අලි අන්දරය
අලි අන්දරය අලියා යනු පෘථිවියේ විශාලතම ගොඩබිම් ක්ෂිරපායි සත්ත්වයා වේ. අලින්ගේ හොඩවැල භාවිතා කරන්නේ කුංචනාදයෙන් අනතුරු ඇගවීමට, වෙනත් අලීන්ට ආචාර කිරීමට , පානය කිරීමට හෝ ස්නානය කිරීමට ජලය උරා ගැනීමටත් වේ. අලි ඇතුන්ගේ දළ අලියාගෙ ශරීරය ආරක්ෂා කර ගැනීමට වස්තූන් එසවීමට සහ ගෙනයාමට ආහාර එකතු කිරීමට සහ ගස් වලින් පොත්ත ඉවත් කිරීම සදහා භාවිතා කරයි. භූ ගත ජලය සෙවීම සදහා ද වල වල් හැරීමට නියග කාල වලදී භාවිතා කරන බව සොයා ගෙන ඇත. ජානමය වශයෙන් වෙනස් අප්‍රිකානු අලි විශේෂ දෙකක් සිටී. සවානා අලි සහ වන අලි වේ. අප්‍රිකානු සාවානා අලියා විශාලතම අලි විශේෂය වන අතර ආසියානු අලි ඇතුන් ඔවුන්ගේ අප්‍රිකානු අලින්ගෙන් විවිධාකාරයෙන් වෙනස් වන අතර ඔවුන් අතර භෞතික වෙනස්කම් 10කට වඩා තිබේ. අප්‍රිකානු විශේෂයේ විශාල පංකා හැඩැති කන් හා සසඳන විට ආසියානු අලි ඇතුන්ගේ කන් කුඩාය.අප්‍රිකානු අලි ඇතුන්ගේ ඇත් දළ වැඩෙන අතර ආසියානු අලි ඇතුන් කිහිප දෙනෙකුට පමණක් ඇත් දළ ඇත. වැඩිහිටි ඇතුන්ගේ නායකත්වයෙන් අලි ඇතුන් ගැහැණු සතුන් හා පැටවුන්ගේ සංකිර්ණ සමාජ ව්‍යුහයන් ලෙස සංවිධානය වී ඇති අතර පිරිමි අලි හුදකලාව හෝ කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වීමට