ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමග ග්ලැසියර් දියවීම හේතුවෙන් වෛරස් නිරාවරණය වීම

 ගෝලීය උෂ්ණත්වය  ඉහළ යාමත් සමග ග්ලැසියර් දියවීම හේතුවෙන්  වෛරස් නිරාවරණය වීම

සීඝ්‍රයෙන් ඉහළ යන දේශගුණික විපර්යාසවල ප්‍රතිවිපාකයක් ලෙස ආක්ටික්හි අයිස් කදු දියවීමත් සමග ග්ලැසියර් වල සියවස් ගණනාවක් තැම්පත් වී පැවතුණු වෛරස්, බැක්ටීරියාවන්ට නැවත ජීවය පැමිණේ. පර්යේෂකයන් පවසන්නේ අයිස් තට්ටු දියවීමෙන්  පැරණි වෛරස් වලට නිරාවරණය විය හැකි බවයි. මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස හේතුවෙන් අයිස් තට්ටු අඛණ්ඩව දියවීම නිසා දිගුකාලීන නිද්‍රාශීලී බැක්ටීරියා සහ වෛරස් ආසාදනය විය හැකිය. පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ මිනිසා විසින් නිර්මාණය කරන ලද දේශගුණික විපර්යාස ලොව පුරා ග්ලැසියර් හැකිලීමට සහ වසර සිය දහස් ගණනාවක් දක්වා සිරවී ඇති ක්ෂුද්‍ර ජීවින් සහ වෛරස් මුදා හැරීමට හේතුවන බවයි. 2015 දී එක්සත් ජනපදයේ සහ චීනයේ පර්යේෂකයන් ග්ලැසියර් තුළට විද පැරණි වෛරස් පිළිබඳව සාක්ෂි සොයා ගන්නා ලදී. මෙහිදී නව වෛරස් 28ක් විද්‍යාවට අලුත් ඒවා විය.2014 දී තවත් අධ්‍යනයකින් හෙළි වූයේ වසර 30,000ක් පැරණි යෝධ වෛරසයක් තැම්පත් වී ඇති බවයි. මෙම යෝධ වෛරසයට පහර දිය හැක්කේ ඒක සෛලික ජිවීන් වන ඇමීබාවන්ට පමණක් බවයි. NPR වාර්තා කළේ 2016දී උතුරු සයිබීරීයාවේ දියවන අයිස් හේතුවෙන් ඇන්ත්‍රැක්ස් ආසාදනය වූ දශක ගණනාවක් පැරණි මුව මළකදක් දියවී ගොස් හමු වී ඇති බවයි. සයිබීරීයාවේ වසූරිය හා බුබොනික් වසංගතයද මේ අයුරින් වැළලී ඇති බව  ප්‍රංශ සහ රුසියානු පර්යේෂකයන් සොයාගෙන ඇත.2016 අගෝස්තු මාසයේදී උතුරු රුසියාවේ 12 හැවිරිදි පිරිමි ළමයෙකු ඇන්ත්‍රැක්ස් ආසාදනය වීමෙන් මිය ගියේය. පර්යේෂකයන් අයිස් සාම්පලවල ඉතිරිව ඇති ජානමය ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීමෙන් ක්ෂුද්‍රජීව විද්‍යා ශිල්පීය ක්‍රම භාවිතා කළේ ඉතිහාසය පුරා දේශගුණික හා පරිසරවල වර්ධනය වූ වෛරස් මොනවාද යන්න සොයා බැලීම සදහාය. 

මේ වනවිට ගෝලීය වශයෙන් වෛරස් රෝගීන් 5974 ක් තහවුරු වී ඇති අතර වසර ගණනාවක් තිස්සේ නැති මාරාන්තික බැක්ටීරියා සහ වෛරස් වලට හදිසියේ නිරාවරණය වුවහොත් කුමක් සිදුවේද යන්න සිතා ගත නොහැකිය. දේශගුණික විපර්යාස ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් වසර දහස් ගණනක් තිස්සේ ඝනව පැවති අයිස් දියවන විට නැවත ජීවයට පැමිණිය හැකි පැරණි වෛරස් සහ බැක්ටීරියා  මුදා හැරීමේ හැකියාව ඔවුන්ට ඇත. ඇන්ත්‍රැක්ස් ආසාදිත මීමුව මළකදක් අයිස්වල ගැඹුරට වළලනු ලැබූ බව විශ්වාස කරේ. නමුත් පසුගිය ගිම්හානයේ දී සයිබීරීයානු තුන්ද්‍රා හී උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 දක්වා ළගා  වීමත් සමග  මළ  සිරුර දිය වී ඇන්ත්‍රැක්ස් බීජානු නිකුත් වී ඇත. පසුගිය වසර 10තුළ රුසියාවේ සාමාන්‍ය උෂ්ණත්වය 0.43C කින් වැඩි වී ඇති නමුත් WWF රුසියාවේ දේශගුණික හා බලශක්ති වැඩසටහනේ ප්‍රධානී ඇලෙක්සි කොකෝරීන්ට අනුව උතුරු ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යාම කැපී පෙනේ. එහිදි උණුසුම් දේශගුණය සුසාන භූමි සහ සත්ව සුසාන භූමි ඇතුළු රුසියාවේ බොහෝ ප්‍රදේශ ආවරණය වන තුහින පස් දිය වීමට පටන් ගෙන ඇතිබව දක්වා ඇත. නිත්‍ය තුහින දියවීම ගං ඉවුරුවල ඛාදනය වැඩිවීමට හේතු වී ඇති අතර බොහෝ විට  මළවුන් මෙම ගං ඉවුරුවල භූමිදාන කර ඇතිබව සොයාගෙන ඇත.  අයිස්වල සැගවී ඇති එකම බෝවන රෝගය ඇන්ත්‍රැක්ස් නොවිය හැක. 2004දි එක්සත් ජනපද පර්යේෂකයන් ඇලස්කාවේ නිත්‍ය තුහින ප්‍රදේශයේ මිදුණු මළ සිරුරක පෙණහලු කැබැල්ලකින් මිලියන ගණනාවක් මිනිසුන් මරා දැමූ 1918 ස්පාඤ්ඤ උණ සාර්ථකව පුනර්ජීවනය කරන ලදී. සයිබීරීයානු නිත්‍ය තුහීන කලාපයෙන් වසූරිය  රෝගයේ DNA කොටස් ද සොයාගෙන ඇත. අයිස් දියවීමෙන් බෝවන රෝග මුදා හැරීමේ අවදානම සැබෑවක් වුවද අනාගතයේ කිසියම් වසංගතයක් ඇතිවීමේ සම්භාවිතාව ඇදහිය නොහැකි තරම් අඩුබව පෙන්වීමට පර්යේෂකයන් වෙහෙසෙති. කර්ටිල් සට්ල් පෙන්වා දෙන්නේ මිනිසුන් දැනටමත් දිනකට වෛරස් දහස් ගණනාවක් ආශ්වාස කරන බවත් ඔවුන් මුහුදේ පිහිනන සෑම විටම බිලියන ගණනක් ගිල ගන්නා බවත් ය. මේ නිසා මුහුදු මට්ටම ඉහළ යාමෙන් අවතැන් වන මිලියන සිය ගණනක් ජනතාව ගැන සැලකිලිමත් විය යුතුය. 

අයිස් දියවීමෙන් නිකුත් වන රෝගවලට වඩා පෘථිවිය උණුසුම් වන විට උතුරු රටවල් මැලේසියාව, කොලරාව, සහ ඩෙංගු උණ වැනි රෝග පැතිරීමට වැඩි අවදානමක් ඇති බවත් මෙම රෝග කාරක උණුසුම් උෂ්ණත්වවලදී වර්ධනය වන බවත් පර්යේෂකයන් පවසා සිටී.

සටහන

චමෝදා නෙත්මිණී අභයරත්න 

මූලාශ්‍ර - https://www.poynter.org/fact-checking/2022/will-melting-glaciers-caused-by-climate-change-release-frozen-zombie-viruses/

ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.











Comments

Post a Comment

Popular posts from this blog

සීගිරියේ ජල උද්‍යාන තාක්ෂණය

වලාකුළු

පෘථිවියේ පෙනහලු ඇමසන් වැසි වනාන්තරය