සුනාමි පිළිබඳව නොදත් දේ සහ සත්ත්ව සංවේදනය( Tsunami )
සුනාමියක් ඇතිවන ආකාරය පිළිබඳව නොදත් දේ සහ සත්ත්ව සංවේදනය ( Tsunami ) වර්තමානයේ ලෝකයේ ස්වභාවික ආපදාවන් ඇතිවීමේ අවදානම දිනෙන් දින ඉහළ නගිමින් පවතී. එයට ප්‍රධානතම හේතුවක් ලෙස මිනිසා සොබාදහමට අකාරුණික වීම දැකිය හැක. සාමාන්‍යයෙන් සුනාමි තත්ත්වයක් ඇති වන්නේ සාගරාශ්රිතව ඇතිවන හදිසි ස්වභාවික වෙනස්වීම් නිසාය. එහිදී භූ කම්පනයේ වැඩි ප්‍රබලත්වය නොගැඹුරු දියෙහි හටගැනීම හා රළ ඇති කිරීමට ප්‍රමාණවත් ජලස්කන්ධය යනාදී කරුණු සම්පූර්ණ වූ විට සුනාමියක් ඇති විය හැක. සුනාමි තත්ත්වයක් ඇති වීමේදී පළමුව සාගර වෙරළේ ඇති ජලය පසුපසට යාම මීටර සිය ගණනක් වුවද විය හැකිය මුහුදු ජලය ගොඩබිමට පැමිණීම සිදු වන්නේ එයට පසුවයි. සුනාමියක් ඇති වීම කෙරෙහි බලපාන සාධක පිළිබඳව අවධානය යොමු කරන විට ප්‍රධානතම සාධකයක් ලෙස හදුන්වන්නට හැකිවන්නේ සාගර පත්ලේ හටගන්නා භූමි කම්පා තත්ත්වයනුයි. එයට අමතරව එයට අමතරව නායයෑම් ඇති වීම, ගිනිකඳු විදාරණය වීමෙන් පිටවන ද්‍රව්‍ය මගින් සාගර තරංග සුනාමි තරංග බවට පත් වීම හා උල්කාපාත හෝ විශාල හිමකදු සාගරයට කඩා වැටීම ආදිය ද හේතු විය හැකිය. සුනාමි අනාවැකි පළ කිරීමට පරිඝනක ආකෘති භාවිතා කළ හැක. නිරීක්ෂණ මග