සාගරයේ අබිරහස්

 සාගරයේ අබිරහස් 

පෘථීවියේ පිහිටි සාගරවල අප කිසිදා නොදන්නා අබිරහස් දේවල් කොපමණ නම් ඇති ද අද ලිපියෙන් අපි කතාබහ කරනු ලබන්නේ සාගරයේ සැගවී ඇති මේ අත්භූත අරුම පුදුම දේවල් පිළිබඳවයි.


බෝල්ටික් මුහුදේ විෂමතාව 

2011 දී බෝල්ටික් මුහුදේ නිධන් සහ ගැලවීම් සොයන සාගර ගවේෂකයන්ට බෝල්ටික් මුහුද පතුලේ අමුතු සලකුණු සහිත ඕවලාකාර හැඩැති වස්තුවක් හමු විය. ඔවුන් මුහුදු මට්ටමේ සිට අඩි 300ක් පහළින් පිහිටි මීටර් 70ක් දිග සහ වානේ පෙනුමැති එම වස්තුවේ සෝනාර් රූපයක් ලබා ගත්තේය. ඇතැමුන් කියා සිටියේ බෝල්ටික් මුහුදේ විෂමතාව UFOඑකක් වන බවයි. එය මිලේනියම් ෆොල්කන් හා සමාන වීම එයට හේතුවයි. තවත් සමහරු පවසන්නේ එය නැති වූ නගරයක නටබුන් බවයි. පර්යේෂකයන් මෙම විෂමතාව ගැන තවදුරටත් සොයා විමර්ශනය කර එය බෝල්ටික් මුහුදු ද්‍රෝණියේ වැඩි කොටසක් දියවන ග්ලැසියර්වලින් ඉතිරි වූ විශාල ග්ලැසියර් නිධියක් බව නිගමනයි කළහ. 


බ්ලුප් 

බ්ලුප් අතිශය අඩු සංඛ්‍යාත ඉහළ විස්තාරය සහිත දිය යට ශබ්දයක් විය. 1997 දී දකුණු පැසිෆික් සාගරයේ වාර්තා වූ අත්භූත බ්ලුප් ශබ්දය වැනි කිසිවක් මීට පෙර කිසිදු පර්යේෂකයෙක් අසා නොතිබුණි. එය ඉතා ඝෝෂාකාරී අඩු සංඛ්‍යාතයකින් යුක්ත වූ අතර ගැඹුරේ සැඟවී සිටින අලූතින් සොයාගත් ජීවියෙකු යැයි ඇතැමුන් සිතීමට තරම් අද්විතීය රටාවකින් යුක්ත විය. 1997 දී එක්සත් ජනපද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය විසින් මේ පිළිබඳව අනාවරණය කරනු ලැබීය. පර්යේෂකයන් වසර 2005 දක්වා ශබ්දයේ මූලාරම්භය සෙවීම දිගටම කරගෙන ගියේය. ඝෝෂාකාරී පෙර නොවූ විරූ සහ අද්භූත මේ ශබ්දය පිළිබඳව විවිධ පැහැදිලි කිරීම් ඉදිරිපත් විය. රහසිගත දිය යට හමුදා අභ්‍යාස, තල්මසුන්, යෝධ දැල්ලන් හෝ සම්පූර්ණයෙන්ම නොදන්නා මුහුදු ජීවියෙකු යන දෑ මෙම ශබ්දයට හේතු විය හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙන ලදී. කෙසේ වෙතත් විශාල අයිස් කුට්ටි ග්ලැසියර් කැඩී යාමේදී ඇතිවන ශබ්දයට මෙම ශබ්දය අනුකූල බවද පර්යේෂකයන් අනුමාන කරයි. ඔවුන් ප්‍රකාශ කළේ එය අයිස් කම්පනයක් බවයි. එය සිදු වන්නේ අයිස් කුට්ටි ග්ලැසියර්වලින් බිදී යාමත් සමග වන බවයි.


දිය යට බෝග කව  (Pufferfish)

ක‍පන් පෆර්ෆිස් කෙනෙක් සහකරුවෙකු ආකර්ෂණය කර ගැනීමට සහ දිනා ගැනීමට අසාමාන්‍ය වැලි මූර්ති නිර්මාණය කරයි. මීටර් හයක් දක්වා වූ කොරල් කැබලි වලින් සරසා ඇති මෙම විසිතුරු කව 1995 දී දකුණු ජපානයට ආසන්න මුහුදු පත්ලෙන් සොයා ගන්නා ලද අතර වසර 16ක් පුරා මෙය අභිරහසක්ව පැවතුනි. කෙසේවෙතත් 2011 දී පර්යේෂකයන් සොයා ගත්තේ එය අගල් පහක් දිග වන බවත් එය ගොඩනගන්නේ පිරිමි පෆර්ෆිස් බවත්ය. පෆර්ෆිස් දින ගණනාවක් රවුම් ප්‍රදේශයේ සහ ඉන් පිටතට පිහිනමින් තම වරල් භාවිතා කරමින් වැලි හාරා ගත කරන බව නිරීක්ෂණය විය. මේ සියලූ උත්සාහයන් කරනු ලබන්නේ සහකරු හෝ සහකාරිය ආකර්ෂණය කර ගැනීමටයි.


 නර්වාල් 

නර්වාල් යනු සාගරයේ ගැඹුරේ ඇති තවත් ප්‍රහේලිකාවක් වන අතර එහි දිගු දළයේ ක්‍රියාකාරිත්වය බොහෝ විවාදයට ලක්ව ඇත. බොහෝ පර්යේෂකයන් විශ්වාස කරන්නේ එය මුවෙකුගේ අං මෙන් ලිංගිකව පොළඹවා ගැනීම සඳහා භාවිතා කරන බවයි. වෙනත් පර්යේෂකයන් ප්‍රකාශ කරන්නේ නර්වාල් යනු පරිසරයේ සිදුවන වෙනස්කම් හදුනා ගත හැකි සංවේදී ඉන්ද්‍රියක් හෝ වෙනත් නර්වාල් සහ විලෝපිකයන් සමග සටන් කිරීමට ආයුධයක් වන බවයි. 2017 දී කැනේඩියානු පර්යේෂකයන් විසින් පටිගත කරන ලද ඩ්‍රෝන් දර්ශන මගින් යෝජනා කළේ දඩයම් කිරීමේදී මත්ස්‍යයන් විස්මයට පත් කිරීමට නර්වාල්ට තම දළ භාවිතා කළ හැකි බවයි.


සිතියම් ගත නොකළ සාගර පතුල 

පෘථීවි පෘෂ්ඨයෙන් සියයට හැත්තෑවක් සාගරයට පහළින් ඇත. නමුත් සාගරය සිතියම්ගත කර ඇතත්  (සැතපුම් තුනක් හෝ ඊට වැඩි දිග ප්‍රමාණයක්) පමණක් නිසි ලෙස දැකිය හැකිය. එහි අදහස වන්නේ අපගේ සාගරවලින් 95්‍ර ක් සැගවී ඇති බවයි. සාගර අභ්‍යයන්තයේ විශ්මිත දෑ වර්තමානයේ දිගින් දිගටම හමුවෙමින් පවති. මෑත සොයාගැනීම් වලට නව මෝරෙකු වන Genie's dogfish සහ මෙතෙක් වාර්තා වී ඇති දිගම සත්වයා වන මීටර් 47ක් දිග Apolemia (jellyfish) සත්ත්වයෙකු පර්යේෂකයන් විසින් මෙම වසර මුලදී සොයාගෙන ඇත. 


කිරි මුහුදේ සංසිද්ධිය 

වසර සිය ගණනක් තිස්සේ නැවියන්ට ඇසට පෙනෙන මුහුදේ අමුතු කිරි වැනි දෙයක් අහඹු ලෙස හමු වූ බව වාර්තා කර ඇත. නමුත් පර්යේෂකයන්ට එය පැහැදිලි කිරීමට හෝ එය සැබෑවක් දැයි නිිශ්චිතව දැන ගැනීමට නොහැකි විය. 2006 දී පර්යේෂකයන්ට සැබෑවටම කිරි මුහුදක චන්ද්‍රිකා ඡායාරූපයක් ග්‍රහණය කර ගැනීමට හැකි වූ අතර වසර ගණනාවකට පසු පර්යේෂණවලින් සොයා ගන්නා ලද්දේ එය මාලූ ආකර්ශනය කර ගන්නා ජෛව දීප්තිය බැක්ටීරියාවක් විය හැකි බවය. එහෙත් අභ්‍යවකාශයේ සිට දැකගත හැකිවන පරිදි බැක්ටීරියා විශාල වශයෙන් එකතු වන්නේ කෙසේද සහ ඇයි දැයි පර්යේෂකයන්ට තවමත් නිශ්චිත නැත. ඊට අමතරව කෙටි ආලෝකයක් නිපදවන බහුලව දක්නට ලැඛෙන ඩයිනොෆ් ලැජලේට්ජීවීන් මෙන් නොව ඒවායේ දීප්තිය අඛණ්ඩව පවතී. 


දම් පාට ගෝලය 

2016 දී සාගර පර්යේෂක ටයිටැනික් ගවේෂක Robert නම් පර්යේෂකයා විසින් ආරම්භ කරන ලද ගවේෂණ යාත්‍රාවේ පර්යේෂකයන් කැලිෆෝනියාවේ සාගර පත්ලේ අමුතු දම් පැහැති තලයක් සොයා ගත්හ. එය කුමක් විය හැකිද යන්න ගැන විශ්මයට පත් වූ පර්යේෂකයන් එය මකුළු බිත්තර මල්ලක් හෝ බූවල්ලෙක් යැයි සිතුවේය. එය අමුතු හා විශ්මිත ජෙලිෆිෂA විශේෂයක් මෙන් පෙනේ. මෙය කුමක්ද යන්න පිළිබඳව පර්යේෂණ සිදුවෙමින් පවතී. නමුත් එය ගොලූඛෙල්ලන් විශේෂයක් වන velutinids නව විශේෂයක් ලෙස උපකල්පනය කර ඇත. 


යෝධ දැල්ලන් 

යෝධ දැල්ලන් සැබෑ ලෙසම නැව්වලට පහර දෙනවා යැයි සිතිය නොහැකිය. මෙම අද්භූත සත්ත්වයා ගැන මිනිසුන් දන්නේ අල්ප වශයෙනි. මෙම සත්ත්වයා 2004 වන තෙක් ජීවමානව ඡායාරූප ගත කර නොතිබූ අතර වසර කිහිපයකට පසුවද මතුපිටින් අල්ලා ගන්නා තෙක් ඡායාරූප ගත කර නොමැත. සාගරය යට මෙම සත්තවයා පිළිබඳව වීඩියෝ දර්ශන ද 2012 වන තෙක් සිදු කර නොතිබුණි. සමහර ඇස්මේන්තු අනුව ඔවුන් අඩි 66ක් දක්වා වර්ධනය වන බව අනාවැකි පළ කළ ද මෙම ගැඹුරු මුහුදේ දැවැන්තයන්ගේ ජීවිත ගැන පර්යේෂකයන් පවා දැන සිටියේ නැත. ඔවුන් කොතරම් විශාල ද යන්න පවා කවුරුත් දැන සිටියේ නැත. 


මුහුද යට භූ විද්‍යාව 

සාගරයේ භූමි ප්‍රදේශය ගැන අප නොදන්නා බොහෝ දේ ඇත. අප දකින සාගරයේ ගොඩබිම ඇති දේ තරම්ම විශ්මය ජනක දෑ පවති. අවට සාගරයට වඩා ලවණ ජල සාන්ද්‍රණය වැඩි අධික තටාක මතුපිට විල් නිර්මාණය වී ඇත. පෘථීවියේ විශාලතම දිය ඇල්ල ඩෙන්මාර්ක සමුද්‍ර සන්ධියේ දිය යට තුළ දක්නට ලැබේ. එහිදී සීතල ජලය සාගර පත්ලේ විශාල ජල බිඳු මතට වැටී අඩි 11,500ක් පහළට වැටේ. එමෙන්ම සාගරය යට ගිනිකදු පිපිරීම් ද සිදු වේ. මෙතෙක් සිදු වූ විශාලතම පිපිරීම මෑතක සිදු විය. මේ සියල්ල  පවතින බව පර්යේෂකයන් දැන සිටියද ඒවායේ යාන්ත්‍රණයන් තවමත් විමර්ශනය වෙමින් පවතින අතර එය කිසිවෙකු විසින් සොයා නොගත් ව්‍යාකූල විද්‍යා අබිරහස් වලින් එකක් බවට පත්ව ඇත. 


නිල් තල්මසුන් 

මුහුදේ සිටින මෙම අද්භූත යෝධයන් පෘථීවියේ මෙතෙක් ජීවත් වූ විශාලතම සත්ත්වයා වේ. නමුත් අර්ධ වශයෙන් තල්මසුන් වෙළඳාම, දඩයම් කිරීම සහ ඔවුන්ගේ මන්දගාමී ප්‍රජනනය හේතුවෙන් ඔවුන්ව වඳ වී යාමට ආසන්නව සිටින සත්ත්ව විශේෂයක් වේ. මෙම සතුන් අධ්‍යයනය කිරීමට අපහසු වන්නේද බොහොමයක් සතුන් වද වී ගොස් ඇති නිසාය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් කොපමණ කාලයක් ජිවත් වන්නේද ඔවුන් ලිංගික පරිණතභාවයට පත්වීම හෝ ඔවුන්ගේ ප්‍රජනනය පිළිබඳව විශේෂතා ඇතුළුව මෙම නොපෙනෙන ජීවීන් පිළිබඳව බොහෝමයක් තොරතුරු දන්නේ ස්වල්ප දෙනෙක් පමණි. මෙම සතුන්ගේ ලැජ්ජාශීලි බව නිසාද ඔවුන් නිරීක්ෂණය කිරීමට අපහසු වේ. 2017 දී ශ්‍රීලංකාවේන් ඔබ්බට මින් පෙර නුදුටු නිල් තල්මසුන්ගේ හැසිරීම් පිළිබඳව වීඩියෝවක් කැමරාවට හසු විය. මෙම සතුන්ගේ පෙරළීම සහ ධාවන තරග හැසිරීම පිළිබඳව කරුණු පර්යේෂකයන් අතර මතභේදයට තුඩු දුන්නේය. පර්යේෂකයන් නැවත පර්යේෂණ කිරීමට පැමිණීමට සැලසුම් කර ඇත්තේ ඔවුන්ට මේ පිළිබඳව වැඩිදුර ඉගෙනගත හැකි දැයි බැලීම සඳහාය. 


අමරණීය ජෙලිෆිස්

රෝස පැහැති කුඩා ජීවියෙකු වන මෙම මුහුදු සත්වයා කුසගින්නෙන් හෝ තුවාල වීමෙන් තර්ජනයට ලක් වූ විට නැවත පොලිප් අවධියකට ආපසු යාමට හැකියාව මෙම සත්වයාහට ඇත. එය මරණය අනිබවා යන ආකාරයක් නිසා අමරණීය ජෙලිෆිස් යන නාමය මෙම සත්ත්වයා හට ලබා දී ඇත. මෙම විශේෂය වසර සියයක පමණ කාලයක සිට දැන සිටියද මෙම ඇදහිය නොහැකි සංසිද්ධිය සොයාගනු ලැබුවේ 1990 ගණන්වලදීය. පර්යේෂකයන්ට තවමත් එහි සෙල නැවත වර්ධනය වන්නේ කෙසේද යන්න පිළිබඳව නිශ්චිතවම විශ්වාස නැත. නමුත් අමරණීය ජෙලිෆිස් සත්ත්වයන්ට මිනිසුන්ගේ පිළිකා වැනි රෝග වලට එරෙහිව සටන් කිරීමට හැකියාවක් ඇති බව සොයාගෙන ඇත. 


මරියානා ආගාධය 

මරියානා දූපත්වලට ඔබ්ඛෙන් වූ සාගරයේ මෙම ස්ථානය පෘථීවියේ ගැඹුරුම ස්ථානයයි. සැතපුම් 7කට ආසන්න පහළින් මුහුදේ එතරම් ගවේෂණය නොකළ මෙම ප්‍රදේශයට මෙතෙක් පැමිණ ඇත්තේ තිදෙනෙකු පමණි. 1960 දී සාගර පර්යේෂකයන් දෙදෙනෙකු සහ චිත්‍රපට නිෂ්පාදක සාගර ගවේෂක ෙජ්ම්ස් කැමරන් 2012 දී ගවේෂණයන් කරනු ලැබ ඇත. එය සම්පූර්ණයෙන්ම අදුරු වන අතර වර්ග අගලකට ටොන් අටක දැඩි පීඩනයක් සහිතය. කෙසේ හෝ සාගර ජීවින් එවැනි පරිසරයක ජීවත් වීමට පවා එම පරිසරය සමෘද්ධිමත් වී ඇත. කෙසේවෙතත් අද්විතීය පරිසර පද්ධතියක් පිළිබඳව වැඩි දුර පර්යේෂණ කළ යුතුය. එය එතරම් දුරස්ථ වුව ද එයද  දූෂණයට ලක් වෙමින් පවතී. මේ වසරේ පර්යේෂකයන් මරියානා ආගාධයෙන් ලබාදුන් ඡායාරූප දත්ත ගබඩාවක ප්ලාස්ටික් බෑගයක් ඇති බවට සාක්ෂි සොයා ගත්හ. කනගාටුවට කරුණක් නම් පරිසර දූෂණය පෘථීවියේ අනෙකුත් වඩාත්ම විශ්මිත ස්වභාවික අරුම පුදුම දේවලට ද බලපා ඇති බවයි.



යෝධ ඔර්ෆිස්

මොවුන් අතීතයේ සිටි මුහුද රකුසන් විය හැකි බව සමහරුන්ගේ විශ්වාසයයි. මෙම සර්පයෙකු වැනි සත්ත්වයා පෘථීවියේ දිගම අස්ථී මාලූවා වේ. අඩි 56ක් දක්වා වර්ධනය වන අතර බර රාත්තල් 600කි. නමුත් ඔවුන් ජීවත් වන්නේ අඩි 3300ක් පමණ ගැඹුරක බැවින් කලාතුරකින් දැකිය හැකි. මෙම ජීවියා ගැන වැඩි යමක් බොහෝදෙනා නොදනී. 2013 දී කැලිෆෝනියාවේ වෙරළ තීරයේදී මියගිය ඔර්ෆිස්ර්දෙදෙනකු සොයා ගත්තේය. සාමාන්‍යයෙන් ගැඹුරු මුහුදේ සිටින සතුන් වෙරළට යාමට යම් සන්නිවේදනයක් ක්‍රියාත්මක වේ දැයි පර්යේෂකයන් විශ්වාස කරන්නේ භුමිකම්පාවලට පෙර බොහෝ සත්ත්වයන් වෙරළට පැමිණීම නිසාය. මෙම සිද්ධිය හේතුවෙන් පර්යේෂකයන්ට මෙම සත්ත්වයන් අධ්‍යයනය කිරීම සඳහා පහසු වී ඇත. මෙම සත්ත්වයන්ගේ DNA සාම්පල පර්යේෂකයන්ට එම සත්ත්වයා පිළිබඳව සොයා ගැනීමට උපකාරි වී ඇත. 



යෝනගුනි ස්මාරකය ජපානයේ අත්ලාන්තිස් 

ඒවා මිනිසා විසින් සාදන ලද පියගැටපෙළවල් ද නැතිනම් භූමිකාවකින් ගිලී ගිය පුරාණ පිරමිඩද නැතහොත් ස්වාභාවික පාෂාණමය කොටස් ද යන්න අබිරහසක් ය. ජපානයේ  ඇට්ලන්ටිස් යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ජපානයේ වෙරළට ඔබ්ඛෙන් වූ මෙම යෝනගුණි ස්මාරකය 1986 දී කිමිදුම්කරුවෙකු විසින්සොයා ගත් දා සිට පර්යේෂකයන් පර්යේෂණ සිදු කර ඇත. එය වඩාත් මෑතකාලීන හා වඩාත්ම කුතුහලය දනවන කරුණක් විය. පුදුමයට කරුණක් නම් යෝනගුනි ස්මාරකය නිර්මාණය කළේ මිනිසුන්ද නැතිනම් සොබාදහමද යන්න පිළිබඳව පර්යේෂකයන් තවමත් තර්ක කරති. ගලෙහි සලකුණු කරන ලද මුහුණු සතුන්ගේ කැටයම් ස්වභාවිකව සිදු වුනු සීරීම්ද යන්න තවමත් සොයාගෙන නැත. එය අද සංචාරකයන් අතර ජනප්‍රිය කිමිදුම් ස්ථානයක් වන අතර පර්යේෂකයන්ට තවමත් පැහැදිලි කළ නොහැකි පුරාණ අබිරහස් වලින් එකක් ලෙස හැදින්විය හැකිය. 


බර්මියුඩා ත්‍රිකෝණය

ලෝක සිතියමක් ගෙන බැලුවිට පුවටෝ රිකෝ දිවයිනත් ඇමරිකාවේ ෆ්ලොරිඩා හි මයාමි නගරයත් බර්මියුඩා දූපත් එකිනෙකට යා කිරීමෙන් ත්‍රිකෝණයක් ලැබේ. එය බර්මියුඩා ත්‍රිකෝණය එහෙමත් නැත්නම් යක්ෂයාගේ ත්‍රිකෝණය ලෙස හදුන්වයි. පෘථීවි තලයෙහි එක්තරා සීමාවකින් ගමන් ගන්නා ගුවන් යානා සහ නෞකාවන් යම්කිසි අදෘශ්‍යමාන වූ බලවේගයක් හමුවේ. අතුරුදන් වීමේ අබිරහස තවමත් නොවිසඳුණු ගැටලූවකි. බටහිර යුරෝපයේ උතුරු අත්ලාන්තික් මුහුදු සීමාවේ පවතින මෙම බර්මියුඩා ත්‍රිකෝණ කලාපය හරහා ගමන් ගන්නා ගුවන් යානා සහ නෞකාවන් විශාල ප්‍රමාණයක් මේ වන විට අතුරුදන් ව ඇත. මේ අබිරහස පිළිබඳව විද්‍යාත්මක මතයන් ඉදිරිපත් කර ඇත. 


පර්යේෂකයන් නව සාගර ජීවීන්සොයා ගැනීම සඳහා ජීවිත පරදුවට තබා අඩි 13000 ත් 20000 ත් අතර ආගාධ ප්‍රදේශවලට ගමන් කරයි. ඕස්ටේ්‍රලියාව ආසන්නයේ මෑතකදී කරන ලද ගවේෂණයකදී 1873 සිට මෙහි දක්නට නොලැබුණු එතරම් ප්‍රසිද්ධ නොවූ ජීවි විශේෂ සිය ගණනක් සොයා ගන්නා ලදී. පර්යේෂකයන් විසින් එකතු කරන ලද අනෙකුත් දුර්ලබ නිදර්ශක අතර කටු කිං කකුළුවා, වඳුරු බිදෙන තාරකා වද ඇතුළත් වේ. සිනිදු හිස Blobfish සහ ගැඹුරු මුහුදේ කටුස්සා මාලූ සත්ත්ව විශේෂ සිටි. තවමත් සොයාගෙන නොමැති සතුන් කොපමණ සිටින්නේ දැයි කිව නොහැකිය. 


සටහන

චමෝදා නෙත්මිණී අභයරත්න 

තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි 


Comments

Popular posts from this blog

සීගිරියේ ජල උද්‍යාන තාක්ෂණය

වලාකුළු

පෘථිවියේ පෙනහලු ඇමසන් වැසි වනාන්තරය