Posts

සීගිරියේ ජල උද්‍යාන තාක්ෂණය

Image
 සීගිරියේ ජල උද්‍යාන තාක්ෂණය  සීගිරිය වනාහී අභිරහස් ගණනාවක් සගවාගෙන සිටින ආශ්චර්යමත් ගල් තලාවකි . සීගිරියේ ඇති ජල උද්‍යානය ඉතා සුවිශේෂී වේ. එහි ප්‍රධාන දොරටු සාදා  තිබෙන්නෙ කෙලින්ම ඉහළට ඔසවන විදිහට. සීගිරියේ ජල උද්‍යානය සාදා ඇත්තේ එයට ඇතුල්වෙන කෙනෙකු එක්වරම මං මුලාවට පත්වෙන ලෙසය.  ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වී යනවිට එක් හරියකදී සීගිරි ගල නොපෙනී යයි. සතුරු සේනාවක් වුවත් මංමුලා වන ලෙස මෙම උද්‍යාන අතර මාර්ගය සාදා තිබේ.  සීගිරියේ ජල උද්‍යානයේ ඇති වතුරමල් අදටත් වැඩ කරයි. නමුත් ජලය පැමෙන්නේ ඉතා ස්වල්පයකි. එයට හේතුව සීගිරියේ වැවේ ජල මට්ටම ඉතා අඩු වීමයි. අතීතයේදී සීගිරියේ ජල උද්‍යානයට ඉහලින් සීගිරි වැවේ ජල මට්ටම පිහිටා තිබුනී. එයින් අතීතයේ සීගිරියට සතුරන්ගෙන් ආරක්ෂා වීමට හැකිවිය . මේනිසා ඉතා විශාල ජල පීඩනයක් යටතේ මේ වතුර මල් බොහෝ ඉහළට විහිදී ඇත. නමුත් පසු කාලීනව සීගිරිය අවට ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය වීමට පටන් ගත් පසු සීගිරිය වැව ගොඩවිය . Sigiriya village වැනි සුපිරි හෝටල් අද පිහිටා තිබෙන්නෙ සීගිරිය වැව තිබුන ස්ථානයේ ය. අද වනවිට සීගිරිය වැව දිය සිදී ගිය නමට පමණක්...

සමනල අඩවියේ පාරිසරික වැදගත්කම

Image
 සමනල අඩවියේ පාරිසරික වැදගත්කම  සමනල කන්දේ පාරිසරික වැදගත්කම මෙන්ම ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම ද එක සේ වටී. මෙනිසා දුම්බර කදුවැටියත් සමග මේ කදු වැටියද යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් වූයේ 2010දීය. ලෝක උරුම වනපෙත් අතරට අයත්වීම නිසා සමනල කන්දට වැඩි ජාත්‍යන්තර අවදානයක් ලැබී ඇත. රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පිහිටා ඇති සමනල කදුකරයේ මස්කෙළිය ප්‍රදේශයේ සප්තකන්‍යා කදුවල සිට බලංගොඩ බෙලිහුල්ඔය සහ දෙතනගල කදු දක්වා පැතිර තිබේ. මෙම වනය අභයභූමියක් බවට පත් කෙරුණේ 1940 අංක 8675දරන ගැසට් නිවේදනය අනුවයි. අභය භූමි සීමාවේ තේ වතු කිහිපයක්ද පිහිටා තිබේ. නන්පේරියල් වතුයාය. බ්‍රෑම්ප්ටන්, මැදහින්න වතුයායවල කොටස් කිහිපයක්ද මෙම සීමාවට අ‍යත්.  ලංකාවේ එකම නොඉඳුල්  කදුකර වැසි වනාන්තරය වන සමනල අඩවිය විශාලත්වයෙන් හෙක්ටයාර22379 කි. සමනල අඩවියේ පාරිසරික සුන්දරත්වය ඉහළ නංවන්නේ එහි භූ විෂමතාවයයි. විවිධ ස්ථානවලදී එකිනෙකට වෙනස් උස මට්ටමක එය පැතිර තිබෙනවා. සමනල කදුවැටියට පිවිසීමට පුරාණයේ සිට වන්දනාකරුවන් භාවිතා කරන මාර්ග තුනක් පවතී. ඒ රත්නපුර පාර , කුරුවිට පාර හා හැටන් පාරයි.  ප්‍රධාන ගංගා තුනක...

අසිරිමත් දේදුනු කදු වැටිය

Image
 අසිරිමත් දේදුනු කදු වැටිය මෙම කදු පන්තිය චීනයේ ඇති අලංකාරතම ස්වභාවික භෞතික රූපකාරකයයි. ෂැංගායි නගරයේ සූනාන් ගම්මානයේ ඇරඹි මෙම කදු පන්තිය 322km ක් පුරා පැතිර පවතී. ඒවා මුහුදු මට්ටමේ සිට අඩි 1000ත් 1500ත් අතර උසකින් නිර්මාණය වී ඇත.වසර මිලියන 24ක් පුරාවට සුළග , වර්ෂාව , දේශගුණික හා කාලගුණික තත්ත්වයන් විසින් මේ වැලිගල් , දැඩි පාෂාණ හා ඒවායේ අන්තර්ගත ඛනිජ නිධි නොයෙකුත් රසායනික සංයෝගීය ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය ලෙස මෙකී ශිඛරයන්හී වර්ණ නිර්මාණය වුවද ඒවා සැමවිටම ත්‍රිකෝණාකාර හැඩතල ඇති  වර්ණිත කදු පංතීන් පමණක් ශේෂ කොට නැත.  ඒවායේ හැඩතල විවිධාකාරය . සමහර පාෂාණ තට්ටුන් බුබුලාකාරය.තවෙකක් කුලුණක ස්වරූපයෙන් පවතී.  මේ එක් එක් කදු ශිකරයක් ස්ථිර වර්ණයකින් පවතින්නේද නැත  ඒවායේ වර්ණයන් විටින් විට වෙනස් වේ. ඊට හේතුව එකී කදු පන්තීන්වල ඇති විවිධ ඛනිජ  ද්‍රව්‍ය හිරු එළියට දක්වන විවිධ ප්‍රතික්‍රියායි. 2012 අප්‍රෙල් 22 චීනය එම ප්‍රදේශය චීනයේ ජාතික භූගෝලීය කලාපය කරමින් ජාතික භූගෝලීය මධ්‍යස්ථානය එහි ගොඩනැගුවේය. 2009දී යුනෙස්කෝව එකී 400km ක වපසරිය ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති අතර ච...

ශ්‍රි ලංකාවේ වනාන්තර

Image
 ශ්‍රි ලංකාවේ  වනාන්තර  කදුකර වනාන්තර  වාර්ෂික වර්ෂාපතනය 1800mm කට වඩා වැඩියෙන් ලැබෙන මුහුදු මට්ටමින් 1500m ට වඩා උස ප්‍රදේශවල වැවෙන වනාන්තර කදුකර වනාන්තර ලෙස හැදින්වේ. මෙම ප්‍රදේශවලට ජලය හිග කාලයක් නොමැති අතර සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ට්‍රිගේඩ් අංශක 15ක් පමණ වේ.  කදුකර වනාන්තරවල විශාල ප්‍රමාණයක් තේ වැවීමත් , අර්තාපල් වැවීමත් සදහා එළි කිරීම නිසා විනාශයට පත් වී ඇත.  හග්ගල , පිදුරුතලාගල , කිකිලියාමාන, මිපිලිමාන වැනි ප්‍රදේශයන්හි පිහිටි වනාන්තර මෙම වර්ගයට අ‍යත් වේ. කදුකර වනාන්තරවල ශාක 10-15ක් පමණ උසට වැඩෙන අතර කද සහ අතු ඇඹරුණු සහ ගැට සහිත ස්වරූපයක් පෙන්වයි.  ගස් මුදුන් පැතලි වන අතර පත්‍ර සිහින්‍ වේ. වියන් ස්ථරයකුත් ඊට යටින් පිහිටි කුඩා ශාක සහිත  පදුරු ස්ථරයකුත් ඇත.  පහතරට වැසි වනාන්තර  වාර්ෂික වර්ෂාපතනය 2500mm කට වඩා ලැබෙන මුහුදු මට්ටමේ සිට 1000m ක් දක්වා වන වියළි කාලයන් රහිත ප්‍රදේශවල වැවෙන වනාන්තර  අයත් වේ. සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ට්‍රිගේඩ් අංශක 25කට වඩා වැඩිය. පස රතු කහ පොඩ්සොලික් වේ.  වතු වගාව හා ජනාවාසකරනය නිසා විනාශ වෙමින් පවති. ශ...

ශ්‍රි ලංකාවේ වනාන්තර වල ජෛව විවිධත්වය

Image
 ශ්‍රි ලංකාවේ  වනාන්තරවල  ජෛව විවිධත්වය  මිහිතලය මත වෙසෙන සෑම ජීවියෙක්ම ස්වරූපය , ගති ලක්ෂණ අතින් එකිනෙකට වෙනස් වේ.  පෘථිවි තලය පුරා විවිධාකාර වූ පරිසර පද්ධති විහිදී විසිරී පවතී. පෘථිවියේ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂින ධ්‍රැවය දක්වා විවිධ දේශගුණික තත්ත්වයන් නිසා විවිධ ආකාරයේ පරිසර පද්ධති නිර්මාණය වී තිබීම මෙයට හේතුවයි . වඩාත් ඉහල ජෛව විවිධත්වයක් දක්නට ලැබෙනුයේ උණුසුම් තෙත් පරිසරයක් ඇති ඝර්ම කලාපය තුලයි.  ජෛව විවිධත්වය යනු " යම් පරිසර පද්ධතින් අතර හෝ එහි දක්නට ලැබෙන ජිවීන් ශාක හෝ ශාක හෝ සතුන් අතර දැකිය හැකි විවිධත්වය "  ලෙස හැදින්විය හැකිය.  ජෛව විවිධත්වයේ වැදගත්කම  1. පස සහ ජලය සංරක්ෂණය  2. පරිසරයෙ විවිධ සාධක වල සමතුලිතතාවය ( කාබන් , නයිට්‍රජන් හා ජල චක්‍රය සහ උෂ්ණත්වය ) පවත්වා ගැනීමට. 3. මත්ස්‍යයන්ගේ අභිජනන මධ්‍යස්ථාන ලෙස වෙරළ කලාපයේ කඩොලාන භාවිතා වීම. 4. විවිධ ජෛව විශේෂ වලට ආධාරයක් වන කොරල්පර භාවිතා වීම 5. ජෛව විවිධත්වය මගින් රටක විද්‍යාත්මක සෞන්දර්යාත්මක හා සංස්කෘතිකමය අගය වැඩි කරයි.  6. ජනතාවට අවශ්‍ය සියලුම නිෂ්පාදන ලබා ගැනීමෙ හැකියා...

ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය

Image
 ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය  ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොදින් දැන සිටියහ. ලංකාවේ යකඩ නිස්සාරණය කිරීමේ පැරණි තාක්ෂණය කෙබදු දැයි වටහා ගැනීමට ඉවහල් වන ප්‍රධාන අවස්ථා දෙකක් තිබේ . එයින් පළමු වැන්න සබරගමු පළාතට අයත් බලංගොඩ සමනළ වැව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උදුන් ය.ස්වභාවික පරිසරයේ පවතින යකඩ බහුල ගල් වලින් යකඩ ලෝහය වෙන් කර ගැනීමට නම් ඒවා අධික උෂ්ණත්වයට රත් කල යුතුය. යකඩ උණුවන්නෙ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1538දීය. මෙලෙස අධික උෂ්ණත්වයක් ලබා ගැනීමට නම් ඉතාම කාර්‍යක්ෂම තාක්ෂණයක් තිබීම අවශ්‍යය. සමනල වැව යකඩ නිස්සාරණය කර තිබෙන්නෙ ක්‍රි .පු. තෙවන සියවසේ දීය. ඒ සදහා යොදාගෙන තිබෙන උදුන් දැල්වීමට භාවිතා කර ඇත්තේ ස්වභාවික සුළං බලයයි.  කදු මුහුණතක ඉදි කර තිබෙන මෙම උදුන් කදු අතරින් ගලා එන සුළං මගින් පැය 12කට ආසන්න වෙලාවක් නොනිවී දැල්වේ. අදටත් වසරේ මෝසම් සුළං කාලයට සවස් යාමයේ එම ප්‍රදේශය හරහා හමන සුළං පසුදා පහන් වන තුරු අඛණ්ඩව හමා යයි. යකඩ සහිත ස්වභාවික ගල් කැබලි  කොටා මැටියෙන් සකස් කල උදුන්වලට දමා ඒ මත අගුරු ද එක්කොට සවස් කාලයේ ගි...

පෘථිවියේ පෙනහලු ඇමසන් වැසි වනාන්තරය

Image
  පෘථිවියේ පෙනහලු  ඇමසන් වැසි  වනාන්තරය  ඇමසන් වැසි වනාන්තරය පෘතුවියේ හරිත කළාලයයි.  මෙම වනාන්තරය පෘථිවිය මත ශේෂව ඇති නිවර්තන වැසි වනාන්තර වල විශාලත්වයෙන් හරි අඩකට හිමිකම් කියයි. පෘථිවියේ පෙනහලු ලෙසින් ඇමසන් වැසි වනාන්තරය නම් කරයි.  එහි විශාලත්වය වර්ග කිලෝමීටර  මිලියන 6.9ක් ලෙස  සැලකෙනවා . එමෙන්ම ලොව වැඩිම ජල ඝනත්වයක් ඇති ගග වන ඇමසන් මෙය හරහා ගලා යන අතර , අතු ගංගා 1100කින් සමන්විත එහි ගංගා 17ක් සැතපුම් 1000කට වඩා  දිගකින් යුතු ඒවා වෙනවා . ජල මට්ටම ඉහළදිනවලදී ඇමසන් ගග දිනකට ජලය කියුබ් බිලියන 500ක් පමණ අත්ලාන්තික් සාගරයට මුදාහරිනවා.  ශාක විශේෂ  වර්තමානයේ වාර්තාගත ශාක වර්ග වලින් 2/3කට නිවහන වන්නේ ඇමසන් වනාන්තරයයි. ඇමසන් නදියේ බටහිර නිම්නය සැලකෙන්නේ ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථානය ලෙසයි. ඇමසන් භූමියේ එක හෙක්ටයාරයක් තුළ විවිධ වර්ගයන්ට අයත් ශාක වර්ග 40ක් - 100ක් අතර ප්‍රමාණයක් දක්නට ලැබේ. ඇමසන් වනයේ වාර්තාගත ශාක වර්ග ප්‍රමාණය 80,000ක් ඉන් ශාක වර්ග 40000ක්ම සැලකෙන්නෙ ගෝලීය දේශගුණය පාලනය කිරීමට හා ජල චක්‍රය ස්ථායිව පවත්වාගෙන යාමට උපකාරී වන ශාක...