Sleeping virgin Mountains සප්තකන්‍යා
Sleeping Virgin Mountains සප්තකන්‍යා
ශ්‍රීලංකාවේ මස්කෙළිය ග්‍රාමයේ පිහිටි සප්තකන්‍යා කදු රක්ෂිතය අධි පාරිසරික සංවේදී රක්ෂිතයකි. එක පෙලට සිටින කන්‍යාවන් සත් දෙනෙකුගේ ස්වරූපය ගත් නිසා මෙයට සප්ත කන්‍යා ලෙස භාවිතා කරයි. කදු නගින්නන්ගේ පාරාදීසයක් ලෙස සප්ත කන්‍යාව හැදින්විය හැකිය.සප්ත කන්‍යා යනු අතිශය කටුක හා විශ්මිත සුන්දරත්වයකින් යුත් කදු නැගීමකි. මේ කදුවැටිය නොඉදුල් මෙන්ම අබිරහස් ගොන්නක් සගවා ගත් ස්ථානයකි. ශ්‍රීලංකාවේ විශාලතම ගුවන් අනතුර සිදුවූයේ මෙම ස්ථානයේය. යානය ඉන්දුනීසියාවේ සුරබයා සිට දළ වශයෙන් යූටීසී සිට ජෙඩා දක්වා පිටත් වූ බව පැවසේ. යානය අඩි 4355ක උන්නතාංශයක සහ කොළඹට නැගෙනහිර දෙසින් 40ක් පමණ දුරින් සප්ත කන්‍යා කන්දට කඩා වැටෙන තෙක් කාර්ය මණ්ඩලය ඔවුන්ගේ ගමන දිගටම කරගෙන ගියහ. මෙම අනතුරින් මගීන් සහ කාර්ය මණ්ඩලය 191 දෙනෙකු මිය ගියහ. මෙම අනතුර ශ්‍රීලංකා ගුවන් ඉතිහාසයේ තුන්වන මාරාන්තිකම අනතුර වන අතර ශ්‍රීලංකාව හරහා මක්කම බලා ගමන් කරමින් සිටියදී අනතුරට පත්විය. අනතුරින් යානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නොටන්බ්‍ර්ජ් පොලිස් වසමට අයත් සුන්දර පරිසරය දිවයිනේ ප්‍රථම ජල විදුලි බලාගාරය වන විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය පිහිටි නෝටන්බ්‍රිජ් නගරය පසුකර බිංදුව (0) කණුවෙහි හන්දියෙන් වමට හැරී සුන්දර ලක්ෂපාන ඇල්ල වෙත ළගා විය හැකිය.ලක්ෂපාන ජල විදුලි බලාගාරයට ඉහළින් ඇති සප්ත කන්‍යාව දවසේ වැඩි වේලාවක් ඇතිරිල්ලක සගවා ගත් මනරම් පරිසරයක් සහිත සුන්දර කදුවැටියකි.
මෙම රක්ෂිතයේ වෙසෙන කුරු අලි ( කදුකර අලි) නැරඹීමට ගොස් රක්ෂිතය තුළ අතරමං වූ කණ්ඩායම් පිළිබඳව පසුගිය කාලයේ නොයෙකුත් පුවත් ඇසීමට ලැබුණි. ස්වභාවික වැඩුණු හා පක්ෂීන් ගෙනැවිත් දැමීම නිසා වැඩුණු හිඹුටු, පේර, කොස්, අඹ වැනි පලතුරු හා බිම්මල්, කොකුන්පොතු, කළු සහ සුදු දුම්මල, වල්ලාපට්ටා වැනි ශාක වර්ගවලින් සමන්විත මෙම රක්ෂිතය වනජීවි සංරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම රක්ෂිතය තුළ කුරු අලීන්(කදුකර අලි ) පහළොස්දෙනෙකුගෙන් සමන්විත අලි රෑනක් සහ ශ්‍රීලංකාවට පමණක් ආවේණික වූ වදවීමේ තර්ජනයට ලක්වී ඇති දිවියන් ගණනාවක වෙසෙන අතර ඒ අතර ගෝන්නු, මුවෝ, වල් ඌරෝ, ඉත්තෑවන් මෙන්ම පක්ෂීන් ගණනාවක් ද වෙසෙති. මෙම ප්‍රදේශයට යන බොහෝ සංචාරකයන් කුරු අලි (කදුකර අලි) බැලීමට කැමැත්තක් දක්වන්නේ වෙනත් ප්‍රදේශයකදී එම අත්දැකීමට මුහුණදීමට නොලැබෙන නිසාය. විදේශීය සංචාරකයන්ගේ විශාල ආකර්ෂණයක් මේ සදහා ඇති අතර ඒ නිසා සංචාරක මග පෙන්වන්නෝ පිරිසක්ද බිහිව සිටිති.
සප්ත කන්‍යා යනු අතිශය කටුක හා විශ්මිත සුන්දරත්වයකින් යුත් කදු නැගීමකි. නිතරම මීදුමෙන් වැසී ඇති මෙම කදු නැගීම විටක ඉතාමත් අපහසු අනතුරුදායක බව පැවසිය යුතුය. විසකුරු සර්පයන් මෙන්ම දිවියන් හා වල් ඌරන්ද මෙහි නිතර ගැවසේ. කදු මුදුන් හතරක් පහක් වනතුරු අඩිපාරක් සොයාගත හැකි වුවද ඉන් ඔබ්බට ගමන ලෙහෙසු පහසු නොවේ. යම් හෙයකින් වනය මැද අතරමං වුවහොත් පාරක් සොයා ගැනීමද ලෙහෙසි පහසු නොවේ. කදු මුදුන් මත ජලය නොමැති අතර හත්වැනි කදු ගැටය දක්වා දිය පහරක් සොයාගත නොහැක. උඩ ලක්ෂපානගලින් පසු පහතට බැස ගැනීමට පැහැදිලි පාරක් හමුනොවේ. ඉතා අපහසුවෙන් සාදාගත් මගක් ඔස්සේ ගමන් කර අවසානයේ එක් වරම අඩි සිය ගානක ප්‍රපාතයකට පිවිසිය යුතුය. වැසි සමයක නම් අනතුරුදායක වන්නේ ගල් මත ලිස්සමින් පහලට පෙරලී යාමට ඇති අවකාශය සමගින් වැල් වල එල්ලෙමින් කන්ද බැසීමට සිදුවීම නිසාය. මත් පැන් බී සප්ත කන්‍යා කන්ද තරණය නොකළහොත් විවිධ කරදරවලට ලක්වන බවට ගමේ මතයක් ඇත. කදු බෑවුම් කිහිපයක්ම ඇති නිසා ඉතා සැලකිල්ලෙන් කණ්ඩායමක් ලෙස නැගීම සුදුසුය. බීමතින් විනෝදය උදෙසා නිකරුනේ ගැවසීමට යෑමට සිතන්නේ නම් නොයා සිටීම වඩා සුදුසුය. මග පෙන්වන්නකු නොමැතිව ගමන් කරන්නේ නම් රක්ෂිතය තුළ අතරමං වීමට බොහෝවිට සිදුවනු ඇත. මෙම නොඉඳුල් සප්තකන්‍යා කදු රක්ෂිතය ආරක්ෂා කර ගැනීම අප සැමගේ වගකීමකි.
සටහන
චමෝදා නෙත්මිණී අභයරත්න
තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි
You are a writer of nature..Thankyou for bringing up these interesting facts..Keep going..Love and blessings ♥️♥️♥️♥️
ReplyDelete