සමනල අඩවියේ පාරිසරික වැදගත්කම
සමනල අඩවියේ පාරිසරික වැදගත්කම
සමනල කන්දේ පාරිසරික වැදගත්කම මෙන්ම ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම ද එක සේ වටී. මෙනිසා දුම්බර කදුවැටියත් සමග මේ කදු වැටියද යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් වූයේ 2010දීය. ලෝක උරුම වනපෙත් අතරට අයත්වීම නිසා සමනල කන්දට වැඩි ජාත්‍යන්තර අවදානයක් ලැබී ඇත. රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පිහිටා ඇති සමනල කදුකරයේ මස්කෙළිය ප්‍රදේශයේ සප්තකන්‍යා කදුවල සිට බලංගොඩ බෙලිහුල්ඔය සහ දෙතනගල කදු දක්වා පැතිර තිබේ. මෙම වනය අභයභූමියක් බවට පත් කෙරුණේ 1940 අංක 8675දරන ගැසට් නිවේදනය අනුවයි. අභය භූමි සීමාවේ තේ වතු කිහිපයක්ද පිහිටා තිබේ. නන්පේරියල් වතුයාය. බ්‍රෑම්ප්ටන්, මැදහින්න වතුයායවල කොටස් කිහිපයක්ද මෙම සීමාවට අයත්.
ලංකාවේ එකම නොඉඳුල් කදුකර වැසි වනාන්තරය වන සමනල අඩවිය විශාලත්වයෙන් හෙක්ටයාර22379 කි. සමනල අඩවියේ පාරිසරික සුන්දරත්වය ඉහළ නංවන්නේ එහි භූ විෂමතාවයයි. විවිධ ස්ථානවලදී එකිනෙකට වෙනස් උස මට්ටමක එය පැතිර තිබෙනවා. සමනල කදුවැටියට පිවිසීමට පුරාණයේ සිට වන්දනාකරුවන් භාවිතා කරන මාර්ග තුනක් පවතී. ඒ රත්නපුර පාර , කුරුවිට පාර හා හැටන් පාරයි.
ප්‍රධාන ගංගා තුනක් උපත ලබන්නේ මේ අඩවියෙන් නිසා එය වැදගත් ජල පෝෂක වනාන්තරයක් . ඒවා නම් කැලණි , කලු, වලවේ යන ගංගාවන්ය. මෙහි දියමාර්ගවල ශ්‍රී ලංකාවට ආවේණික මිරිදිය මත්ස්‍ය විශේෂ අතරින් විශේෂ 21ක් සමනල අඩවියේ ඇළදොළ වල වාසය කරයි .ගල් පාඩියා, ලේ තිත්තයා , බුලත් හපයා, මගුරා , තල්කොස්සා, කොළකණයා. උණහපුලුවාගේ එක් වාසස්ථානක් වන්නෙ ද මෙහිය. වදවීගෙන ගොස් ඇතැයි සැලකුනු ඉතා දුර්ලභ ආවේණික ගෙඹි විශේෂයක් වූ Dasi's Dwarf Toad සොයාගන්නා ලදී. සමනල අඩවියේ stemonoporus rigiduse ගස ශ්‍රී ලංකාවට ආවේණික වද වී ගොස් ඇතැයි සැලකුනු ගසක් මෙම මැන්දොර ශාකය. ඉරමුසු , කුඩා හැඩයා, මහා හැඩයා, සදරාජ, වැනි ඖෂධීය ශාක යටි රෝපණයෙහි පැතිර පවතී. සමනල කන්දේ ඉහළ බෑවුම්වලට ගමන්කරන විට වනාන්තර වැස්ම කුරු ආකාරයක් ගන්නා අයුරු අපට පෙනේ . අධික ශීතල සහ අධික සුළග නිසා ශාක එලෙස අනුවර්තනය වී තිබේ. කීන , බඹන දඹ , රතු මිහිරිය , මඩොල් ඒ අතර වේ. පහළ කදු බැවූම් වල තැන තැන කිතුල් ගස් ය. මෙහි උණහපුලුවා , රිලවා, සහ කොළ වදුරා සහ වල් ඌරාද බහුලයි. මෙම වනපෙතෙහි කුඩා අලි රංචුවක්ද වාසය කරයි. උන් වන්දනා කාලයට වනයේ ඈත ප්‍රදේශවලට සංක්‍රමණය වේ. ගෝනා සහ ශ්‍රී ලංකා කොටියාද මෙහි වාසය කරයි.
සමනල අඩවියේ පරිසරය හෙමින් සීරූවේ විනාශ වන බවත් දැකිය හැකිය. වනසතුන් දඩයම මේ ප්‍රදේශවල සිදුවන බව ගම්වැසියෝ පවසතී. අනවසරයෙන් තේ වගාව , මැණික් ගැරීම වනයට තර්ජනයකි. පොලිතින් හා ප්ලාස්ටික් සමනල කන්දට ගෙන ඒම සීමාකර තිබුණත් වන්දනා වාරය අවසන් වනවිට විශාල පොලිතින් ප්ලාස්ටික් තොගයක් වන්දනා මාර්ග දෙපස එකතුවීම දැකගත හැකිය. වන්දනාකරුවන් ගෙනඑන ෂැම්පු ,ජෙල් පැකට් සීත ගගුලට එක්වීම පරිසර ප්‍රශ්නයක් .එමෙන්ම ෂැම්පු හා සබන්වල ඇති රසායනික දෑ ජල මාර්ග වලට එක්වීම නිසා සියුම් පරිසර තත්ත්වයන්ට හැඩගැසුනු ආවේණික මත්ස්‍ය විශේෂ වලට හා උභයජීවීන්ට එය තර්ජනයක් වී ඇත.
සටහන
නෙත්මිණී අභයරත්න
Comments
Post a Comment