සීගිරියේ ජල උද්‍යාන තාක්ෂණය
සීගිරියේ ජල උද්‍යාන තාක්ෂණය සීගිරිය වනාහී අභිරහස් ගණනාවක් සගවාගෙන සිටින ආශ්චර්යමත් ගල් තලාවකි . සීගිරියේ ඇති ජල උද්‍යානය ඉතා සුවිශේෂී වේ. එහි ප්‍රධාන දොරටු සාදා තිබෙන්නෙ කෙලින්ම ඉහළට ඔසවන විදිහට. සීගිරියේ ජල උද්‍යානය සාදා ඇත්තේ එයට ඇතුල්වෙන කෙනෙකු එක්වරම මං මුලාවට පත්වෙන ලෙසය. ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වී යනවිට එක් හරියකදී සීගිරි ගල නොපෙනී යයි. සතුරු සේනාවක් වුවත් මංමුලා වන ලෙස මෙම උද්‍යාන අතර මාර්ගය සාදා තිබේ. සීගිරියේ ජල උද්‍යානයේ ඇති වතුරමල් අදටත් වැඩ කරයි. නමුත් ජලය පැමෙන්නේ ඉතා ස්වල්පයකි. එයට හේතුව සීගිරියේ වැවේ ජල මට්ටම ඉතා අඩු වීමයි. අතීතයේදී සීගිරියේ ජල උද්‍යානයට ඉහලින් සීගිරි වැවේ ජල මට්ටම පිහිටා තිබුනී. එයින් අතීතයේ සීගිරියට සතුරන්ගෙන් ආරක්ෂා වීමට හැකිවිය . මේනිසා ඉතා විශාල ජල පීඩනයක් යටතේ මේ වතුර මල් බොහෝ ඉහළට විහිදී ඇත. නමුත් පසු කාලීනව සීගිරිය අවට ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය වීමට පටන් ගත් පසු සීගිරිය වැව ගොඩවිය . Sigiriya village වැනි සුපිරි හෝටල් අද පිහිටා තිබෙන්නෙ සීගිරිය වැව තිබුන ස්ථානයේ ය. අද වනවිට සීගිරිය වැව දිය සිදී ගිය නමට පමණක් සීමාවු වැවකි. මේනිසා උද