අසිරිමත් දේදුනු කදු වැටිය

 අසිරිමත් දේදුනු කදු වැටිය


මෙම කදු පන්තිය චීනයේ ඇති අලංකාරතම ස්වභාවික භෞතික රූපකාරකයයි. ෂැංගායි නගරයේ සූනාන් ගම්මානයේ ඇරඹි මෙම කදු පන්තිය 322km ක් පුරා පැතිර පවතී. ඒවා මුහුදු මට්ටමේ සිට අඩි 1000ත් 1500ත් අතර උසකින් නිර්මාණය වී ඇත.වසර මිලියන 24ක් පුරාවට සුළග , වර්ෂාව , දේශගුණික හා කාලගුණික තත්ත්වයන් විසින් මේ වැලිගල් , දැඩි පාෂාණ හා ඒවායේ අන්තර්ගත ඛනිජ නිධි නොයෙකුත් රසායනික සංයෝගීය ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය ලෙස මෙකී ශිඛරයන්හී වර්ණ නිර්මාණය වුවද ඒවා සැමවිටම ත්‍රිකෝණාකාර හැඩතල ඇති  වර්ණිත කදු පංතීන් පමණක් ශේෂ කොට නැත. 

ඒවායේ හැඩතල විවිධාකාරය . සමහර පාෂාණ තට්ටුන් බුබුලාකාරය.තවෙකක් කුලුණක ස්වරූපයෙන් පවතී.  මේ එක් එක් කදු ශිකරයක් ස්ථිර වර්ණයකින් පවතින්නේද නැත  ඒවායේ වර්ණයන් විටින් විට වෙනස් වේ. ඊට හේතුව එකී කදු පන්තීන්වල ඇති විවිධ ඛනිජ  ද්‍රව්‍ය හිරු එළියට දක්වන විවිධ ප්‍රතික්‍රියායි.

2012 අප්‍රෙල් 22 චීනය එම ප්‍රදේශය චීනයේ ජාතික භූගෝලීය කලාපය කරමින් ජාතික භූගෝලීය මධ්‍යස්ථානය එහි ගොඩනැගුවේය. 2009දී යුනෙස්කෝව එකී 400km ක වපසරිය ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති අතර චීනයේත් ලෝක සංචාරකයන්ගේත් එක් සුවිශේෂී සංචාරක ගමනාන්තයක් වී ඇත්තේ මෙම දේදුනු කදු පන්තියයි.

සටහන 

නෙත්මිණී අභයරත්න 





Comments

Popular posts from this blog

සීගිරියේ ජල උද්‍යාන තාක්ෂණය

වලාකුළු

පෘථිවියේ පෙනහලු ඇමසන් වැසි වනාන්තරය