ශ්‍රි ලංකාවේ වනාන්තර වල ජෛව විවිධත්වය

 ශ්‍රි ලංකාවේ 

වනාන්තරවල 

ජෛව විවිධත්වය 

මිහිතලය මත වෙසෙන සෑම ජීවියෙක්ම ස්වරූපය , ගති ලක්ෂණ අතින් එකිනෙකට වෙනස් වේ.  පෘථිවි තලය පුරා විවිධාකාර වූ පරිසර පද්ධති විහිදී විසිරී පවතී. පෘථිවියේ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂින ධ්‍රැවය දක්වා විවිධ දේශගුණික තත්ත්වයන් නිසා විවිධ ආකාරයේ පරිසර පද්ධති නිර්මාණය වී තිබීම මෙයට හේතුවයි . වඩාත් ඉහල ජෛව විවිධත්වයක් දක්නට ලැබෙනුයේ උණුසුම් තෙත් පරිසරයක් ඇති ඝර්ම කලාපය තුලයි.  ජෛව විවිධත්වය යනු " යම් පරිසර පද්ධතින් අතර හෝ එහි දක්නට ලැබෙන ජිවීන් ශාක හෝ ශාක හෝ සතුන් අතර දැකිය හැකි විවිධත්වය "  ලෙස හැදින්විය හැකිය. 

ජෛව විවිධත්වයේ වැදගත්කම 

1. පස සහ ජලය සංරක්ෂණය 

2. පරිසරයෙ විවිධ සාධක වල සමතුලිතතාවය ( කාබන් , නයිට්‍රජන් හා ජල චක්‍රය සහ උෂ්ණත්වය ) පවත්වා ගැනීමට.

3. මත්ස්‍යයන්ගේ අභිජනන මධ්‍යස්ථාන ලෙස වෙරළ කලාපයේ කඩොලාන භාවිතා වීම.

4. විවිධ ජෛව විශේෂ වලට ආධාරයක් වන කොරල්පර භාවිතා වීම

5. ජෛව විවිධත්වය මගින් රටක විද්‍යාත්මක සෞන්දර්යාත්මක හා සංස්කෘතිකමය අගය වැඩි කරයි. 

6. ජනතාවට අවශ්‍ය සියලුම නිෂ්පාදන ලබා ගැනීමෙ හැකියාව ඇත.  ආහාර , සෙවන , කෙදි වර්ග, ඖෂධ  (ක්වීනින්, පෙනිසලින්) විවිධ රසායනික ද්‍රව්‍ය , දැව ආදී විවිධ වර්ගයේ නිෂ්පාදන ලබා දේ. 

7. අලුත් ශාක හා සත්ව ප්‍රභේද ඇති කිරීම මෙන්ම ශාක හා සත්ව ප්‍රභේද වැඩි දියුණු කිරීමට.

ජෛව විවිධත්වය විනාශ වීමට බලපාන කරුණු 

1. වනාන්තර විනාශය 

හේන් වගාව , වතු වගාව , සංවර්ධන ව්‍යාපාර , ජනාවාස ඉදි කිරීම , අනවසර එළි කිරීම් , අධික තීව්‍රතාවයකින් වනාන්තර වලින් දැව ලබා ගැනීම හා ස්වභාවික හේතු නිසා වනාන්තර විනාශයට පත් වේ. ලංකාවේ 1890 දී 70%ක් පමණ පැවති ඝන වන ආවරණය අද වන විට 23.9% දක්වා පහත බැස ඇත්තේ ඉහත කරුණු නිසාය. 

2. ආගන්තුක ජීවින් හදුන්වා දීම 

පරිසර පද්ධතියකට යම් ජීවියෙක් අලුතින් එක්වීම සමහර විට එම පරිසර පද්ධතිය බිද වැටීමට හේතුවිය හැකි. ආගන්තුක ජීවින් හදුන්වා දීම නිසා සමහර සත්ව විශේෂ වදවීගිය අවස්ථා දැකිය හැක. උදා -: මුරිසි දිවයිනේ Do Do පක්ෂියාගේ බිත්තර පෘතුගීසින් විසින් ගෙන ආ ඌරන් විසින් කා දැමීම නිසා එම පක්ෂියා වදවිය. ලංකාවට විදේශ වලින් පැමිණි සැල්වීනියා, යෝධ නිදිකුම්බා යන ශාක පරිසර පද්ධතීන්ට තර්ජනයක් වී ඇත. 

3. ශාක සහ සතුන් පමණ ඉක්මවා ප්‍රයෝජනයට ගැනීම

උදා -: උතුරු ඇමරිකාවේ පැසෙන්ජර් පිජන් නැමැති පරෙවියා ආහාර සදහා අධික ලෙස දඩයම් කිරීම නිසා ලොවින් තුරන් වීම. ලංකාවේ පරාක්‍රම සමුද්‍රයේ හා යෝධ වැවේ ජීවත්ව සිටි කැබිලිත්තාද අධිකව මරා දැමීම නිසා වද වී යාම.

4.කාර්මික සංවර්ධනය හා තාක්ෂණික දියුණුව 

  අම්ල වැසි ඇතිවීම මගින් සංවේදී ජිවීන් හා පරිසර පද්ධති අනතුරට පත් වීම  (මාලුන් හා සමනලුන් )පෘථිවි උණුසුම ඉහළයාම . කොරල්පර විනාශ වීම.

5.දඩයම් කිරීම

ඉහත සදහන් හේතු කරුණු නිසා වර්ෂ 1600 සිට අද දක්වා පෘෂ්ඨවංශී සතුන්ද මල් හටගන්නා ශාක විශේෂද 700කට වඩා මෙලොවින් තුරන් වී ඇති බව වාර්තා වී ඇත.

ශ්‍රි ලංකාව විසින් 1994 වර්ෂයේ ජෛව විවිධත්වය සුරැකීමේ ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව ජාතික ජෛව විවිධත්වය ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර වනාන්තර වල ජෛව විවිධත්වය සුරැකීමට ප්‍රමුඛතාවය ලබා දී ඇත.

සටහන

 නෙත්මිණී අභයරත්න 

මුලාශ්‍ර - වන සංරක්ෂන දෙපාර්තමේන්තුව 

ඡායාරූප  අන්තර්ජාලය  ඇසුරිනි 










Comments

Post a Comment

Popular posts from this blog

සීගිරියේ ජල උද්‍යාන තාක්ෂණය

වලාකුළු

පෘථිවියේ පෙනහලු ඇමසන් වැසි වනාන්තරය