Posts

Showing posts from June, 2021

Pink Lake

Image
  සොබාදහමේ විශ්මිත  නිර්මාණය   Pink Lake  විලක් යනුවෙන් සදහන් කළවිට අප සියලු දෙනාට මතක් වෙන්නේ නිල් පැහැති ජලය පිරුණු ස්ථානයකි. නමුත් ඕස්ට්‍රේලියාව තුළ පිහිටා ඇති හිලියර් නැමැති විල එසේ නොවෙයි. එහි ජලය නිල් පැහැය වෙනුවට රෝස පැහැයක් ගෙන ඇත.  ඕස්ට්‍රේලියාවේ සුන්දරත්වය වැඩි කරන ස්වභාවික දායාදයක් ලෙස මෙම රෝස පැහැති විල හදුන්වා දියහැකිය.මෙම හිලියර් විල පිහිටා ඇත්තේ බටහිර ඕස්ට්‍රේලියාවේ දකුණු දිග වන්නට පිහිටි මිඩ්ල් අයිලන්ඩ් නැමැති දූපත තුළය. සාගරයට ආසන්න වන්නට පිහිටා ඇති මෙම විල 600m පමණ දිගින් යුක්ත වන අතර පළල 250m ක් වේ. මෙම විල පළමුවරට සොයාගෙන තිබෙන්නේ නාවිකයෙකු වූ මැතිව් ෆයින්ඩර් විසින් 1802 වසරේදී ය. ඔහු ඒ අසල තිබූ උස කන්දකට නැගිවිට ඔහුට රෝස පැහැයෙන් යුතු මෙම විල දකින්න ලැබී අතර ඔහු විසින් ඒ පිළිබදව ඔහුගේ දිනපොතෙහි සටහනක් තබා ඇත . මෙම විල අසල සිට බැලූ විට එතරම් අලංකාර නොවුවද  ඉහළ සිට බලන විට එය ඉතාමත් චමත්කාර ජනක දර්ශනයක් වේ.  මෙහි පිහිටීම පිළිබදව සලකා බලන විට එය අවට කපුරු වැනි ගස් වලින් සමන්විත වන අතර එහි උතුරු දෙසින් පිහිටා තිබෙන්නේ පැසිපික් සාගරයයි. ජලය රෝස පැහැතිවීම පිළිබදව පර්යේෂක