ලෝකයේ පිරිසිදුම සහ හරිත රට ෆින්ලන්තය
ලෝකයේ පිරිසිදුම සහ හරිත රට ෆින්ලන්තය
යේල් සහ කොලොම්බියා විශ්ව විද්‍යාල විසින් සකස් කරන ලද 2016 වසරේ EPI දර්ශකය ( පාරිසරික කාර්ය සාධන දර්ශකය) අනුව , ෆින්ලන්තය ලොව පිරිසිදුම සහ හරිතම රට වේ. විවිධ රටවල පරිසර පද්ධති සහ මිනිස්සුන්ගේ සෞඛ්‍යය ආරක්ෂා වන ආකාරය මෙම දර්ශකය සංසන්දනය කරයි. වාතයේ ගුණාත්මකභාවය, පිරිසිදු ජලය සහ ඒවායේ ජල සම්පත ගැන සැලකිලිමත් වන ආකාරය සහ කෘෂිකාර්මය, වනාන්තර සහ මත්ස්‍ය සම්පත කළමනාකරණය කරන ආකාරය මෙම දර්ශකයෙන් සැලකිල්ලට ගනී. දර්ශක ලකුණු සදහා බලශක්ති විසදුම් සහ ස්වභාව ධර්මයේ විවිධත්වය සහ දේශගුණික විපර්යාස කෙරෙහි රාජ්‍යයන්ගේ ආකල්පයන් ද බලපායි.
ෆින්ලන්තයේ වාතය, වනාන්තර, විල් සහ පානීය ජලය ගෝලීය ප්‍රමිතීන්ට අනුව සුවිශේෂී ලෙස පිරිසිදු ය. ෆින්ලන්තයේ විල්වලින් 80% කට වඩා හොද හෝ ගුණාත්මක භාවයෙන් විශිෂ්ටය. ෆින්ලන්තයේ භූමි ප්‍රමාණයෙන් 70%කට වැඩි ප්‍රමාණයක් වනාන්තර වන අතර එමගින් ෆින්ලන්තය ලෝකයේ වඩාත්ම වනාන්තර සහිත රටක් බවට පත් කරයි. ෆින්ලන්තය විශාල විමෝචන ප්‍රභවයන්ගෙන් බොහෝ දුරින් පිහිටා ඇති නිසා සහ ෆින්ලන්තයේ ම විමෝචනය සාර්ථකව සීමා කර ඇති නිසා ෆින්ලන්තයේ වාතයේ ගුණාත්මකභාවය ඉතා යහපත් ය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ෆින්ලන්තයේ යුරෝපා සංගමයේ රටවල් අතරින් පිරිසිදුම වාතය ඇති අතර කැනඩාව සහ අයිස්ලන්තයට පසුව ලෝකයේ තුන්වන පිරිසිදුම වාතය එහි ඇත.
ෆින්ලන්තය 2050වන විට ස්වභාවධර්මයේ ධාරිතාව ඉක්මවා නොයන කාබන් උදාසීන රටක් නිර්මාණය කිරීමට අදහස් කරයි. මේ වන විට බොහෝ විදුලිය ෆින්ලන්තයේ පරිසර හිතකාමී ආකාරයෙන් නිෂ්පාදනය කෙරේ. ෆින්ලන්තයට ස්වභාවික සංචාරක කර්මාන්තයේ මැණිකක් බවට වර්ධනය වීමට අවස්ථා තිබේ. හොද සම්බන්ධතා සහ සේවා අවට රට පුරා පිරිසිදු හා උද්යෝගීමත් ස්වභාවයක් ඇත. ස්වභාවික භූ දර්ශනය, විනෝද චාරිකාවක් ලෙස ආහාර සදහා බෙරි සහ හතු නෙලීම, පිරිසිදු ජලය සහිත ස්ථාන වෙත යාම. වලසුන් දැකගැනීමට සැගව සිට නිරීක්ෂණය කිරීම ආදී ක්‍රියාකාරකම් මගින් සංචාරකයන්ට පරිපූර්ණ ස්වභාවික අත්දැකීම් ගොඩනගා ගත හැකයි.
සටහන - චමෝදා නෙත්මිණී අභයරත්න
මූලාශ්‍ර
https://slowfinland.fi/en/finland-is-the-worlds-cleanest-and-greenest-country/
ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි
Comments
Post a Comment