Posts

Showing posts from March, 2022

ලෝකයේ පිරිසිදුම සහ හරිත රට ෆින්ලන්තය

Image
 ලෝකයේ පිරිසිදුම සහ හරිත රට ෆින්ලන්තය  යේල් සහ කොලොම්බියා විශ්ව විද්‍යාල විසින් සකස් කරන ලද 2016 වසරේ EPI දර්ශකය  ( පාරිසරික කාර්ය සාධන දර්ශකය)  අනුව , ෆින්ලන්තය ලොව පිරිසිදුම සහ හරිතම රට වේ. විවිධ රටවල පරිසර පද්ධති සහ මිනිස්සුන්ගේ සෞඛ්‍යය ආරක්ෂා වන ආකාරය මෙම දර්ශකය සංසන්දනය කරයි. වාතයේ ගුණාත්මකභාවය, පිරිසිදු ජලය සහ ඒවායේ ජල සම්පත ගැන සැලකිලිමත් වන ආකාරය සහ කෘෂිකාර්මය, වනාන්තර සහ මත්ස්‍ය සම්පත කළමනාකරණය කරන ආකාරය මෙම දර්ශකයෙන් සැලකිල්ලට ගනී. දර්ශක ලකුණු සදහා බලශක්ති විසදුම් සහ ස්වභාව ධර්මයේ විවිධත්වය සහ දේශගුණික විපර්යාස කෙරෙහි රාජ්‍යයන්ගේ ආකල්පයන් ද බලපායි.  ෆින්ලන්තයේ වාතය, වනාන්තර, විල් සහ පානීය ජලය ගෝලීය ප්‍රමිතීන්ට අනුව සුවිශේෂී ලෙස පිරිසිදු ය. ෆින්ලන්තයේ විල්වලින් 80% කට වඩා හොද හෝ ගුණාත්මක භාවයෙන් විශිෂ්ටය. ෆින්ලන්තයේ භූමි ප්‍රමාණයෙන් 70%කට වැඩි ප්‍රමාණයක් වනාන්තර වන අතර එමගින් ෆින්ලන්තය ලෝකයේ වඩාත්ම  වනාන්තර සහිත රටක් බවට පත් කරයි. ෆින්ලන්තය  විශාල විමෝචන ප්‍රභවයන්ගෙන් බොහෝ දුරින් පිහිටා ඇති නිසා සහ ෆින්ලන්තයේ ම විමෝචනය සාර්ථකව සීමා කර ඇති නිසා ෆින්ලන්තයේ වාතයේ ගුණාත්මකභාවය  ඉත