බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස
බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස
ලෝක සිතියමක් ගෙන බැලූ විට පුවටෝ රිකෝ දිවයිනත් , ඇමරිකාවෙ ෆ්ලෝරිඩා හි මයාමි නගරයත් බර්මියුඩා දූපත් එකිනෙකට යා කිරීමෙන් ත්‍රිකෝණයක් ලැබේ. එය බර්මියුඩා ත්‍රිකෝණයක් එහෙමත් නැත්නම් යක්ෂයාගේ ත්‍රිකෝණය ලෙස හදුන්වයි.
පෘථිවි තලයෙහි එක්තරා සීමාවකින් ගමන් ගන්නා ගුවන් යානා සහ නෞකාවන් යම්කිසි අදෘශ්‍යමාන වූ බලවේගයක් හමුවේ අතුරුදන් වීමේ අබිරහස තවමත් නොවිසදුනු ගැටලුවකි. බටහිර යුරෝපයෙ උතුරු අත්ලාන්තික් මුහුදු සීමාවේ පවතින මෙම බර්මියුඩා ත්‍රිකෝණ කලාපය හරහා ගමන් ගන්නා ගුවන් යානා සහ නෞකාවන් විශාල ප්‍රමාණයක් මේ වන විට අතුරුදහන් ව ඇත. මෙම අතුරුදන් වීමට හේතුව කුමක්ද ?
යම්කිසි චුම්බකබල ක්ෂේත්‍රයක් හමුවේ මේ සීමාවෙන් ගමන් ගන්නා නෞකාවන් හා ගුවන් යානා විනාශ වී යන්නෙද පිළිබද පර්යේෂණ කරන විද්‍යාන්‍යයින් දිවා රෑ නොබලා පර්යේෂණ දියත් කලේය.
මේ අබිරහස පිළිබඳ තවත් විද්‍යත්මක මතයක් ඉදිරිපත් කර ඇත. ඇමරිකාවෙ කොලරාඩෝ ව්ශ්ව විද්‍යාලයේ විද්‍යාන්‍යයින් පිරිසක් විසින් කරන ලද පර්යේෂණ වලින් මේ ප්‍රදේශයේ සිදුවන අබිරහස් අතුරුදන් වීම පිළිබදව මතයන් ඉදිරිපත් කරති. මේ ප්‍රදේශයේ ඉහළ වායුගෝලයේ වළාකුළු අතර හෙක්සගන් හෙවත් ශ්‍රඩස්ස්‍රාකාර වලාකුළු අතර ක්ෂණිකව වායු රික්තක ඇතිවන බව සොයාගෙන ඇත. මෙම තත්ත්වය ප්‍රදේශයෙන් ලබා ගත් චන්ද්‍රිකා චායාරූප මගින්ද තහවුරු කරයි. මෙම වායු රික්තක නිසා වායු බෝම්බ හට ගන්නා අතර ඒවායේ බලපෑම නිසා මෙම ප්රදේශයේ සුළගේ වේගය පැයට සැතපුම් 170 දක්වා ඉහළ යා හැකි අතර අඩි 45 ට වඩා වැඩි මුහුදෙ රළ හට ගැනීමේ හැකියාව ඇති බව ඔවුන්ගේ මතයයි.
මෙම මුහුදු රළ සහ සුළගේ වේගය නිසා එම ප්‍රදේශයේ නැව් සහ ගුවන් යානා අතුරුදන් වන බව මෙම පර්යේෂකයන් පෙන්වා දේ. මෙම ප්‍රදේශයේ තුළ සිදු වී ඇති අතුරුදන් වීමේ සංඛ්‍යාව කොතෙක්ද යත් වර්තමානයේ වන විට ලොව බොහෝ රටවල් තම ගුවන් යානා හා නෞකා වලට බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් කිරීමට සීමා පනවා ඇති අතර ලොව ප්‍රකට රක්ෂණ සමාගම් මේ හරහා සිදු කරන ගුවන් ගමන් හා මුහුදු ගමන් සංරක්ෂණය කිරීම අත්හිටුවා ඇත.
මෙම අතුරුදන් වීම් වලට විද්‍යාන්‍යයින් ප්‍රසිද්ධ මත කීපයක් ඉදිරිපත් කර ඇත.
1. සජල මීතෙන් සිද්ධාන්තය
බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව මුහුදු පත්ලේ විශාල මීතෙන් නිධියක් පිහිටා ඇති බව මේ වන විට සොයාගෙන තිබේ. මෙවා ඇත්තේ වායු මුලු (gas pocket ) ආකාරයටය. සමහර අවස්තා වලදී අධික පීඩනය හේතුවෙන් මෙම වායු මුලු පිපිරී මීතෙන් විශාල වශයෙන් මුහුදු ජලය හා මිශ්‍ර වේ. මෙ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ මුහුදු ජලයේ ඝනත්වය එකවරම පහළ බසී. එවිට මුහුදු පත්ලෙ යාත්‍රා කරමින් ඇති ඕනෑම බෝට්ටුවක් හෝ නෞකාවක් තප්පර 10කට අඩු කාලයකදී ගිලී යා හැක. ඒ ආකාරයටම මීතෙන් වායුව විශාල වශයෙන් වාතය හා මුසුවීම නිසා වායුගෝල ඝනත්වය අඩු වී අහසේ පියාසර කෙරෙමින් ඇති ගුවන් යානා වායු කලාපය තුළ ගිලී යයි. වාතයේ මීතෙන් සාන්ද්‍රනය වැඩි වී ඉන්ධන දහනයට අවශ්‍ය ඔක්සිජන් හිග වීමෙන් ගුවන් යානා එන්ජින් අක්‍රීය වීමද සිදු විය හැක.
2. ගල්ෆ් දියවැල් සිද්ධාන්තය ( Gulf stream Theory
ගල්ෆ් දියවැල යනු ලොව දීර්ඝතම දියවැල් වලින් එකකි. සැතැපුම් 60ක් පළලැති , තප්පරයට අඩි 8ක පමණ වේගයෙන් ගලා යන මෙහි ගමන් මාර්ගය බර්මියුඩා ත්‍රිකෝණයේ කොටසක් හරහා වැටී තිබේ . යම් හේතුන් නිසා මුහුදට කඩා වැටෙන ගුවන් යානා වල හා ගිලී යන නැවි වල සුන්බුන් කිසිවක් සොයා ගත නොහැකි වන්නේ ඒවා ගල්ෆ් දියවැලට හසුව මුහුදෙ ඈත ප්‍රදේශයන් වෙත ගසාගෙන යන බැවිනි.
3. රෝග් රැළි
මේවා ස්වභාවයෙන්ම අති දැවැන්ත වන අතර එක් දිය රළක් අඩි 40ක සිට අඩි 200ක් පමණ දක්වා උස් විය හැක . විශාල සුළි කුනාටු හා අකුණු ගැසීම නිසා මෙවැනි දිය රැළි ඇති වේ. මේ දිය රළකට හසු වුනොත් ඕනෑම නැවක් මුහුදුබත් විය හැක. ගුවන් යානාවක් වුවද රෝග් දිය රැළකට හසුවිය හැක.
4.හරිකේන් සිද්ධාන්තය
බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව හරිකේන් කුනාටු හට ගනී. මෙලෙස හට ගන්නා සුළං ධාරා වලට දැවැන්ත වෘක්ෂයන් වුවත් මුලින් උදුරා දැමිය හැක.
5. චුම්බක ක්ෂේත්‍රයේ බලපෑම් සිද්ධාන්තය
පෘථිවිය සතුව ඇති චුම්බක ක්ෂේත්‍රයේ විටෙක අසාමාන්‍ය හැසිරීම් දක්වයි. මාලිමාවක දර්ශකය සෑම විටම චුම්බක උතුරට දිශානතව පැවතුනද පෘථිවියේ සමහර ස්ථානවල වෙනත් දිශා වලට හැරේ . සමහර විට කිසිදු දිශාවකට නොහැරේ . උදාහරණයක් ලෙස ගෝබී කාන්තාරයේ කදු වල ඇති පාෂාන අධික චුම්බක ගුණ දරන බැවින් එවැනි කදු අසලදී මාලිමා දර්ශකය හැරෙනුයේ චුම්බක උතුර දෙසට නොව කන්ද දෙසටය .පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ යම් අසාමාන්‍යතාවක් මේ බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව ද තිබිය හැකි බවත් අහස් යානා වල හා නැව් වල දිශාව සොයන උපකරණ දෝෂ සහගත වී මංමුළා විය හැකි බවත් පෙන්වා දේ.
මෙවැනි විද්‍යත්මක මත විශාල වශයෙන් ඉදිරිපත් කරම්න් පර්යේෂකයන් මෙම අබිරහස විසදීමට තවමත් උත්සහා ගනිමින් සිටී.
Comments
Post a Comment