Posts

Showing posts from December, 2020

පෘථිවියේ පෙනහලු ඇමසන් වැසි වනාන්තරය

Image
  පෘථිවියේ පෙනහලු  ඇමසන් වැසි  වනාන්තරය  ඇමසන් වැසි වනාන්තරය පෘතුවියේ හරිත කළාලයයි.  මෙම වනාන්තරය පෘථිවිය මත ශේෂව ඇති නිවර්තන වැසි වනාන්තර වල විශාලත්වයෙන් හරි අඩකට හිමිකම් කියයි. පෘථිවියේ පෙනහලු ලෙසින් ඇමසන් වැසි වනාන්තරය නම් කරයි.  එහි විශාලත්වය වර්ග කිලෝමීටර  මිලියන 6.9ක් ලෙස  සැලකෙනවා . එමෙන්ම ලොව වැඩිම ජල ඝනත්වයක් ඇති ගග වන ඇමසන් මෙය හරහා ගලා යන අතර , අතු ගංගා 1100කින් සමන්විත එහි ගංගා 17ක් සැතපුම් 1000කට වඩා  දිගකින් යුතු ඒවා වෙනවා . ජල මට්ටම ඉහළදිනවලදී ඇමසන් ගග දිනකට ජලය කියුබ් බිලියන 500ක් පමණ අත්ලාන්තික් සාගරයට මුදාහරිනවා.  ශාක විශේෂ  වර්තමානයේ වාර්තාගත ශාක වර්ග වලින් 2/3කට නිවහන වන්නේ ඇමසන් වනාන්තරයයි. ඇමසන් නදියේ බටහිර නිම්නය සැලකෙන්නේ ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථානය ලෙසයි. ඇමසන් භූමියේ එක හෙක්ටයාරයක් තුළ විවිධ වර්ගයන්ට අයත් ශාක වර්ග 40ක් - 100ක් අතර ප්‍රමාණයක් දක්නට ලැබේ. ඇමසන් වනයේ වාර්තාගත ශාක වර්ග ප්‍රමාණය 80,000ක් ඉන් ශාක වර්ග 40000ක්ම සැලකෙන්නෙ ගෝලීය දේශගුණය පාලනය කිරීමට හා ජල චක්‍රය ස්ථායිව පවත්වාගෙන යාමට උපකාරී වන ශාක වර්ග ලෙසය. එමෙන්ම කාර්මීකරණය සමග වායුගෝලයට එකතුවන අධි

වලස් පවුලේ සාමාජිකයෝ

Image
 වලස් පවුලේ  සාමාජිකයෝ වලසා යනු පෘථිවියේ විශාලතම විලෝපියකයාය .බොහෝ වලසුන් විශේෂ හොදින් පීනති . හිම වලසුන්ට මේ සදහා විශාල පටලයක් ඇත . වලසෙකුගේ ආයු ආපේක්ශාව අවුරුදු 45 දක්වා ළගා විය හැකිය . විශාල හා තියුණු නියපොතු ආධාරයෙන්  මෙම සතුන් පොළොව යටින් ආහාර ලබා ගනී.  ගොදුරු ඉරා දමා ගස් නගති.  අනතුරකදී වලසුන්ගේ වේගය පැයට කිලෝමීටර 50ක් දක්වා ළගා විය හැකිය.  වල්සුන් සුවද විලවුන් ආධාරයෙන් පරිසරය පිළිබද තොරතුරු ලබා ගැනීම සදහා ඔවුන්ගේ කකුල් මත සිටගෙන සිටියී. හිම වලසුන් සුදු පැහැතිය , පැන්ඩා කලු හා සුදු පැහැතිය, අදුරු ලොම් සහිත විශේෂ අලු පැහැයට හැරෙන අතර මහලු වියේදී අලු පැහැයට හැරේ . වලසුන් විශේෂ 8ක් හදුනාගන්නා අතර ඒවා විවිධ උප විශේෂ වලට බෙදා ඇත. දුඹුරු වලසා  මෙම වලසුන්ගේ සිරුර ලොම් වලින් දුඹුරු තද අලු, රතු පැහැයෙන් ආවරණය වී ඇත. ෆින්ලන්තය, ඇල්ප්ස් කදුකරය  ,ආසියාව , චීනය , වයඹදිග එක්සත් ජනපදය ,රුසියානු වනාන්තර වල දැකිය හැක. තරමක් විශාල ශරීරයක් , කුඩා කන් හා ඇස් ඇති දැවැන්ත හිසක්,  ඉතා බලගතු නියපොතු සහිතයි.  හිම වලසා සිරුරේ දිග මීටර් 3ක් වන අතර ස්කන්ධය ටොන් එකක් ඉක්මවිය හැක. දිගු බෙල්ලක් හා තරමක් පැතලි