Posts

Showing posts from June, 2022

ලෝකයේ කුරු අලීන් ජීවත් වෙනවාද ? කුරු අලීන් බිහිවන්නේ ඇයි?

Image
 ලෝකයේ කුරු අලීන් ජීවත් වෙනවාද? කුරු අලීන් බිහිවන්නේ ඇයි? ලෝකයේ සිටින එකම කුරු අලියා සිටින්නේ උඩවලව ජාතික වනෝද්‍යානයේය.ශ්‍රී ලංකාවේ උඩවලව ජාතික වනෝද්‍යානයේ දී ප්‍රථම වරට නිරීක්ෂණය වූ කුරු අලියා මේ වසරේ එම ප්‍රදේශයටම නැවත පැමිණ සිටීම සතුටකි. මන්ද ඔහු වටා සිටින විශාල අලි ඇතුන්ටත් වඩා ඔහුගේ පැවැත්ම සදහා බොහෝ අභියෝගවලට මුහුණ දෙන බැවිනි. නමුත් මෙම සත්ත්වයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව නිළධාරින් පවසා සිටී.අඩි පහක් පමණ උසින් යුත් කුරු අලියාගේ පැවැත්ම පර්යේෂකයන් මවිතයට පත් කරයි.  ලෝකයේ ප්‍රථම වතාවට කුරු අලියෙක් පිළිබඳව තොරතුරු සොයාගෙන ඇත්තේ සිසිලි දූපතේ නැගෙනහිර ප්‍රදේශයේදීය. 1958දී කුරු අලීන්ගේ බවට සැක කෙරෙන අස්ථි විශාල සංඛ්‍යාවක් සොයා ගැනීමට සත්ත්ව විද්‍යා පර්යේෂකයන් සමත් විය. මීට අමතරව සයිප්‍රස් රටෙන් සහ මෝල්ටා දූපත ආසන්නයේද මෙසේ කුරු අලීන්ගේ බවට අනුමාන කෙරෙන අස්ථි විශාල ප්‍රමාණයක් සත්ත්ව විද්‍යා පර්යේෂකයන් විසින් සොයාගෙන ඒවා උපයෝගී කරගෙන සත්ත්ව අනුරූ සාදා ඇත. මීට අමතරව මැමත් වර්ගයේ සත්ත්ව විශේෂයක් ශ්‍රී ලංකාවේ ජීවත්ව සිට වදවී ගොස් ඇති බව ආචාර්ය දැරණියගල මහතා විසින් හෙළිදරව් කර ගෙන ඇත.