ලෝකයේ දූෂිතම වායු ඇති රටවල්

 ලොව පුරා සිදුවන මරණවලට ප්‍රධානතම හේතුවක් වූ වායූ දූෂණය සහ ලෝකයේ දූෂිතම වායූ ඇති රටවල් 

පරිසර දූෂණය යනු ස්වභාවික පරිසරයට අහිතකර බලපෑමක් ඇති කළ හැකි දූෂක ද්‍රව්‍ය පැවතීමයි. කැපී පෙනෙන දූෂක ආකාර දෙක වන්නේ වාතය සහ ජල දූෂණයයි. බොහෝ ආකාරයේ දූෂණයන් මිනිසුන්ගේ ශාකවල සහ සතුන්ගේ හෝ සමස්ථ පරිසර පද්ධතිවල සෞඛ්‍යයට පුලුල් හා දිගුකාලීන  ඍනාත්මක බලපෑමක් ඇති කළ හැකිය. 

වායු දූෂණය මූලික වශයෙන් හදුන්වා දෙනු ලබන්නේ පොසිල ඉන්ධන දහනය මගිනි. විශාලතම දායකත්වය සපයන්නේ ෆොසිල ඉන්ධන වලින් ක්‍රියාත්මක වන වාහන ( මෝටර් රථ, ට්‍රක් රථ, ගුවන් යානා, නැව් ආදිය) සහ ගල් අගුරු හෝ තෙල් දහනය කරන බලාගාර සහ කර්මාන්තශාලාය. දැව හෝ ෆොසිල ඉන්ධන දහනය කිරීම සම්බන්ධ ඕනෑම ක්‍රියාකාරකමක් මගින් අංශු දුව්‍ය මුදා හැරිය හැක.  මෙයට දුම්කොළ නිෂ්පාදනය ලිප් සහ උදුන්, ඉටිපන්දම් වැනි ගෘහ මට්ටමේ මූලාශ්‍ර ද ඇතුළත් වේ. ගිනිකඳු සහ ලැව්ගිනි ද වායූ දූෂණයේ කැපී පෙනෙන ප්‍රභවයන් විය හැක. 

හුස්ම ගැනීමේ ගැටලු, ඇදුම උග්‍රවීම සහ සහජ ආබාධ ඇතුළු සෞඛ්‍ය ගැටළු සදහා වායු දූෂණය දායක වන බව ඔප්පු වී ඇත. ගෝලීය වශයෙන් බෝ නොවන රෝග සදහා ප්‍රමුඛතම අවදානම් සාධක අතර විෂ දූෂණය ද වේ. සියළුම මරණ වලින් 72%ක් බෝ නොවන රෝග නිසා සිදුවන අතර ඉන් 16%ක් සිදුවන්නේ විෂ දූෂණය හේතුවෙනි. පෙනහලු රෝගවලින් සිදුවන මරණවලින් 53%ක්  සදහා විෂ දූෂණය වගකිව යුතුය. 

ලෝකයේ වැඩිම වායු දූෂණය ඇති රටවල්

1.පාකිස්තානය 

ලෝකයේ  වඩාත් දූෂිතම නගරය වන්නේ පාකිස්තානයේ ලාහෝර් වන අතර එහි සාමාන්‍ය PM2.5 සාන්ද්‍රණය 59.00කි. පන්ජාබ් හී AQI මට්ටම 2019 වසරේ සෞඛ්‍යයට ඉතා අහිතකර ශ්‍රේණිගත කිරීම්වල පැවති අතර මේ වනවිට එය ඉහළ මට්ටමකට ළගා වී ඇත. පාකිස්තානයේ මාර්ගවල වැඩිවන වාහන සංඛ්‍යාවෙන් ඉහළ යන දූෂණය අත්විඳීමින් සිටී. ගඩොල් පෝරණු, වානේ මෝල් වලින් දුම සහ කුණු ගිනි තැබීම හේතුවෙන් වායූ දූෂණය ඉහළ යමින් පවතී. දේශගුණික විපර්යාස පිළිබඳව පාකිස්තාන අමාත්‍යවරයා පාකිස්තානයේ දුමාරය සම්බන්ධයෙන් ඉන්දියාවට දොස් පවරයි. කෙසේ වෙතත් පාකිස්තාන ජනතාව පවසන්නේ ඔවුන්ගේ රජයට අර්බුදය නිරීක්ෂණය කිරීමට හෝ ඒ සම්බන්ධව පියවර ගැනීමට උනන්දුවක් නොමැති බවයි. 

2.ඉන්දියාව 

51.90ක සමාන්‍ය PM2.5 සාන්ද්‍රණයක් සහිත ඉන්දියාව ලෝකයේ දූෂිතම දෙවෙනි රට වේ.  ලෝකයේ වඩාත්ම දූෂිත නගර 30න් 21ක් ඉන්දියාවේ පිහිටා ඇත. ඉන්දියාවේ සහ ලෝකයේ වඩාත්ම දූෂිත නගරය කාන්පූර් වන අතර නගරයේ වෛද්‍ය විද්‍යාලයට මසකට ශ්වසන රෝග රෝගීන් 600ක් පමණ ලැබේ.  ඉන්දියාවේ සෞඛ්‍යයට අහිතකර පරිසර දූෂණ මට්ටම් වාහන, ගල් අගුරු සහ දර දැවීම, දුවිලි කුණාටු  සහ ලැව්ගිනි දෑ වලින් හදුනා ගත හැකිය. ඉන්දියාවේ අගනුවර වන දිල්ලි ඉන්දියාවේ දූෂිතම වාතය සදහා ප්‍රසිද්ධය. ඒ හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීමට  සිදුවනවා මෙන්ම මාර්ග අනතුරු ඇතිවීම, පාසල් වසා දැමීමට සිදුවන අතර ටජ්මහලේ සුදු කිරිගරුඬ බිත්ති පවා කහ සහ කොළ බවට පත් කරයි. ඉවුම් පිහුම් සහ උණුසුම් කිරීම සදහා මිනිසුන් දර සහ ගොම වැනි ඉන්ධන මත යැපෙන  අතර තවමත් බෝග පිදුරු පුලුස්සා දැමීමට පුරුදුව සිටින බැවින් ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශ ද වායු  දූෂණයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.

3.බංග්ලාදේශය 

ලෝකයේ වඩාත්ම දූෂිත රටක් වන අතර සාමාන්‍ය PM2.5 සාන්ද්‍රණය 77.10 වන අතර එය කෙසේ වෙතත් 2019 දී 83.30 සහ 2018 දී 97.10 සිට අඩුවීමකි. රටේ ප්‍රධාන පාරිසරික දූෂකයන් වන්නේ වායු හා ජල දූෂණය, භූ ගත ජලය දූෂණය, ශබ්ද දූෂණය සහ ඝන අපද්‍රව්‍යය. ඩකා නගරය ලෝකයේ දූෂිතම නගරවලින් එකකි. වායු දූෂණය අතින් ගත් කල බංග්ලාදේශයේ විශාලතම ප්‍රභවය වන්නේ එහි ගඩොල් සෑදීමේ කර්මාන්තය වන අතර ඒවායෙහි  මිලියනයක ජනතාවක් සේවය කරන අතර සෑම වසරකම  ගඩොල් බිලියන 23ක් නිර්මාණය කරයි. ගඩොල් සෑදීමේ දී භාවිතා කරන පෝරණු දර හෝ ගල් අගුරු දහනය කර දුම සහ දූවිලි විශාල ප්‍රමාණයක් ඇති කරයි.  ගඩොල් සදහා ඇති ඉල්ලුම වැඩි නිසා ගඩොල් සෑදීමේ කර්මාන්තය වැඩි වශයෙන් වර්ධනය වී ඇත.  එය වායු දූෂණය වැඩි කිරීමට හේතු වී ඇත.

4.මොංගෝලියාව 

මොංගෝලියාව ලෝකයේ දූෂිතම රටවලින් හතරවන ස්ථානයයි. මොංගෝලියාවේ සාමාන්‍ය PM2.5 සාන්ද්‍රණය 46.60කි. මොංගෝලියාවේ විශාලතම දූෂණ ප්‍රභවය වන්නේ ගල් අගුරු සහ දැව හෝ බෝග අපද්‍රව්‍ය වැනි අනෙකුත් ජෛව ස්කන්ධ උදුන් තුළ පුලුස්සා දැමීමයි. මොංගෝලියාවේ අගනුවර වන Ulan  Bator හි, පසුගිය වසර දහය තුළ ශ්වසන ආසාදන 270%කින් වැඩි වී ඇති අතර, අගනුවර ජීවත්වන දරුවන්ගේ පෙනහලු ක්‍රියාකාරිත්වය ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන අයට වඩා 40%කින් අඩුය. මොංගෝලියාවේ පවුල් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන ගැබිණි මව්වරුන්ගෙන් 70-90%ක් පමණ වායූ දූෂණයෙන් රෝගී වී ඇත. දින දෙකක් වයස ඇති ළදරුවන්ට නියුමෝනියාව හෝ වෙනත් ශ්වසන රෝග ඇති බව හදුනා ගෙන ඇත. 

5.ඇෆ්ගනිස්තානය 

සාමාන්‍ය PM2.5 මට්ටම 46.50ක්  සමගින් ඇෆ්ගනිස්තානය ලෝකයේ දූෂිතම රට පස්වන ස්ථානයයි. 2017දී සංඛ්‍යා පෙන්නුම් කරන්නේ වායූ දූෂණය ඇෆ්ගනිස්තානයේ යුද්ධයට වඩා භයානක බවයි. එම වසරේ වායූ දූෂණය ආශ්‍රිත රෝග හේතුවෙන් පුද්ගලයන් 26000ක් පමණ ජීවිතක්ෂයට පත්වී ඇති අතර ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 3483කට ජීවිත අහිමි විය. අඩු වර්ෂාපතනය, භූ ගත ජලය අක්‍රමවත් භාවිතය සහ නගරවල ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැතිකම හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ පානීය ජලයෙන් 80%ක් පමණ දූෂණය වී ඇත. පිරිසිදු පානීය ජලය නොමැතිකම බොහෝවිට ආහාර විෂවීමට හේතු වී ඇත.

2022 වර්ෂයේ  දත්තවලට අනුව ලෝකයේ දූෂිතම නගර

1.Lahore, Pakistan 

2.Delhi , India 

3.Dhaka, Bangaladesh

4.Ghaziabad, India 

5.Muzaffarnagar, India 

6.Peshawar, Pakistan 

7.Aguascalientes, Mexico

8.Hapur, India 

9.Lucknow, India 

10.Patna, India 

11.Dammam, Saudi Arabia

12.Ulan Bator, Mongolia 

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) දත්ත වලට අනුව වායු දූෂණය සෑම වසරකම මිලියන 7ක අකල් මරණ වලට හේතුවන පෙන්වා දේ . පරිසර දූෂණයෙන් සිදුවන හානිය වඩාත් පැහැදිලිව පෙනෙන්නට ඇති හෙයින් පෘථිවියට සිදුවන හානිය වළක්වා ගැනීම සදහා රටවල් හරිත විකල්ප දෙස බලයි. සූර්‍ය හා සුළං බලශක්තිය, පරිසර හිතකාමී ගොඩනැගිලි ද්‍රව්‍ය සහ විෂ නොවන නිෂ්පාදන පරිසරය ආරක්ෂා කිරීම සදහා වැඩි වැඩියෙන් භාවිතා වේ. මෙම  හරිත මූලාරම්භයන් ලොව පුරා සිදුවෙමින් පවතින අතර සමහර රටවලට තවමත්  බොහෝ දුර යා යුතුව තිබේ. 

සටහන

චමෝදා නෙත්මිණී අභයරත්න 

මූලාශ්‍ර - https://smartairfilters.com/en/blog/25-most-polluted-cities-world-2022-rankings/

චායාරූප අන්තර්ජාලය ඇසුරිනි 









Comments

Popular posts from this blog

සීගිරියේ ජල උද්‍යාන තාක්ෂණය

වලාකුළු

පෘථිවියේ පෙනහලු ඇමසන් වැසි වනාන්තරය