Posts

Showing posts from March, 2021

ශ්‍රි ලංකාවේ වනාන්තර

Image
 ශ්‍රි ලංකාවේ  වනාන්තර  කදුකර වනාන්තර  වාර්ෂික වර්ෂාපතනය 1800mm කට වඩා වැඩියෙන් ලැබෙන මුහුදු මට්ටමින් 1500m ට වඩා උස ප්‍රදේශවල වැවෙන වනාන්තර කදුකර වනාන්තර ලෙස හැදින්වේ. මෙම ප්‍රදේශවලට ජලය හිග කාලයක් නොමැති අතර සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ට්‍රිගේඩ් අංශක 15ක් පමණ වේ.  කදුකර වනාන්තරවල විශාල ප්‍රමාණයක් තේ වැවීමත් , අර්තාපල් වැවීමත් සදහා එළි කිරීම නිසා විනාශයට පත් වී ඇත.  හග්ගල , පිදුරුතලාගල , කිකිලියාමාන, මිපිලිමාන වැනි ප්‍රදේශයන්හි පිහිටි වනාන්තර මෙම වර්ගයට අ‍යත් වේ. කදුකර වනාන්තරවල ශාක 10-15ක් පමණ උසට වැඩෙන අතර කද සහ අතු ඇඹරුණු සහ ගැට සහිත ස්වරූපයක් පෙන්වයි.  ගස් මුදුන් පැතලි වන අතර පත්‍ර සිහින්‍ වේ. වියන් ස්ථරයකුත් ඊට යටින් පිහිටි කුඩා ශාක සහිත  පදුරු ස්ථරයකුත් ඇත.  පහතරට වැසි වනාන්තර  වාර්ෂික වර්ෂාපතනය 2500mm කට වඩා ලැබෙන මුහුදු මට්ටමේ සිට 1000m ක් දක්වා වන වියළි කාලයන් රහිත ප්‍රදේශවල වැවෙන වනාන්තර  අයත් වේ. සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ට්‍රිගේඩ් අංශක 25කට වඩා වැඩිය. පස රතු කහ පොඩ්සොලික් වේ.  වතු වගාව හා ජනාවාසකරනය නිසා විනාශ වෙමින් පවති. ශාක විවිධ උස මට්ටම්වලට වැඩෙනු දැකිය හැක. වඩාත්ම උස ශාක 45m ක

ශ්‍රි ලංකාවේ වනාන්තර වල ජෛව විවිධත්වය

Image
 ශ්‍රි ලංකාවේ  වනාන්තරවල  ජෛව විවිධත්වය  මිහිතලය මත වෙසෙන සෑම ජීවියෙක්ම ස්වරූපය , ගති ලක්ෂණ අතින් එකිනෙකට වෙනස් වේ.  පෘථිවි තලය පුරා විවිධාකාර වූ පරිසර පද්ධති විහිදී විසිරී පවතී. පෘථිවියේ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂින ධ්‍රැවය දක්වා විවිධ දේශගුණික තත්ත්වයන් නිසා විවිධ ආකාරයේ පරිසර පද්ධති නිර්මාණය වී තිබීම මෙයට හේතුවයි . වඩාත් ඉහල ජෛව විවිධත්වයක් දක්නට ලැබෙනුයේ උණුසුම් තෙත් පරිසරයක් ඇති ඝර්ම කලාපය තුලයි.  ජෛව විවිධත්වය යනු " යම් පරිසර පද්ධතින් අතර හෝ එහි දක්නට ලැබෙන ජිවීන් ශාක හෝ ශාක හෝ සතුන් අතර දැකිය හැකි විවිධත්වය "  ලෙස හැදින්විය හැකිය.  ජෛව විවිධත්වයේ වැදගත්කම  1. පස සහ ජලය සංරක්ෂණය  2. පරිසරයෙ විවිධ සාධක වල සමතුලිතතාවය ( කාබන් , නයිට්‍රජන් හා ජල චක්‍රය සහ උෂ්ණත්වය ) පවත්වා ගැනීමට. 3. මත්ස්‍යයන්ගේ අභිජනන මධ්‍යස්ථාන ලෙස වෙරළ කලාපයේ කඩොලාන භාවිතා වීම. 4. විවිධ ජෛව විශේෂ වලට ආධාරයක් වන කොරල්පර භාවිතා වීම 5. ජෛව විවිධත්වය මගින් රටක විද්‍යාත්මක සෞන්දර්යාත්මක හා සංස්කෘතිකමය අගය වැඩි කරයි.  6. ජනතාවට අවශ්‍ය සියලුම නිෂ්පාදන ලබා ගැනීමෙ හැකියාව ඇත.  ආහාර , සෙවන , කෙදි වර්ග, ඖෂධ  (ක්වීනි

ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය

Image
 ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය  ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොදින් දැන සිටියහ. ලංකාවේ යකඩ නිස්සාරණය කිරීමේ පැරණි තාක්ෂණය කෙබදු දැයි වටහා ගැනීමට ඉවහල් වන ප්‍රධාන අවස්ථා දෙකක් තිබේ . එයින් පළමු වැන්න සබරගමු පළාතට අයත් බලංගොඩ සමනළ වැව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උදුන් ය.ස්වභාවික පරිසරයේ පවතින යකඩ බහුල ගල් වලින් යකඩ ලෝහය වෙන් කර ගැනීමට නම් ඒවා අධික උෂ්ණත්වයට රත් කල යුතුය. යකඩ උණුවන්නෙ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1538දීය. මෙලෙස අධික උෂ්ණත්වයක් ලබා ගැනීමට නම් ඉතාම කාර්‍යක්ෂම තාක්ෂණයක් තිබීම අවශ්‍යය. සමනල වැව යකඩ නිස්සාරණය කර තිබෙන්නෙ ක්‍රි .පු. තෙවන සියවසේ දීය. ඒ සදහා යොදාගෙන තිබෙන උදුන් දැල්වීමට භාවිතා කර ඇත්තේ ස්වභාවික සුළං බලයයි.  කදු මුහුණතක ඉදි කර තිබෙන මෙම උදුන් කදු අතරින් ගලා එන සුළං මගින් පැය 12කට ආසන්න වෙලාවක් නොනිවී දැල්වේ. අදටත් වසරේ මෝසම් සුළං කාලයට සවස් යාමයේ එම ප්‍රදේශය හරහා හමන සුළං පසුදා පහන් වන තුරු අඛණ්ඩව හමා යයි. යකඩ සහිත ස්වභාවික ගල් කැබලි  කොටා මැටියෙන් සකස් කල උදුන්වලට දමා ඒ මත අගුරු ද එක්කොට සවස් කාලයේ ගිනි දැල්වීමෙන් පසු ස