අලි අන්දරය

 

අලි අන්දරය 

අලියා යනු පෘථිවියේ විශාලතම ගොඩබිම් ක්ෂිරපායි සත්ත්වයා වේ. අලින්ගේ හොඩවැල භාවිතා කරන්නේ කුංචනාදයෙන් අනතුරු ඇගවීමට, වෙනත් අලීන්ට ආචාර කිරීමට , පානය කිරීමට හෝ ස්නානය කිරීමට ජලය උරා ගැනීමටත් වේ. අලි ඇතුන්ගේ දළ අලියාගෙ ශරීරය ආරක්ෂා කර ගැනීමට වස්තූන් එසවීමට සහ ගෙනයාමට ආහාර එකතු කිරීමට සහ ගස් වලින් පොත්ත ඉවත් කිරීම සදහා භාවිතා කරයි. භූ ගත ජලය සෙවීම සදහා ද වල වල් හැරීමට නියග කාල වලදී භාවිතා කරන බව සොයා ගෙන ඇත. ජානමය වශයෙන් වෙනස් අප්‍රිකානු අලි විශේෂ දෙකක් සිටී. සවානා අලි සහ වන අලි වේ. අප්‍රිකානු සාවානා අලියා විශාලතම අලි විශේෂය වන අතර ආසියානු අලි ඇතුන් ඔවුන්ගේ අප්‍රිකානු අලින්ගෙන් විවිධාකාරයෙන් වෙනස් වන අතර ඔවුන් අතර භෞතික වෙනස්කම් 10කට වඩා තිබේ. අප්‍රිකානු විශේෂයේ විශාල පංකා හැඩැති කන් හා සසඳන විට ආසියානු අලි ඇතුන්ගේ කන් කුඩාය.අප්‍රිකානු අලි ඇතුන්ගේ ඇත් දළ වැඩෙන අතර ආසියානු අලි ඇතුන් කිහිප දෙනෙකුට පමණක් ඇත් දළ ඇත.   

වැඩිහිටි ඇතුන්ගේ නායකත්වයෙන් අලි ඇතුන් ගැහැණු සතුන් හා පැටවුන්ගේ සංකිර්ණ සමාජ ව්‍යුහයන් ලෙස සංවිධානය වී ඇති අතර පිරිමි අලි හුදකලාව හෝ කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වීමට නැඹුරු වෙති . ගැහැණු සතෙකුට අවුරුදු 04 සිට 05 දක්වා කාලයේදී  මාස 22ක ගර්භණී කාලයෙන් පසු එක් අලි පැටවෙකු උපත ලබයි. පැටවුන් රැක බලා ගන්නේ අදාළ ගැහැණු සතුන් සමූහය විසිනි. ගැහැණු පැටවුන් ජීවිත කාලය පුරාම තම මව් රැළ සමග රැදි සිටිය හැකි අතර පිරිමි සතුන් වැඩිවියට පැමිණෙන විට රංචුව අතහැර යති. වන අලින්ගේ සමාජ කණ්ඩායම් තරමක් වෙනස් වන අතර සමහර විට එයට ඇතුළත් විය හැක්කේ වැඩිහිටි ගැහැණු සතුන් හා ඇගේ දරුවන් පමණි. 

අලි ඇතුන්ට ජීවත් වීමට සහ ආහාර ජලය සහ අවකාශය ඇතුලු පාරිසරික අවශ්‍යතා සපුරාලීම සදහා පුළුල් භූමි ප්‍රදේශ අවශ්‍ය වේ . සාමාන්‍යයෙන් අලියෙකුට පැය 18ක්  දක්වා පෝෂණය කළ හැකි අතර එක් දිනයක් තුළ පැළෑටි රාත්තල් සිය ගණනක් පරිභෝජනය කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට වාසස්ථාන අහිමි වීමත් සමග සම්පත් සදහා තරග කිරීමේ දී මිනිසුන් සමග නිතර ගැටුම් ඇති කර ගනී .

පෘථිවිය මත ඇවිදින විශාලතම සතුන් වන්නේ අප්‍රිකානු අලිය. ඔවුන්ගේ රංචු අප්‍රිකාවේ රටවල් 37ක සැරිසරති . ඔවුන්ගේ විශාල කන් මගින් අධික තාපය විකිරණය කිරීමට ඉඩ සලසයි . අප්‍රිකානු අලි ඇතුන් දළ වර්ධනය වී ඔවුන්ගේ ජීවිත කාලය පුරාම වැඩෙයි. වන අලින්ට වඩා සවානා අලි විශාල වන අතර ඔවුන්ගේ ඇත් දළ පිටතට වක්‍ර වේ.  වන අලි කුඩා වනවාට අමතරව සම අදුරු වන අතර ඔවුන්ගේ ඇත් දළ ඍජු  වන අතර පහළට යොමු වේ. විශේෂ දෙක අතර හිස්කබලේ සහ ඇටසැකිල්ලේ ප්‍රමාණයේ සහ හැඩයේ ද වෙනස්කම් ඇත.  

කොංගෝ ද්‍රෝණියේ ද ඝන වනාන්තර වාසස්ථාන වලට වනාන්තර අලි අද්විතීය ලෙස අනුවර්තනය වී ඇති නමුත් ජාත්‍යන්තර ඇත් දළ වෙළෙඳාම සදහා දඩයම් කිරීම සහ වාසස්ථාන අහිමිවීම සහ ඛණ්ඩනය වීම හේතුවෙන් තියුණු ලෙස පහත වැටෙමින් තිබේ. මුළු අප්‍රිකානු අලි ගහනයෙන් හතරෙන් එකක් හෝ තුනෙන් එකක් පමණ වන අලින්ගෙන් සමන්විත යැයි ගණන් බලා ඇත. අප්‍රිකානු සවානා අලින්ගෙ පසුපස කකුල් වලට වඩා සැලකිය යුතු ලෙස දික් වූ ඉදිරිපස කකුල් වලින් ඒවා පහසුවෙන් හදුනාගත හැකිය. අප්‍රිකානු සවානා අලි රටවල් 23ක දක්නට ලැබෙන අතර වනාන්තර සහිත සවානා සිට කාන්තාර දක්වා වාසස්ථානවල ජීවත් වෙති. බොට්ස්වානා, සිම්බාබ්වේ , ටැන්සානියාව, කෙන්යාව,නැම්බියාව, සැම්බියාව ,දකුණු  අප්‍රිකාව ඇතුලු නැගෙනහිර අප්‍රිකානු රටවල ජිවත් වේ. කොළ , තණකොළ , බීජ, පළතුරු සහ ගස් පොතු ආහාරයට ගනී.

වර්තමානයේ අලි වාසභූමි මිනිසුන් විසින් අල්ලා ගැනීම සහ වනාන්තර එළි කිරීම නිසා අලි ඇතුන්ට විශාල තර්ජනයකට මුහුණ පෑමට සිදු වී ඇත. දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති සුමාත්‍රා අලි ඇතුන් 150ක් පමණ කදු 30ක ජීවත් වන බව ගණන් බලා ඇත. නීති විරෝධී ඇත් දළ ජවාරම නිසා ඇතුන් විශාල ප්‍රමාණයක් මරා දමනු ලැබේ. අලි ඇතුන්ට ඇති වී තිබෙන මෙම තර්ජන සදහා වගකිව යුත්තේ කවුරුන් ද ? ඒ මිනිසාමය. මිනිසුන්ගේ අවශ්‍යතාවන් වාසස්ථාන , මුදල් ඉපයීමේ අභිමතාර්ථයන් උදෙසා මේ අසරණ සතුන් මෙලොවින් තුරන් වන දවස වැඩි ඈතක නොවේ.

සටහන

චමෝදා නෙත්මිණී අභයරත්න

මූලාශ්‍ර https://www.worldwildlife.org/species/african-elephant

ඡායාරූප  අන්තර්ජාලයෙනි 










Comments

Popular posts from this blog

සීගිරියේ ජල උද්‍යාන තාක්ෂණය

වලාකුළු

පෘථිවියේ පෙනහලු ඇමසන් වැසි වනාන්තරය