Posts

Showing posts from May, 2021

ඊශ්‍රායලය රකින යකඩ පළිහ Iron Dome

Image
  ඊශ්‍රායලය රකින යකඩ පළිහ  ( Iron Dome) අයන් ඩෝම් යනු ඊශ්‍රායලය තුළ ක්‍රියාත්මක වන විශාල මිසයිල ආරක්ෂණ පද්ධති ගණනාවකින් කොටසකි. තමා වෙත පැමිණෙන රොකට් හදුනාගැනීමට එම පද්ධතිය රේඩාර් භාවිතා කරන අතර ඒවා බිද හෙලීමට මිසයිල දෙකක් විදිනු ලබයි. එම තාක්ෂණයට ගොඩනැගිලි ප්‍රදේශ වෙත පැමිණිය හැකි සහ ඉලක්කය මග හැරුණු මිසයිල  වෙන් වෙන්ව හදුනා ගැනීමට හැකියාව ඇත.  අයන් ඩෝම්  ගුවන් ආරක්ෂන පද්ධතිය 2011 වසරේදී භාවිතාවට ගත් අතර එහි සාර්ථකත්වය සීයට අසූවකට වැඩිවෙන බව මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ පර්යේෂකයන් සදහන් කලේය. මෙමගින් පුළුල් පරාසයක විහිදෙන වක්‍ර හා ඍජු ගුවන් ප්‍රහාරයන් වළක්වාගෙන ඉදිරි මෙහෙයුම් කදවුරු සේම නාගරික ප්‍රදේශ ආරක්ෂා කළ හැකිය.  මෙහි ප්‍රධාන පද්ධතීන් තුනක් ඇති අතර එම පද්ධතීන් එකට එක්ව අවශ්‍ය ප්‍රදේශයට ආවරණයක් සපයමින් විවිධ තර්ජන පාලනය කරනු ලබයි. එහි එලාර්ම් පද්ධතියක් හා ලුහුබැදීමේ රේඩාර් පද්ධතියක් තිබෙන අතර එමගින් පැමිණීමට නියමිත අනතුරු පිළිබඳ පෙර දැනුම් දීමක් සිදු කරනු ලබයි. එපමණක් නොව ආයුධ පාලනය කරන ක්‍රමවේදයක් හා මිසයිල ප්‍රහාරයන් එල්ල කිරීමේ පද්ධතියකින්ද  අයන් ඩෝම් සමන්විතය  ඕනෑම කාලගුණික තත