Posts

ශ්‍රි ලංකාවේ වනාන්තර

Image
 ශ්‍රි ලංකාවේ  වනාන්තර  කදුකර වනාන්තර  වාර්ෂික වර්ෂාපතනය 1800mm කට වඩා වැඩියෙන් ලැබෙන මුහුදු මට්ටමින් 1500m ට වඩා උස ප්‍රදේශවල වැවෙන වනාන්තර කදුකර වනාන්තර ලෙස හැදින්වේ. මෙම ප්‍රදේශවලට ජලය හිග කාලයක් නොමැති අතර සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ට්‍රිගේඩ් අංශක 15ක් පමණ වේ.  කදුකර වනාන්තරවල විශාල ප්‍රමාණයක් තේ වැවීමත් , අර්තාපල් වැවීමත් සදහා එළි කිරීම නිසා විනාශයට පත් වී ඇත.  හග්ගල , පිදුරුතලාගල , කිකිලියාමාන, මිපිලිමාන වැනි ප්‍රදේශයන්හි පිහිටි වනාන්තර මෙම වර්ගයට අ‍යත් වේ. කදුකර වනාන්තරවල ශාක 10-15ක් පමණ උසට වැඩෙන අතර කද සහ අතු ඇඹරුණු සහ ගැට සහිත ස්වරූපයක් පෙන්වයි.  ගස් මුදුන් පැතලි වන අතර පත්‍ර සිහින්‍ වේ. වියන් ස්ථරයකුත් ඊට යටින් පිහිටි කුඩා ශාක සහිත  පදුරු ස්ථරයකුත් ඇත.  පහතරට වැසි වනාන්තර  වාර්ෂික වර්ෂාපතනය 2500mm කට වඩා ලැබෙන මුහුදු මට්ටමේ සිට 1000m ක් දක්වා වන වියළි කාලයන් රහිත ප්‍රදේශවල වැවෙන වනාන්තර  අයත් වේ. සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ට්‍රිගේඩ් අංශක 25කට වඩා වැඩිය. පස රතු කහ පොඩ්සොලික් වේ.  වතු වගාව හා ජනාවාසකරනය නිසා විනාශ වෙමින් පවති. ශ...

ශ්‍රි ලංකාවේ වනාන්තර වල ජෛව විවිධත්වය

Image
 ශ්‍රි ලංකාවේ  වනාන්තරවල  ජෛව විවිධත්වය  මිහිතලය මත වෙසෙන සෑම ජීවියෙක්ම ස්වරූපය , ගති ලක්ෂණ අතින් එකිනෙකට වෙනස් වේ.  පෘථිවි තලය පුරා විවිධාකාර වූ පරිසර පද්ධති විහිදී විසිරී පවතී. පෘථිවියේ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂින ධ්‍රැවය දක්වා විවිධ දේශගුණික තත්ත්වයන් නිසා විවිධ ආකාරයේ පරිසර පද්ධති නිර්මාණය වී තිබීම මෙයට හේතුවයි . වඩාත් ඉහල ජෛව විවිධත්වයක් දක්නට ලැබෙනුයේ උණුසුම් තෙත් පරිසරයක් ඇති ඝර්ම කලාපය තුලයි.  ජෛව විවිධත්වය යනු " යම් පරිසර පද්ධතින් අතර හෝ එහි දක්නට ලැබෙන ජිවීන් ශාක හෝ ශාක හෝ සතුන් අතර දැකිය හැකි විවිධත්වය "  ලෙස හැදින්විය හැකිය.  ජෛව විවිධත්වයේ වැදගත්කම  1. පස සහ ජලය සංරක්ෂණය  2. පරිසරයෙ විවිධ සාධක වල සමතුලිතතාවය ( කාබන් , නයිට්‍රජන් හා ජල චක්‍රය සහ උෂ්ණත්වය ) පවත්වා ගැනීමට. 3. මත්ස්‍යයන්ගේ අභිජනන මධ්‍යස්ථාන ලෙස වෙරළ කලාපයේ කඩොලාන භාවිතා වීම. 4. විවිධ ජෛව විශේෂ වලට ආධාරයක් වන කොරල්පර භාවිතා වීම 5. ජෛව විවිධත්වය මගින් රටක විද්‍යාත්මක සෞන්දර්යාත්මක හා සංස්කෘතිකමය අගය වැඩි කරයි.  6. ජනතාවට අවශ්‍ය සියලුම නිෂ්පාදන ලබා ගැනීමෙ හැකියා...

ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය

Image
 ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය  ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොදින් දැන සිටියහ. ලංකාවේ යකඩ නිස්සාරණය කිරීමේ පැරණි තාක්ෂණය කෙබදු දැයි වටහා ගැනීමට ඉවහල් වන ප්‍රධාන අවස්ථා දෙකක් තිබේ . එයින් පළමු වැන්න සබරගමු පළාතට අයත් බලංගොඩ සමනළ වැව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උදුන් ය.ස්වභාවික පරිසරයේ පවතින යකඩ බහුල ගල් වලින් යකඩ ලෝහය වෙන් කර ගැනීමට නම් ඒවා අධික උෂ්ණත්වයට රත් කල යුතුය. යකඩ උණුවන්නෙ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1538දීය. මෙලෙස අධික උෂ්ණත්වයක් ලබා ගැනීමට නම් ඉතාම කාර්‍යක්ෂම තාක්ෂණයක් තිබීම අවශ්‍යය. සමනල වැව යකඩ නිස්සාරණය කර තිබෙන්නෙ ක්‍රි .පු. තෙවන සියවසේ දීය. ඒ සදහා යොදාගෙන තිබෙන උදුන් දැල්වීමට භාවිතා කර ඇත්තේ ස්වභාවික සුළං බලයයි.  කදු මුහුණතක ඉදි කර තිබෙන මෙම උදුන් කදු අතරින් ගලා එන සුළං මගින් පැය 12කට ආසන්න වෙලාවක් නොනිවී දැල්වේ. අදටත් වසරේ මෝසම් සුළං කාලයට සවස් යාමයේ එම ප්‍රදේශය හරහා හමන සුළං පසුදා පහන් වන තුරු අඛණ්ඩව හමා යයි. යකඩ සහිත ස්වභාවික ගල් කැබලි  කොටා මැටියෙන් සකස් කල උදුන්වලට දමා ඒ මත අගුරු ද එක්කොට සවස් කාලයේ ගි...

පෘථිවියේ පෙනහලු ඇමසන් වැසි වනාන්තරය

Image
  පෘථිවියේ පෙනහලු  ඇමසන් වැසි  වනාන්තරය  ඇමසන් වැසි වනාන්තරය පෘතුවියේ හරිත කළාලයයි.  මෙම වනාන්තරය පෘථිවිය මත ශේෂව ඇති නිවර්තන වැසි වනාන්තර වල විශාලත්වයෙන් හරි අඩකට හිමිකම් කියයි. පෘථිවියේ පෙනහලු ලෙසින් ඇමසන් වැසි වනාන්තරය නම් කරයි.  එහි විශාලත්වය වර්ග කිලෝමීටර  මිලියන 6.9ක් ලෙස  සැලකෙනවා . එමෙන්ම ලොව වැඩිම ජල ඝනත්වයක් ඇති ගග වන ඇමසන් මෙය හරහා ගලා යන අතර , අතු ගංගා 1100කින් සමන්විත එහි ගංගා 17ක් සැතපුම් 1000කට වඩා  දිගකින් යුතු ඒවා වෙනවා . ජල මට්ටම ඉහළදිනවලදී ඇමසන් ගග දිනකට ජලය කියුබ් බිලියන 500ක් පමණ අත්ලාන්තික් සාගරයට මුදාහරිනවා.  ශාක විශේෂ  වර්තමානයේ වාර්තාගත ශාක වර්ග වලින් 2/3කට නිවහන වන්නේ ඇමසන් වනාන්තරයයි. ඇමසන් නදියේ බටහිර නිම්නය සැලකෙන්නේ ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථානය ලෙසයි. ඇමසන් භූමියේ එක හෙක්ටයාරයක් තුළ විවිධ වර්ගයන්ට අයත් ශාක වර්ග 40ක් - 100ක් අතර ප්‍රමාණයක් දක්නට ලැබේ. ඇමසන් වනයේ වාර්තාගත ශාක වර්ග ප්‍රමාණය 80,000ක් ඉන් ශාක වර්ග 40000ක්ම සැලකෙන්නෙ ගෝලීය දේශගුණය පාලනය කිරීමට හා ජල චක්‍රය ස්ථායිව පවත්වාගෙන යාමට උපකාරී වන ශාක...

වලස් පවුලේ සාමාජිකයෝ

Image
 වලස් පවුලේ  සාමාජිකයෝ වලසා යනු පෘථිවියේ විශාලතම විලෝපියකයාය .බොහෝ වලසුන් විශේෂ හොදින් පීනති . හිම වලසුන්ට මේ සදහා විශාල පටලයක් ඇත . වලසෙකුගේ ආයු ආපේක්ශාව අවුරුදු 45 දක්වා ළගා විය හැකිය . විශාල හා තියුණු නියපොතු ආධාරයෙන්  මෙම සතුන් පොළොව යටින් ආහාර ලබා ගනී.  ගොදුරු ඉරා දමා ගස් නගති.  අනතුරකදී වලසුන්ගේ වේගය පැයට කිලෝමීටර 50ක් දක්වා ළගා විය හැකිය.  වල්සුන් සුවද විලවුන් ආධාරයෙන් පරිසරය පිළිබද තොරතුරු ලබා ගැනීම සදහා ඔවුන්ගේ කකුල් මත සිටගෙන සිටියී. හිම වලසුන් සුදු පැහැතිය , පැන්ඩා කලු හා සුදු පැහැතිය, අදුරු ලොම් සහිත විශේෂ අලු පැහැයට හැරෙන අතර මහලු වියේදී අලු පැහැයට හැරේ . වලසුන් විශේෂ 8ක් හදුනාගන්නා අතර ඒවා විවිධ උප විශේෂ වලට බෙදා ඇත. දුඹුරු වලසා  මෙම වලසුන්ගේ සිරුර ලොම් වලින් දුඹුරු තද අලු, රතු පැහැයෙන් ආවරණය වී ඇත. ෆින්ලන්තය, ඇල්ප්ස් කදුකරය  ,ආසියාව , චීනය , වයඹදිග එක්සත් ජනපදය ,රුසියානු වනාන්තර වල දැකිය හැක. තරමක් විශාල ශරීරයක් , කුඩා කන් හා ඇස් ඇති දැවැන්ත හිසක්,  ඉතා බලගතු නියපොතු සහිතයි.  හිම වලසා සිරුරේ දිග මීටර් 3ක් වන අතර ස්කන්ධය ටො...

තල්මස් දඩයම

Image
තල්මස් දඩයම තල්මසුන් දඩයම සම්බන්ධ ජත්‍යන්තර කොමිසම (international whaling commission (IWC) විසින් එම කොමිසමට අදාළ රටවලට තල්මසුන් දඩයම් කිරීම තහනම් කරන්නෙ 1986 වසරේදී ය. ඒ සමහර තල්මසුන් වර්ග වදවීගෙන යාමේ තර්ජනයකට මුහුණ පෑම හේතුවෙන් 1946 වසරේදී තල්මසුන් දඩයම සම්බන්ධ ජත්‍යන්තර කොමිසම ආරම්භ වන්නෙ තල්මස් දඩයම නියාමනය පිළිබද ජත්‍යන්තර සම්මුතිය (international convacation for the Regulation of whaling ) නිර්මාණය කිරීමටය. 1946 වසරේ දෙසැම්බර් 2වන දා එම සම්මුතියට රටවල් සමූහයක් විසින් අත්සන් තබනව . ඒ ඇමරිකාවෙ වොෂින්ටනයේදී . වර්තමානයේ මෙහි සමාජික රටවල් සංඛ් ‍ යාව 89ක් පමණ වේ. එම කොමිසම විසින් සමාජික රටවල් විසින් සිදු කෙරෙන වෙළෙඳාම සදහා තල්මසුන් දඩයම් කිරීම සම්පූර්ණයෙන් තහනම් කරන්නෙ 1986 වසරේදී ය. 1986 වසරෙන් පසුවත් විවිධ ව්ද්‍යාත්මක පරීක්ෂණ සදහා ජපානය තල්මසුන් දඩයම් කරනව.එම දඩයම බොහෝවිට ක්‍රියාත්මක වන්නෙ උතුරු ශාන්තිකර සාගරයේ හා දකුණුදිග සාගරයේ . එම විද්‍යත්මක ව්‍යාපෘතිය ජපානය විසින් හදුන්වා දී ඇත්තෙ JARPA හා JARPAN ලෙසයි . එම ව්‍යාපෘතිය විවේචනය කරන අනෙකුත් රටවල් පවසා සිටින්නෙ පරීක්ෂණ සද...

නාගරික අඩු ආදයම්ලාබී ජනාවාස

Image
නාගරික අඩු ආදයම්ලාබී ජනාවාස එක්සත් ජාතින්ගේ නියෝජිත ආයතනයක් වන UN HABITAT දක්වන ලෙස මුඩුක්කු යනු නගරයක දුර්වල ප්‍රදේශයක් වන අතර ඒවායෙහි බාල තත්ත්වයේ නිවාස සහ පැල්පත් මෙන්ම නිවාස අයිතිය නොමැති වීම ආදි ලක්ෂණ සහිතය. එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුව ලොව පුරා බිලියන 1ක ජනගහනයක් මුඩුක්කු වල ජීවත් වේ. 2030 වන විට එම ප්‍රමාණය බිලියන දෙකක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මොවුන් නාගරික සමාජය තුළ ජීවත් වන විශේෂ සමාජ කොටසක් ලෙස දැකිය හැකිය. මුඩුක්කු හා පැල්පත් වල දක්නට ඇති සමාජ ව්‍යුහය නගරයේ ආර්ථිකය හා දුගීබාවය පදනම් කොටගෙන සැකසී ඇත. අද වන විට ඇමරිකාවෙ චිකාගෝ නගරය ආදී ඉහළ ආදයම් රටවලත් මුඩුක්කු වර්ධනය වී ඇත. මෙම පැල්පත් නිවාස බොහෝ විට නගර පර් ‍ යන්තයේ ගොඩනගන අතර ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් වලින් යුක්ත නොවේ. විශේෂයෙන් මෙම මුඩුක්කු හා පැල්පත් වාසින්ට ඔවුන්ට ආවේණික සංස්කෘතියක් දැකගත හැකිය . එම සංස්කෘතියට අනුගත්වීමෙන් මේ වැසියන් නොයෙක් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සහ අපරාධ වලට යොමු වීමෙ ඉහළ අනුපාතයක් පවතී. බොහෝ මුඩුක්කු වැසියන් අවිධිමත් ආර්ථික කටයුතු වල නිරත වේ . එනම් මොවුන් මත්ද්‍රව්‍ය...