Posts

Showing posts from May, 2023

සාගරයේ අබිරහස්

Image
 සාගරයේ අබිරහස්  පෘථීවියේ පිහිටි සාගරවල අප කිසිදා නොදන්නා අබිරහස් දේවල් කොපමණ නම් ඇති ද අද ලිපියෙන් අපි කතාබහ කරනු ලබන්නේ සාගරයේ සැගවී ඇති මේ අත්භූත අරුම පුදුම දේවල් පිළිබඳවයි. බෝල්ටික් මුහුදේ විෂමතාව  2011 දී බෝල්ටික් මුහුදේ නිධන් සහ ගැලවීම් සොයන සාගර ගවේෂකයන්ට බෝල්ටික් මුහුද පතුලේ අමුතු සලකුණු සහිත ඕවලාකාර හැඩැති වස්තුවක් හමු විය. ඔවුන් මුහුදු මට්ටමේ සිට අඩි 300ක් පහළින් පිහිටි මීටර් 70ක් දිග සහ වානේ පෙනුමැති එම වස්තුවේ සෝනාර් රූපයක් ලබා ගත්තේය. ඇතැමුන් කියා සිටියේ බෝල්ටික් මුහුදේ විෂමතාව  UFO එකක් වන බවයි. එය මිලේනියම් ෆොල්කන් හා සමාන වීම එයට හේතුවයි. තවත් සමහරු පවසන්නේ එය නැති වූ නගරයක නටබුන් බවයි. පර්යේෂකයන් මෙම විෂමතාව ගැන තවදුරටත් සොයා විමර්ශනය කර එය බෝල්ටික් මුහුදු ද්‍රෝණියේ වැඩි කොටසක් දියවන ග්ලැසියර්වලින් ඉතිරි වූ විශාල ග්ලැසියර් නිධියක් බව නිගමනයි කළහ.  බ්ලුප්  බ්ලුප් අතිශය අඩු සංඛ්‍යාත ඉහළ විස්තාරය සහිත දිය යට ශබ්දයක් විය. 1997 දී දකුණු පැසිෆික් සාගරයේ වාර්තා වූ අත්භූත බ්ලුප් ශබ්දය වැනි කිසිවක් මීට පෙර කිසිදු පර්යේෂකයෙක් අසා නොතිබුණි. එය ඉතා ඝෝෂාකාරී අඩු සංඛ්‍යාතයකින් යුක්ත