ලෝකයේ කුරු අලීන් ජීවත් වෙනවාද ? කුරු අලීන් බිහිවන්නේ ඇයි?
ලෝකයේ කුරු අලීන් ජීවත් වෙනවාද? කුරු අලීන් බිහිවන්නේ ඇයි?
ලෝකයේ සිටින එකම කුරු අලියා සිටින්නේ උඩවලව ජාතික වනෝද්‍යානයේය.ශ්‍රී ලංකාවේ උඩවලව ජාතික වනෝද්‍යානයේ දී ප්‍රථම වරට නිරීක්ෂණය වූ කුරු අලියා මේ වසරේ එම ප්‍රදේශයටම නැවත පැමිණ සිටීම සතුටකි. මන්ද ඔහු වටා සිටින විශාල අලි ඇතුන්ටත් වඩා ඔහුගේ පැවැත්ම සදහා බොහෝ අභියෝගවලට මුහුණ දෙන බැවිනි. නමුත් මෙම සත්ත්වයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව නිළධාරින් පවසා සිටී.අඩි පහක් පමණ උසින් යුත් කුරු අලියාගේ පැවැත්ම පර්යේෂකයන් මවිතයට පත් කරයි.
ලෝකයේ ප්‍රථම වතාවට කුරු අලියෙක් පිළිබඳව තොරතුරු සොයාගෙන ඇත්තේ සිසිලි දූපතේ නැගෙනහිර ප්‍රදේශයේදීය. 1958දී කුරු අලීන්ගේ බවට සැක කෙරෙන අස්ථි විශාල සංඛ්‍යාවක් සොයා ගැනීමට සත්ත්ව විද්‍යා පර්යේෂකයන් සමත් විය. මීට අමතරව සයිප්‍රස් රටෙන් සහ මෝල්ටා දූපත ආසන්නයේද මෙසේ කුරු අලීන්ගේ බවට අනුමාන කෙරෙන අස්ථි විශාල ප්‍රමාණයක් සත්ත්ව විද්‍යා පර්යේෂකයන් විසින් සොයාගෙන ඒවා උපයෝගී කරගෙන සත්ත්ව අනුරූ සාදා ඇත. මීට අමතරව මැමත් වර්ගයේ සත්ත්ව විශේෂයක් ශ්‍රී ලංකාවේ ජීවත්ව සිට වදවී ගොස් ඇති බව ආචාර්ය දැරණියගල මහතා විසින් හෙළිදරව් කර ගෙන ඇත. මෙවැනි සත්ත්ව කොටසක් ජිවත්ව සිටි බවට සාධක වශයෙන් අස්ථි කොටස් ද පුරා විද්‍යාත්මක කැණීම්වලදී සොයාගෙන ඇත. රත්නපුර ප්‍රදේශයේ කළ කැණීම්වලදී සොයාගත් අස්ථි කොටස් රත්නපුර වනජීවී කාර්යාල කෞතුකාගාරයේ සුරක්ෂිතව තබා ඇත.
කුරු අලියෙකුගේ උපත සිදුවන ආකාරය ගැන විද්‍යාත්මක හේතු සහ ඒ හා සම්බන්ධ තොරතුරු විමසා බැලීම වැදගත් වේ.මේ අලීන් කුඩාවට වැඩෙන්නේ පෝෂණ ඌණතාවයක් නිසා බව මහාචාර්ය සරත් කොටගම මහතා දක්වා ඇත. එමනිසා මොවුන්ට උපතින්ම කුඩා සිරුරක් හිමිවන බව ඔහු පෙන්වා දී ඇත. ඕනෑම සත්ත්වයෙකු බිහිවීමට බලපාන ප්‍රධානතම සාධකය මව්පියන්ගේ පාර්ශ්වයෙන් උරුම වන ජානමය ස්වභාවයයි.එම ජානවල ඇති ප්‍රබල ජාන හේතුකොටගෙන නිරෝගී සත්ත්වයෙක් බිහිවන අතර දුබල ජාන නිසා වර්ධනයෙන් අඩු යම් යම් දුර්වලතාවයන්ගෙන් යුතු සතුන් බිහි වේ. මෙසේ දුර්වලතා හේතුවෙන් බිහිවන සතුන්ගේ ශරීර අවයව බොහෝවිට විවිධ ආබාධයන්ට ලක්වෙනවා. යම් යම් විකලාංග තත්ත්වයෙන් සමන්විත සතුන් බිහිවන්නේ දුබල ජාන හේතුකොටගෙනයි. කුරු අලි බිහිවනුයේද මෙවැනි ජාන විකෘතිතා නිසාය. අලින්ගේ පවුල් සමාජයේද සමීප ලේ නෑදෑයන් සමග ලිංගික සම්බන්ධතා ඇතිවීමට ඉඩ නොතියයි. වැඩිහිටි අලින් මේ සදහා අපූරූ විධික්රමයක් යොදා ගනී.අලි රංචුවක සිටින කුඩා පිරිමි අලි පැටවුන් ලිංගික අතින් පරිණත වූ විට එවැනි පිරිමි අලීන් රැලෙන් පන්නා දමයි. එසේ සිදු කරන්නේ දුබලතා ඇති අලි පැටව් බිහිවීම වළක්වා ගැනීමටයි. ලිංගික පරිණත භාවයට පත් වූ පසු රැලෙන් එළවා දමන පිරිමි අලියෙක් නැවත ඒ රැළට එකතු කර ගැනීමක් සිදුවන්නේ නැත. උඩවලව රක්ෂිතයේ මේ දිනවල සැරිසරන කුරු අලියා ද එවැනි ආකාරයේ සමීප නෑදෑ ලිංගික සම්බන්ධයක් හේතුකොටගෙන ජාන විකෘතිභාවයක් නිසා බිහි වූ අලියෙක් බව මේ අනුව අනුමාන කළ හැකිය.
කුරු අලීන්ගේ ස්වභාවය ගැන විමසා බලනවිට සාමාන්‍යයෙන් උසින් අඩු නමුත් ශක්තියෙන් වැඩිය.උඩවලවේදී දකින්නට ලැබුණු මේ කුරු අලියාගේ පිටුපස ගාත් දෙක කුඩාවන අතර ඉදිරිපස ගාත් ලොකුය.ඉදිරිපස පාද දෙකට සාපේක්ෂව පිටුපස පාද දෙක කුඩාවට පිහිටා තිබේ. මේ අලියගේ හිස ශරීරයට සාපේක්ෂව විශාල ලෙස වැඩී තිබේ. කුරු අලියා ගමන් කරන්නේ යම් තරමක අපහසුවකින් බවත් පාදවල කුඩා බව නිසා ශරීරයේ බර දරා ගත නොහැකිව තිබෙන බවත් වන සත්ත්ව අඩවි නිළධාරින් පවසා ඇත. මොහු වයසින් අවුරුදු 20-30ත් අතර ප්‍රමාණයේ වැඩුණු පිරිමි සතෙකි. සාමාන්‍යයෙන් කුරු අලියෙක් උපදින විටම උස සෙන්ටිමීටර් 80ක් පමණ වන අතර බර 168kg ක් පමණ වෙන බව සොයාගෙන ඇත. කුරු අලියාගේ ස්ථිර වාසභූමිය උඩවලව වනාන්තරය නොවන බවද හබ්බේගමුව, කල්තොට හා බෝගහපට්ටිය ප්‍රදේශවල අනෙකුත් කාල සීමාවේ සැරිසරන බවට තොරතුරු අනාවරණය වී ඇත.
ශ්‍රී පාද අඩවියේ කුරු අලි සිටින බවට ජනප්‍රවාදයක් පවතී. සමාන්‍යයෙන් අඩි 7-8 තරම් උස අලි ශ්‍රී පාද අඩවියේ සිටින අතර මොවුන් කුරු අලි නොවේ. එය මිත්‍යා මතයකි. රංචුවෙන් එළවාගත් අලීන්ට තනි අලි ලෙස හදුන්වයි. එවැනි අලි ශාරීරික වශයෙන් සමාජීය වශයෙන් කිසියම් පරිණත තත්ත්වයකට එනතෙක් ඉතාම දරුණු ලෙස හැසිරේ. භෝගවලට හානිකර ඒවා ආහාරයට ගෙන තම ශරීර ශක්තිය වර්ධනය කර ගන්නවා. ඉන්පසු වෙනත් රංචුවක අනෙකුත් පිරිමි අලීන් සමග සටන් කර ජයගෙන එම රැළට එක් වේ.
ලෝකයේ දකින්නට ලැබෙන එකම කුරු අලියා වන මේ අලියා ඉතාමත් වටිනා සම්පතක් වන අතර ජීවිත අවදානමෙන් ගලවාගෙන ආරක්ෂා කිරීම සදහා වැඩපිළිවෙළක් යෙදීම අදාළ බලධාරීන්ගේ වගකීම වේ. නැතිනම් අපේ රටේ වටිනා සත්ත්වයන් අනාගතයේ දී අපට අහිමි වී යනු ඇත.
සටහන
චමෝදා නෙත්මිණී අභයරත්න
මූලාශ්‍ර - https://thelankapost.com/articles/dwarf-elephant/
චායාරූප අන්තර්ජාලය ඇසුරිනි
Great content..keep growing..Love and Blessings ❤️❤️❤️
ReplyDelete