ලෝකයේ දූෂිතම වායු ඇති රටවල්
ලොව පුරා සිදුවන මරණවලට ප්‍රධානතම හේතුවක් වූ වායූ දූෂණය සහ ලෝකයේ දූෂිතම වායූ ඇති රටවල් පරිසර දූෂණය යනු ස්වභාවික පරිසරයට අහිතකර බලපෑමක් ඇති කළ හැකි දූෂක ද්‍රව්‍ය පැවතීමයි. කැපී පෙනෙන දූෂක ආකාර දෙක වන්නේ වාතය සහ ජල දූෂණයයි. බොහෝ ආකාරයේ දූෂණයන් මිනිසුන්ගේ ශාකවල සහ සතුන්ගේ හෝ සමස්ථ පරිසර පද්ධතිවල සෞඛ්‍යයට පුලුල් හා දිගුකාලීන ඍනාත්මක බලපෑමක් ඇති කළ හැකිය. වායු දූෂණය මූලික වශයෙන් හදුන්වා දෙනු ලබන්නේ පොසිල ඉන්ධන දහනය මගිනි. විශාලතම දායකත්වය සපයන්නේ ෆොසිල ඉන්ධන වලින් ක්‍රියාත්මක වන වාහන ( මෝටර් රථ, ට්‍රක් රථ, ගුවන් යානා, නැව් ආදිය) සහ ගල් අගුරු හෝ තෙල් දහනය කරන බලාගාර සහ කර්මාන්තශාලාය. දැව හෝ ෆොසිල ඉන්ධන දහනය කිරීම සම්බන්ධ ඕනෑම ක්‍රියාකාරකමක් මගින් අංශු දුව්‍ය මුදා හැරිය හැක. මෙයට දුම්කොළ නිෂ්පාදනය ලිප් සහ උදුන්, ඉටිපන්දම් වැනි ගෘහ මට්ටමේ මූලාශ්‍ර ද ඇතුළත් වේ. ගිනිකඳු සහ ලැව්ගිනි ද වායූ දූෂණයේ කැපී පෙනෙන ප්‍රභවයන් විය හැක. හුස්ම ගැනීමේ ගැටලු, ඇදුම උග්‍රවීම සහ සහජ ආබාධ ඇතුළු සෞඛ්‍ය ගැටළු සදහා වායු දූෂණය දායක වන බව ඔප්පු වී ඇත. ගෝලීය වශයෙන් බෝ නොවන රෝග සදහා ප්‍රමුඛතම අවදානම් සාධක අතර විෂ දූ