ලෝකයේ කාබන්ඩයොක්සයිඩ් පිට කරන අඩුම රට භූතානය
ලෝකයේ පරිසරයට කාබන්ඩයොක්සයිඩ් පිට කරන අඩුම රට භූතානය කදුකර භූමිවල පිහිටා ඇති මීදුමෙන් වැසී තිබෙන භූතානය ලෝකයේ එකම කාබන් උදාශීන රට වේ. භූතානය සිය පරිසරය සංරක්ෂනය කිරීම සදහා කැප වී සිටින එක් ක්රමයක් වන්නේ ඕනෑම මොහොතක විශාල සංචාරකයන් ප්රමාණයක් රට තුළට පැමිණීම වැළැක්වීමට භූතාන රජය පියවර ගෙන ඇති බැවිනි. භූතානයේ දේශපාලන හා පාරිසරික ප්රගතියේ වර්ධනයක් ඉස්මතු වී තිබේ. කාබන් ඩයොක්සයිඩ් යනු මානව ක්රියාකාරකම් මගින් නිපදවන ප්රමුඛ හරිතාගාර වායු විමෝචනයකි. ගොවිතැන, වනාන්තර ගිනි තැබීම් සහ පොසිල ඉන්ධන දහනය වැනි ක්රියාකාරකම් වායුගෝලීය ඉහළ කාබන් ඩයොක්සයිඩ් ප්රමාණයක් ඇති කරවයි. මෙසේ වීමෙන් වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යයි. මෙය දේශගුණික විපර්යාසයන්ට එක් හේතුවකි. ලෝකයේ බොහෝ රටවල් වල කාබන්ඩයොක්සයිඩ් ඉතා විශාල ප්රමාණයක් නිපදවන අතර ඒවා ශාක ජීවීන්ට අවශෝෂණය කරගත නොහැකි තරම් ය.දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් සදහා මෙම රටවල් විශාල වශයෙන් දායක වේ. නමුත් භූතානයේ 70% කට වඩා ගස් වලින් වැසී ඇත. මෙම විශාල ගස් ආවරණය පිටවන කාබන් උරාගනී. එහි අදහස වන්නේ එහි නිපදවන ප්රමාණයට වඩා කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය බවයි. භූතානය වාර්ෂි