කඩොලාන පරිසර පද්ධතිය

කඩොලාන පරිසර පද්ධතිය


කඩොලාන සෞම්‍ය කලාපීය රටවල අන්තර් උදම් කලාපය තුළ දක්නට ලැබෙන විශේෂ ශාක ප්‍රජාවකි . නමුත් ජපානය , ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා වෙරළ ආශ්‍රිතව නිරක්ෂයට උතුරින් පිහිටි කොටස් වල සිට නවසීලන්තය , ආර්ජන්ටිනාව වැනි නිරක්ෂයට දකුණින් පිහිටි ප්රදේශ දක්වාම කඩොලාන ශාක ප්‍රජාව ව්‍යාප්ත වී ඇත. මෙම ශාක ප්‍රජාව වඩාත් පුලුල්ව ව්‍යාප්තව ඇත්තෙ ඝර්ම කලාපීය රටවල මුහුදු ප්‍රදේශවල කලපු සහ බොකු ආශ්‍රිතවය . ලෝකයේ ඇති කඩොලාන ශාක ප්‍රජාවන්ගේ ප්‍රමාණය හෙක්ටයාර මිලියන 15.9ක් ලෙස ගණනය කර ඇත. ඉන්දුනීසියාවේ 27% ක්, බ්‍රසීලය 16%ක් , ඕස්ට්‍රේලියාවේ 7%ක් දක්නට හැකිය.

ශ්‍රී ලංකාවේ ඇති මුලු කඩොලාන ප්‍රමාණය හෙක්ටයාර 12500ක් වේ . වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇත්තේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ආශ්‍රිතවය . ඝනව වැඩුනු කඩොලාන නිරිතදිග , දකුණු ඊසාන ප්‍රදේශයන්හි කලපු ආශ්‍රිතව තැනින් තැනින් විසිරී ඇත.
ශ්‍රී ලංකාවේ ශාක විශේෂ 23ක් පමණ දක්නට ලැබේ.
1. මහ කඩොල්
2. රතු කඩොල්
3. මණ්ඩා
4. බැරිය
5. තෙල
6.හීන් කඩොල්
7. කටු ඉකිලිය
8. ගිංපොල්
කඩොලාන පරිසරයෙ සත්ත්ව විශේෂ
1. මඩ මකුළුවා
2. තනි අඩු කකුළුවා
3. මුහුදු කකුළුවා
4. මඩ පොකිරිස්සා
5. කිරි ඉස්සා
6. කඩොලාන මට්ටි
7. කඩොලාන කවාටි
8.දිය හුනා
9. කඩොල් කොකා
10. ඇලි කොකා
11. සෙරිතිඩිය බෙල්ලන්
12. ලිටොරාරිය බෙල්ලන්
13. මුහුදු ලිහිණියා
කඩොලාන පරිසරයේ වැදගත්කම
බොහෝ මසුන් , ඉස්සන් , කකුළුවන් වැනි සත්ත්ව විශේෂ වල ලබාල අවධි ගත කරන ස්ථාන මෙන්ම අභිජනන ස්ථානයක් වීම.
කුඩා සතුන්ට විලෝපියකයන්ගෙන් ආරක්ෂා වීම සදහා සැගවී සිටීමට හැකි වීම හා ආහාර සුලබ වීම .
කඩොලාන ශාක මගින් පත්ර හා අනෙකුත් ශාක කොටස් ලෙස කාබනික ද්‍රව්‍ය විශාල ප්රමාණයක් පරිසරයට එකතු කිරීම.
ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය අධික වීම .
මෙම පරිසර පද්ධතිය මගින් විශාල ජිවීන් ප්රමාණයකට ආහාර සැපයීම .
ශාක හා සත්ත්ව විවිධත්වය නිසා ජීව විද්‍යාව හදාරන්නට කඩොලාන පරිසරය එළිමහන් විද්යාගාරයක් වීම .
පරිභෝජනය සදහා කැරන් කොකුද පැදුරු හා කූඩා විවිමට පන් වර්ග ද සපයා ගත හැකි වීම .
මෝය හා ඉවුරු ඛාදනය වැළැක්වීම .
වෙරළාශ්රිත ප්රදේශවලින් මුහුදට එකතු වන දූශිත ජලය රදවා තබාගනිමින් ඒවායේ විෂ බව පහත හෙළීම මගින් පරිසර දුෂනය අවම කිරීමට දායක වීම.
කඩොලාන යනු පාරිසරික හා ආර්ථික අංශවලින් ඉතා වැදගත් පාරිසරික පද්ධතියකි. නමුත් මිනිස් ක්රියාකාරකම් හේතුවෙන් මෙම පරිසර පද්ධතිය විනාශවීමේ තර්ජනයට මුහුණ දී තිබේ. එබැවින් අනාගත පරපුරේ පැවැත්ම උදෙසා කඩොලාන පරිසරය ආරක්ෂා කිරීම අද පරපුරේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වේ.
සටහන
නෙත්මිණී අභයරත්න

















Comments

Popular posts from this blog

සීගිරියේ ජල උද්‍යාන තාක්ෂණය

වලාකුළු

ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය