යමහල් විදාරණය

 



යමහල් විදාරණය ( ගිනිකඳු  පුපුරා යන්නේ කෙසේද ? )

ගිනිකඳු පිපිරීම් ස්වභාවික ලෝකයේ වඩාත්ම විස්මිත සංසිද්ධිය අතර වේ. පෘථිවි පෘෂ්ඨයට යටින් තාපය චලනය වන ආකාරය නිසා ගිනි කදු පුපුරා යයි.   භූ ගර්භයේ අභ්‍යන්තරයේ සිට මතුපිටට තාපය සම්ප්‍රේෂණය කරනු ලබන්නේ බොහෝදුරට සංවහනය මගිනි.  රත් වූ තරලයක චලනය මගින් තාපය මාරු කිරීම සිදුවේ. තරලය මැග්මා වේ. උණු කළ හෝ අර්ධ වශයෙන් උණු කළ පාෂාණ එය පෘථිවි මැන්ටලය සහ කබොල අර්ධ දියවීමේන් සැදේ.  මැග්මා ඉහළ යන අතර මෙම තාපය මුදා හැරීමේ ක්‍රියාවලියේ අවසාන පියවරේදී ගිනිකඳු හරහා මතුපිටින් පුපුරා යයි. 

බොහෝ ගිනිකඳු භූගෝලීය ක්‍රියාකාරීත්වය සමග සම්බන්ධව වේ. ජපානය, අයිස්ලන්තය, ඉන්දුනීසියාව සහ තවත් ස්ථානවල ගිනිකඳු පෘථිවි පෘෂ්ඨය සෑදී ඇති දැවැන්ත ඝන පාෂාන පෘෂ්ඨවල මායිම් මත සිදුවේ. එක් තට්ටුවක් තවත් තට්ටුවක් යටට ලිස්සා යනවිට, යටපත් වූ ගිලෙන තට්ටුවක සිර වූ ජලය දැවැන්ත පීඩනයකින් එයින් මිරිකා අසල ඇති පාෂාණ දියවීමට ප්‍රමාණවත් තාපයක් නිපදවා මැග්මා සාදයි. මැග්මා අවට ඇති පාෂාණයට වඩා උත්ප්ලාවක බැවින්, එය ඉහල යන අතර එය මතු පිටට ආසන්න කුටිවල එකතු විය හැක. කුටියක් පිරෙන විට ඇතුළත පීඩනය වැඩිවිය හැක.  කුටියට ඉහළින් ඇති පාෂානයේ බර මගින් ඇතිවන පහළ පීඩනය කුටීරයට යටින් ඇති පාෂාණ මගින් නිපදවන ඉහල පීඩනය වඩා අඩු වූ විට ඉහලින් ඉරි තැලීම් ඇති වේ. ඉහළට යන පීඩනය මැග්මාව ඉරිතැලීම හරහා තල්ලු කර මතු පිටින් ඇති වාතාශ්‍රවලින් පිටතට තල්ලු කළ හැකි අතර එහිදි එය ලාවා බවට පත් වේ. 

පෘථිවියේ ගැඹුරින් එය ඉතා උණුසුම් වන අතර සමහර පාෂාණ සෙමෙන් දිය වී මැග්මා නම් ඝන ගලා යන ද්‍රව්‍යයක්  බවට පත් වේ. එය වටා ඇති ඝන පාෂාණයට වඩා සැහැල්ලු බැවින් මැග්මා නැගී මැග්මා කුටිවල එකතු වේ. අවසානයේදී සමහර මැග්මා පෘථිවි පෘෂ්ඨයට වාතාශ්‍රය සහ ෆියර් හරහා තල්ලු කරයි. පුපුරා ගිය මැග්මා ලාවා ලෙස හැදින්වේ.  

සමහර  ගිනිකඳු පිපිරීම් පුපුරන සුලු වන අතර අනෙක් ඒවා එසේ නොවේ. පුපුරා යාමේ පුපුරන සුළු බව මැග්මා සංයුතිය මත රදා පවතී. මැග්මා සිහින් සහ දියර නම්, වායුන් එයින් පහසුවෙන් ගැලවිය හැක. මෙම වර්ගයේ මැග්මා පුපුරා ගිය විට එය ගිනි කන්දෙන් පිටතට ගලා යයි. උදාහරණයක් ලෙස හවායි ගිනි කදු  පිපිරීම් හැදින්විය හැක. ලාවා ගලා යන්නේ කලාතුරකිනි. මැග්මා ඝන සහ ඇලෙන සුළු නම් වායුන් පහසුවෙන් පිටවිය නොහැක. වායුන් ප්‍රචන්ඩ ලෙස පිටවී පිපිරෙන තුරු පීඩනය වැඩි වේ. හොද උදාහරණයක් වන්නේ වොෂින්ටනයේදී ශාන්ත හෙලන්ස් කන්ද පුපුරා යාමයි.  මෙම ආකාරයේ පිපිරීම් වලදී මැග්මා වාතයට පුපුරා ගොස් ටෙෆ්රා ලෙස හැදින්වෙන කැබලිවලට කැඩී යයි. ටෙෆ්රා කුඩා අලු අංශුවල සිට මහා පරිමාණයේ ගල් පර්වත දක්වා   විශාලත්වයෙන් යුක්ත විය හැක. 

පුපුරන සුලු ගිනිකඳු පිපිරීම් අනතුරුදායක හා මාරාන්තික විය හැක. ගිනි කන්දක පැත්තෙන් හෝ මුදුනේ සිට උණුසුම් ටෙෆ්රා වලාකුළු පුපුරවා හැරීමට ඔවුන්ට හැකිය. මෙම ගිනි අළු කදු බෑවුම් දිගේ දිව යන්නේ ඔවුන්ගේ මාර්ගයේ ඇති සෑම දෙයක්ම පාහේ විනාශ කර දමමිනි. අහසට පුපුරා ගිය අලු කුඩු හිම මෙන් නැවත පෘථිවියට වැටේ. ප්‍රමාණවත් තරම් ඝන නම්  අළු  ඇතිරිලි ශාක වල රැදේ. සතුන් මිනිස්සුන්ගේ හුස්ම හිර කරයි. උණුසුම් ගිනිකඳු ද්‍රව්‍ය ඇළ දොළවලින් හෝ උණු කළ හිම සහ අයිස්වලින් ජලය සමග මිශ්‍ර වූ විට මඩ ගලා යයි. 

ගිනිකඳු   කාලගුණයට සහ පෘථිවි දේශගුණයට බලපෑම් කළ හැකිය.  1991 පිලිපීනයේ පිනාටුබෝ කන්ද පුපුරා යාමෙන් පසුව ලොව පුරා සාමන්‍ය උෂ්ණත්වයට වඩා  උෂ්ණත්වක් වාර්තා වු අතර එමගින් සියුම් අළු සහ වායුන් ආන්තික ගෝලයට ඉහළට යවා විශාල ගිනිකඳු වලාකුළක් නිර්මාණය විය. මෙයින් සල්ෆර්ඩයොක්සයිඩ් (SO2) නිකුත් වී ඇත. 

 භූ විද්‍යාත්මක කාලය පුරාවට ගිනිකඳු පිපිරීම් සහ ඒ ආශ්‍රිත ක්‍රියාවලීන් මනුෂ්‍ය වර්ගයාට ඍජුව හා වක්‍රව බලපෑම් කරයි. ගිනිකඳු ද්‍රව්‍ය අවසානයේ බිදී කාලගුණය නිසා පෘථිවියේ වඩාත් සාරවත් පස් ඇති කරයි. ඒවා වගා කිරීම බහුල ආහාර නිෂ්පාදනය කර ඇත. තරුණ ගිනිකඳු භූ තාපජ ශක්තිය නිපදවීමට යොදගෙනඇත.

පෘථිවියේ සක්‍රීය ගිනිකඳු බලන විට මධ්‍ය අත්ලාන්තික් කදුවැටිය වැනි ව්‍යාප්ත ස්ථානවල සාගර පත්ලේ අඛණ්ඩ ගිනිකඳු පටි හැරුණු විට ලොව පුරා ක්‍රියාකාරී ගිනිකඳු 1350ක් පමණ ඇත. එම ගිනිකඳු 1350න් 500ක් පමණ ඓතිහාසික කාලය තුළ පුපුරා ගොස් ඇත. ඒවායින් බොහෝමයක් ගිනි වළල්ල ලෙස හදුන්වන පැසිෆික්හි ඇත. එක් ගිනිකන්දක පිපිරීමකින් කිලෝමීටර් සියගණනක් දුරින් හෝ වෙනත් මහද්වීපයක ගිනි කන්දක පිපිරීමක් ඇති කළ හැකි බවට සාක්ෂි නොමැත. 

සටහන 

චමෝදා නෙත්මිණී අභයරත්න 

මුලාශ්‍ර - https://www.usgs.gov/faqs/how-do-volcanoes-erupt

චායාරූප අන්තර්ජාලය ඇසුරිනි 













Comments

Popular posts from this blog

සීගිරියේ ජල උද්‍යාන තාක්ෂණය

වලාකුළු

පෘථිවියේ පෙනහලු ඇමසන් වැසි වනාන්තරය