ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමග ග්ලැසියර් දියවීම හේතුවෙන් වෛරස් නිරාවරණය වීම
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමග ග්ලැසියර් දියවීම හේතුවෙන් වෛරස් නිරාවරණය වීම සීඝ්රයෙන් ඉහළ යන දේශගුණික විපර්යාසවල ප්රතිවිපාකයක් ලෙස ආක්ටික්හි අයිස් කදු දියවීමත් සමග ග්ලැසියර් වල සියවස් ගණනාවක් තැම්පත් වී පැවතුණු වෛරස්, බැක්ටීරියාවන්ට නැවත ජීවය පැමිණේ. පර්යේෂකයන් පවසන්නේ අයිස් තට්ටු දියවීමෙන් පැරණි වෛරස් වලට නිරාවරණය විය හැකි බවයි. මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස හේතුවෙන් අයිස් තට්ටු අඛණ්ඩව දියවීම නිසා දිගුකාලීන නිද්‍රාශීලී බැක්ටීරියා සහ වෛරස් ආසාදනය විය හැකිය. පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ මිනිසා විසින් නිර්මාණය කරන ලද දේශගුණික විපර්යාස ලොව පුරා ග්ලැසියර් හැකිලීමට සහ වසර සිය දහස් ගණනාවක් දක්වා සිරවී ඇති ක්ෂුද්‍ර ජීවින් සහ වෛරස් මුදා හැරීමට හේතුවන බවයි. 2015 දී එක්සත් ජනපදයේ සහ චීනයේ පර්යේෂකයන් ග්ලැසියර් තුළට විද පැරණි වෛරස් පිළිබඳව සාක්ෂි සොයා ගන්නා ලදී. මෙහිදී නව වෛරස් 28ක් විද්‍යාවට අලුත් ඒවා විය.2014 දී තවත් අධ්‍යනයකින් හෙළි වූයේ වසර 30,000ක් පැරණි යෝධ වෛරසයක් තැම්පත් වී ඇති බවයි. මෙම යෝධ වෛරසයට පහර දිය හැක්කේ ඒක සෛලික ජිවීන් වන ඇමීබාවන්ට පමණක් බවයි. NPR වාර්තා කළේ 2016දී උ