණයෙන් (රොකට් , මිසයිල) හෝ වෙනත් තර්ජන වලක්වාලනු ලබයි.
කෙසේ වෙතත් , මෙහි සැකැස්ම අනුව රොකට් හෝ මුදාහරින මිසයිල අදාළ ඉලක්ක සොයා ගොස් ඒවා විනාශ නොකරන අතර ආවරණය අසලට පැමිණෙන ප්රේක්ෂණය අසලදී පුපුරා ගොස් ඒවා විනාශ කිරීමට ක්‍රියා කරනු ලබයි . මේ වන විට ඊශ්රායලයතුළ ජංගම අයන් ඩෝම් 10ක් තිබේ. තනි බැටරියකින් මධ්‍යම ප්‍රමාණයෙන් නගරයක් ආරක්ෂා කළ හැකි බවත් , කිලෝමීටර් 70ක් පමණ දුර සිට එල්ල වන රොකට් ප්රහාරයන් වළක්වාලිය හැකි බවත් පවසයි.
මෙම පද්ධතින් නඩත්තු කිරීමට පහසු නොවන්නේ සෑම බැටරියක්ම සදහා හෝ සම්පූර්ණ ඒකකයක් නඩත්තු කිරීම සදහා ඩොලර් මිලියන 50කට අධික මුදලක් වැයවීම නිසයි . එක් තමීර් මිසයිලයක් ඩොලර් 80,000ක් පමණ වන අතර එක් රොකොට්ටුවක් සදහා ඩොලර් 1000කට අඩු මුදලක් වැයවේ. එල්ලවන සෑම රොකට් ප්‍රහාරයක් සදහාම පද්ධතිය මගින් මිසයිල දෙකක් යවනු ලබයි.
මේ අතර හමාස් සංවිධානය මේ වන විට රොකට් 1000ක් පමණ ඊශ්‍රායලය ඉලක්ක කරගෙන මුදා හැර ඇති අතර ඔවුන් අයන් ඩෝම් පරික්ෂා කරන බවක් පෙනී යන බව ඊශ්‍රායලය පවසයි. නොනවත්වා එක දිගට රොකට් මුදා හරිමින් අයන් ඩෝම් පද්ධතියට ඒවා වළක්වා ගත හැකිද යන්නත් , ඒවායේ ක්‍රියාකාරිත්වය අවසන් මට්ටමට ගෙන ඒමටත් ඔවුන් උත්සාහ දරමින් සිටියි.
තොරතුරු හා චායාරූප අන්තර්ජාලයෙනි .
Tks for your information . Keep it up
ReplyDelete