සුනාමි පිළිබඳව නොදත් දේ සහ සත්ත්ව සංවේදනය( Tsunami )
සුනාමියක් ඇතිවන ආකාරය පිළිබඳව නොදත් දේ සහ සත්ත්ව සංවේදනය
( Tsunami )
වර්තමානයේ ලෝකයේ ස්වභාවික ආපදාවන් ඇතිවීමේ අවදානම දිනෙන් දින ඉහළ නගිමින් පවතී. එයට ප්‍රධානතම හේතුවක් ලෙස මිනිසා සොබාදහමට අකාරුණික වීම දැකිය හැක. සාමාන්‍යයෙන් සුනාමි තත්ත්වයක් ඇති වන්නේ සාගරාශ්රිතව ඇතිවන හදිසි ස්වභාවික වෙනස්වීම් නිසාය. එහිදී භූ කම්පනයේ වැඩි ප්‍රබලත්වය නොගැඹුරු දියෙහි හටගැනීම හා රළ ඇති කිරීමට ප්‍රමාණවත් ජලස්කන්ධය යනාදී කරුණු සම්පූර්ණ වූ විට සුනාමියක් ඇති විය හැක. සුනාමි තත්ත්වයක් ඇති වීමේදී පළමුව සාගර වෙරළේ ඇති ජලය පසුපසට යාම මීටර සිය ගණනක් වුවද විය හැකිය මුහුදු ජලය ගොඩබිමට පැමිණීම සිදු වන්නේ එයට පසුවයි. සුනාමියක් ඇති වීම කෙරෙහි බලපාන සාධක පිළිබඳව අවධානය යොමු කරන විට ප්‍රධානතම සාධකයක් ලෙස හදුන්වන්නට හැකිවන්නේ සාගර පත්ලේ හටගන්නා භූමි කම්පා තත්ත්වයනුයි. එයට අමතරව එයට අමතරව නායයෑම් ඇති වීම, ගිනිකඳු විදාරණය වීමෙන් පිටවන ද්‍රව්‍ය මගින් සාගර තරංග සුනාමි තරංග බවට පත් වීම හා උල්කාපාත හෝ විශාල හිමකදු සාගරයට කඩා වැටීම ආදිය ද හේතු විය හැකිය.
සුනාමි අනාවැකි පළ කිරීමට පරිඝනක ආකෘති භාවිතා කළ හැක. නිරීක්ෂණ මගින් පෙන්වා දී ඇති පරිදි අනාවැකි පළ කෙරුණු පතුලේ කාලය හා සුනාමිය පැමිණීමේ කාලය අතර වෙනස මිනිත්තු කිහිපයකි. සාගර පතුලේ පවතින සංවේදක මගින් ලබාගන්නා දත්ත හා සුනාමි ඇතිවීමට හේතු වූ භූ කම්පනයේ ස්වභාවය පිළිබඳව තොරතුරු සාගර පතුළේ ස්වභාවය ( ආගාධ මිතිය) හා වෙරළේ ( භූ විෂමතා) රැල්ලේ උස ගණනය කළ හැක. පැසිපික් සාගර සීමාවේ පවතින සියළු රටවල් සුනාමි අනතුරු ඇගවීමේ පද්ධතිය හා සංයෝගිත්වයෙන් ක්‍රියාකරන අතර නොවැලැක්විය හැකි සුනාමියක් පැමිණි විට ක්‍රියාකල යුතු අන්දම පිළිබඳව මහජනයාට පුහුණුව ලබා දේ.
සමහර සත්ත්ව විද්‍යත්මක පර්යේෂකයන් සතුන්ට භූමි කම්පාවකදී හෝ සුනාමියකදී ඇතිවන රේයිලි ( Reyleign) උප ධ්වනි තරංග සංවේදනයට හැකියාවක් ඇති බව උපකල්පනය කරයි. සමහර සතුන්ට මෙවැනි ස්වභාවික සංසිද්ධීන් පිළිබඳව කල්තබා හදුනා ගැනීමේ හැකියාවක් පවතින අතර අවධානයෙන් නිරීක්ෂණය කළහොත් මෙය සුනාමි හා භූමි කම්පන අනතුරු ඇගවීම් ලෙස යොදා ගත හැක. මෙම සංසිද්ධිය 2004දී ඉන්දියන් සාගර භූමිකම්පනයේදී ශ්‍රී ලංකාවෙන්ද වාර්තා විය. අලි වැනි සමහර සතුන්ට සුනාමිය වෙරළට ළගා වන ශබ්දය ඇසීමෙන් ඔවුන් එයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එන ශබ්දයෙන් ඉවතට එනම් රට තුළට ගමන් කර ඇත.
සාගරයේ හටගන්නා සුනාමි තත්ත්වයන්ගෙන් 80%ක්ම ඇති වන්නේ පැසිෆික් සාගරයේය. නමුත් අභ්‍යන්තර විල් වැනි විශාල ජල ස්කන්ධයක් පවතින ඕනෑම ස්ථානයක සුනාමි ඇතිවිය හැක. පැසිෆික් සුනාමි අනතුරු ඇගවීම පද්ධතිය හොනලුල මත පදනම්ව ඇත එය පැසිපික් ප්‍රදේශයේ ඕනෑම ස්ථානයක ඇතිවන භූමිකම්පනයක් හදුනා ගනී. එහි විශාලත්වය හා තවත් තොරතුරු මත සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ. මෙහිදී සැලකිය යුතු වැදගත් කරුණක් වන්නේ පැසිෆික් කලාපය භූමිකම්පන ක්‍රියාකාරී ප්‍රදේශයක් වුවද සෑම භූ කම්පනයකින්ම සුනාමි හට නොගනී. මේ නිසා පිගණක භාවිතා කරන්නේ සුනාමි අවදානම අධ්‍යයනය කිරීමට උපකාරීවන මෙවලමක් ලෙසය.
සටහන
චමෝදා නෙත්මිණී අභයරත්න
මූලාශ්‍ර https://www.nationalgeographic.com/environment/article/tsunamis
ඡායාරූප අන්තර්ජාලයෙනි.
nice article akke😍 thank you for sharing 💛
ReplyDeleteThe unknown is needed to be known..Your articles always come up with those stuff..Keep Going♥️
ReplyDeleteLove and Support ♥️♥️♥️