Posts

පෘථිවියේ පෙනහලු ඇමසන් වැසි වනාන්තරය

Image
  පෘථිවියේ පෙනහලු  ඇමසන් වැසි  වනාන්තරය  ඇමසන් වැසි වනාන්තරය පෘතුවියේ හරිත කළාලයයි.  මෙම වනාන්තරය පෘථිවිය මත ශේෂව ඇති නිවර්තන වැසි වනාන්තර වල විශාලත්වයෙන් හරි අඩකට හිමිකම් කියයි. පෘථිවියේ පෙනහලු ලෙසින් ඇමසන් වැසි වනාන්තරය නම් කරයි.  එහි විශාලත්වය වර්ග කිලෝමීටර  මිලියන 6.9ක් ලෙස  සැලකෙනවා . එමෙන්ම ලොව වැඩිම ජල ඝනත්වයක් ඇති ගග වන ඇමසන් මෙය හරහා ගලා යන අතර , අතු ගංගා 1100කින් සමන්විත එහි ගංගා 17ක් සැතපුම් 1000කට වඩා  දිගකින් යුතු ඒවා වෙනවා . ජල මට්ටම ඉහළදිනවලදී ඇමසන් ගග දිනකට ජලය කියුබ් බිලියන 500ක් පමණ අත්ලාන්තික් සාගරයට මුදාහරිනවා.  ශාක විශේෂ  වර්තමානයේ වාර්තාගත ශාක වර්ග වලින් 2/3කට නිවහන වන්නේ ඇමසන් වනාන්තරයයි. ඇමසන් නදියේ බටහිර නිම්නය සැලකෙන්නේ ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථානය ලෙසයි. ඇමසන් භූමියේ එක හෙක්ටයාරයක් තුළ විවිධ වර්ගයන්ට අයත් ශාක වර්ග 40ක් - 100ක් අතර ප්‍රමාණයක් දක්නට ලැබේ. ඇමසන් වනයේ වාර්තාගත ශාක වර්ග ප්‍රමාණය 80,000ක් ඉන් ශාක වර්ග 40000ක්ම සැලකෙන්නෙ ගෝලීය දේශගුණය පාලනය කිරීමට හා ජල චක්‍රය ස්ථායිව පවත්වාගෙන යාමට උපකාරී වන ශාක...

වලස් පවුලේ සාමාජිකයෝ

Image
 වලස් පවුලේ  සාමාජිකයෝ වලසා යනු පෘථිවියේ විශාලතම විලෝපියකයාය .බොහෝ වලසුන් විශේෂ හොදින් පීනති . හිම වලසුන්ට මේ සදහා විශාල පටලයක් ඇත . වලසෙකුගේ ආයු ආපේක්ශාව අවුරුදු 45 දක්වා ළගා විය හැකිය . විශාල හා තියුණු නියපොතු ආධාරයෙන්  මෙම සතුන් පොළොව යටින් ආහාර ලබා ගනී.  ගොදුරු ඉරා දමා ගස් නගති.  අනතුරකදී වලසුන්ගේ වේගය පැයට කිලෝමීටර 50ක් දක්වා ළගා විය හැකිය.  වල්සුන් සුවද විලවුන් ආධාරයෙන් පරිසරය පිළිබද තොරතුරු ලබා ගැනීම සදහා ඔවුන්ගේ කකුල් මත සිටගෙන සිටියී. හිම වලසුන් සුදු පැහැතිය , පැන්ඩා කලු හා සුදු පැහැතිය, අදුරු ලොම් සහිත විශේෂ අලු පැහැයට හැරෙන අතර මහලු වියේදී අලු පැහැයට හැරේ . වලසුන් විශේෂ 8ක් හදුනාගන්නා අතර ඒවා විවිධ උප විශේෂ වලට බෙදා ඇත. දුඹුරු වලසා  මෙම වලසුන්ගේ සිරුර ලොම් වලින් දුඹුරු තද අලු, රතු පැහැයෙන් ආවරණය වී ඇත. ෆින්ලන්තය, ඇල්ප්ස් කදුකරය  ,ආසියාව , චීනය , වයඹදිග එක්සත් ජනපදය ,රුසියානු වනාන්තර වල දැකිය හැක. තරමක් විශාල ශරීරයක් , කුඩා කන් හා ඇස් ඇති දැවැන්ත හිසක්,  ඉතා බලගතු නියපොතු සහිතයි.  හිම වලසා සිරුරේ දිග මීටර් 3ක් වන අතර ස්කන්ධය ටො...

තල්මස් දඩයම

Image
තල්මස් දඩයම තල්මසුන් දඩයම සම්බන්ධ ජත්‍යන්තර කොමිසම (international whaling commission (IWC) විසින් එම කොමිසමට අදාළ රටවලට තල්මසුන් දඩයම් කිරීම තහනම් කරන්නෙ 1986 වසරේදී ය. ඒ සමහර තල්මසුන් වර්ග වදවීගෙන යාමේ තර්ජනයකට මුහුණ පෑම හේතුවෙන් 1946 වසරේදී තල්මසුන් දඩයම සම්බන්ධ ජත්‍යන්තර කොමිසම ආරම්භ වන්නෙ තල්මස් දඩයම නියාමනය පිළිබද ජත්‍යන්තර සම්මුතිය (international convacation for the Regulation of whaling ) නිර්මාණය කිරීමටය. 1946 වසරේ දෙසැම්බර් 2වන දා එම සම්මුතියට රටවල් සමූහයක් විසින් අත්සන් තබනව . ඒ ඇමරිකාවෙ වොෂින්ටනයේදී . වර්තමානයේ මෙහි සමාජික රටවල් සංඛ් ‍ යාව 89ක් පමණ වේ. එම කොමිසම විසින් සමාජික රටවල් විසින් සිදු කෙරෙන වෙළෙඳාම සදහා තල්මසුන් දඩයම් කිරීම සම්පූර්ණයෙන් තහනම් කරන්නෙ 1986 වසරේදී ය. 1986 වසරෙන් පසුවත් විවිධ ව්ද්‍යාත්මක පරීක්ෂණ සදහා ජපානය තල්මසුන් දඩයම් කරනව.එම දඩයම බොහෝවිට ක්‍රියාත්මක වන්නෙ උතුරු ශාන්තිකර සාගරයේ හා දකුණුදිග සාගරයේ . එම විද්‍යත්මක ව්‍යාපෘතිය ජපානය විසින් හදුන්වා දී ඇත්තෙ JARPA හා JARPAN ලෙසයි . එම ව්‍යාපෘතිය විවේචනය කරන අනෙකුත් රටවල් පවසා සිටින්නෙ පරීක්ෂණ සද...

නාගරික අඩු ආදයම්ලාබී ජනාවාස

Image
නාගරික අඩු ආදයම්ලාබී ජනාවාස එක්සත් ජාතින්ගේ නියෝජිත ආයතනයක් වන UN HABITAT දක්වන ලෙස මුඩුක්කු යනු නගරයක දුර්වල ප්‍රදේශයක් වන අතර ඒවායෙහි බාල තත්ත්වයේ නිවාස සහ පැල්පත් මෙන්ම නිවාස අයිතිය නොමැති වීම ආදි ලක්ෂණ සහිතය. එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුව ලොව පුරා බිලියන 1ක ජනගහනයක් මුඩුක්කු වල ජීවත් වේ. 2030 වන විට එම ප්‍රමාණය බිලියන දෙකක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මොවුන් නාගරික සමාජය තුළ ජීවත් වන විශේෂ සමාජ කොටසක් ලෙස දැකිය හැකිය. මුඩුක්කු හා පැල්පත් වල දක්නට ඇති සමාජ ව්‍යුහය නගරයේ ආර්ථිකය හා දුගීබාවය පදනම් කොටගෙන සැකසී ඇත. අද වන විට ඇමරිකාවෙ චිකාගෝ නගරය ආදී ඉහළ ආදයම් රටවලත් මුඩුක්කු වර්ධනය වී ඇත. මෙම පැල්පත් නිවාස බොහෝ විට නගර පර් ‍ යන්තයේ ගොඩනගන අතර ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් වලින් යුක්ත නොවේ. විශේෂයෙන් මෙම මුඩුක්කු හා පැල්පත් වාසින්ට ඔවුන්ට ආවේණික සංස්කෘතියක් දැකගත හැකිය . එම සංස්කෘතියට අනුගත්වීමෙන් මේ වැසියන් නොයෙක් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සහ අපරාධ වලට යොමු වීමෙ ඉහළ අනුපාතයක් පවතී. බොහෝ මුඩුක්කු වැසියන් අවිධිමත් ආර්ථික කටයුතු වල නිරත වේ . එනම් මොවුන් මත්ද්‍රව්‍ය...

හරිත ලොවට වින කරන හරිතාගාර ආචරණය

Image
හරිත ලොවට වින  කරන හරිතාගාර  ආචරණය  මිනිස් ක්‍රියාකාරකම් නිසා ජගත් පරිසරයටත් ,සොබා සම්පත් වලටත් අසීමිත මෙන්ම දරාගත නොහැකි තරමේ පීඩා ඇතිවීමෙන් පවතින බවත් මේවාට නිසි විසදුම් නොයෙදුවොත් මිනිසාගේ මෙන්ම ගස් වැලද සෙසු සියලු සත්ත්වයින් ගේද අනාගතෙ අදුරේ හෙලන අන්දමේ විනාශයක් නුදුරින් ම එළඹෙනු ඇති බවත් පර්යේෂකයන් ලෝක නායකයන්ට හා වැසියන්ට අනතුරු අගව ඇත. 1992 ජගත් මිහිතල සමුළුව තුලින් ජීවය ලැබ 1997 දෙසැම්බර් 11 වන දින එළි දක්වන ලද කියොකෝ සම්මුතියට 2007 ජුනි මස වන විට අත්සන් කර ඇත්තේ ලොව රටවල් 194න් රටවල්172ක් පමණි . හරිතාගාර වායු විමෝචනය අඩු කරගැනීමෙ අරමුණින් ඉදිරිපත් කරන ලද මෙම සම්මුතිය තුලින් සිය රට මගින් නිදහස් කෙරෙන හරිතාගාර වායුන් ප්‍රමාණයක් කපා හැරීමට එකගත්වය පළ කරමින් නීතිමය බැදීමකට ඇත්තෙ එම රටවල් වලින් රටවල් 35ක් පමණි. ස්වභාවික හරිතාගාර වායුන්ගෙන් සමහරක් ස්වභාවික ක්‍රියාවලීන්ට අමතරව මානව මූලික ක්‍රියාකාරකම් නිසාද විශාල ප්‍රමාණයක් වායුගෝලයට නිදහස් වේ. පෘථිවි වායුගෝලයේ දක්නට ලැබෙන ප්‍රමුඛ අධෝරක්ත කිරණ අවශෝෂක වායු වන්නේ ජල වාෂ්ප , කාබන්ඩයොක්සයිඩ් හා ඕසොන් වායුවයි...

නොවිසදෙන අලි මිනිස් ගැටුම

Image
නොවිසදෙන අලි මිනිස් ගැටුම 2019 වසර තුළ දී ලංකාවේ වාර්තාගත ලෙස අලි ඇතුන් 361ක් මියගොස් ඇති බව පරිසරවේදින් පවසති.මින් වැඩි ප්‍රමාණයක් මරා දමනු ලැබ ඇත්තෙ මිනිසුන් විසිනි . 1948 නිදහස ලැබීමෙන් පසු වසරකදී වැඩිම අලි ඇතුන් මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තෙ පසුගිය වසරේදී ය. ලංකාව තුළ මේ වන විට අලි ඇතුන් 7500ක් පමණ දිවි ගෙවන බව ඇස්තමේන්තු කර ඇත . ඔවුන් මරා දැමීම නීති විරෝධීය. කෙසේ නමුත් ඔවුන් වනාන්තර වලින් පිටතට පැමිණ ගම් වැදීම හේතුවෙන් අලි මිනිස් ගැටුම නිරන්තරයෙන් අසන්නට ලැබේ. ලංකාව තුළ අලි ඇතුන්ට දැඩි ගෞරවයක් පළකෙරුණද , ඇතැම් ගොවීන් එම සත්ත්වයින් දකින්නෙ සිය වගා පාලු කරන කෘමීන් ලෙසය. අලි ඇතුන්ගේ මරණ වලින් 85% ක් සිදු වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ය .විදුලි වැට මෙන්ම ආහාරවල සගවා විවිධ විෂ වර්ග සහ පුපුරණ ද්‍රව්‍ය මෙම අලි ඇතුන්ට ලබා දීමට ඇතැම් ග්‍රාමීය පුද්ගලයෝ ක්‍රියා කරති. අලිමරණ කොපමණ අසන්නට ලැබුනත් ඒවාට විසදුම් තවමත් හරියාකරව දක්නට නොමැත. බොහෝ අවස්තාවල ඇත් දළ ජවාරම්කරුවන් විසින් දළ ඇතුන්ට වෙඩි තබා දළ කපාගෙන යන අවස්තා එමටය .අසරණ හස්තින්ට සදාරණයක් ඉටු වන දිනයක් නම් දක්නට නොමැත...

වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ කැලෑ බළල්ලු

Image
වදවීයාමේ  තර්ජනයට ලක්වීඇති  ශ්‍රී ලංකාවේ කැළෑ  බළල්ලු  ලෝකයේ වෙසෙන සත්ත්ව කුල අතර වැඩිම සත්ත්ව විශේෂ ප්‍රමාණය ක්අයත් වන්නෙ බළල් කුලයට ය. මහා බළල්ලු , කුඩා බළල්ලු සහ හීලෑ බළල්ලු වේ. මෙම කුලයේ සමාජිකයන් උපකුල දෙකකට බෙදෙයි. Pantherine , felinae යනුවෙනි . මහා බළල් කුලයේ චීටා උප විශේෂ 5ක් , වළාකුළු කොටි උප විශේෂ 6ක්, කොව්ගර් කොටි උප විශේෂ 6ක්, ජගුවර් විශේෂ 7ක්, කොටි විශේෂ 11ක්, සිංහයන් විශේෂ 7ක් , හිම කොටියා , සුන්ඩා වළාකුළු කොටි , බෙංගාල කොටි උප විශේෂ 8 අයත් වේ. බළල් කුලයට අයත් සමාජිකයන් අප්‍රිකාව , ආසියාව , උතුරු ඇමරිකාව , දකුණු ඇමරිකාව , යුරෝපය, යන මහද්වීපික රටවල ජිවත් වේ. ලංකාවේ බළල් කුලයේ විශේෂ 4ක් සිටි මොවුන් කැළෑ බළල්ලු ය. ශ්‍රී ලංකාවේ කොටියා ( sri lanka leopard ) , හදුන් දිවියා ( fishing cat) , වල් බළලා ( jungle cat), කොළ දිවියා ( Rusty spotted cat) යන විශේෂ වේ. ශ්‍රී ලංකාවේ කොටියා ශ්‍රී ලංකාවේ බළල් කුලයට අයත් විශාලම සාමාජිකයා වන කොටියා ලංකාවට ආවේනික වෙයි . බොහෝ දෙනා දිවියා යනුවෙන් කොටියා වරදවා හදුන්වයි. වියළි ප්‍රදේශ වලත් 2000mm වඩා වැඩි වර්ෂාපතනයක් ඇත...