ලෝකයේ සිටින අරුම පුදුම සත්ත්ව විශේෂ
ලෝකයේ සිටින අරුම පුදුම සත්ත්ව විශේෂ පිළිබඳව ඔබ නොදත් දේ පෘථිවියේ සත්ත්ව විශේෂ මිලියන 8.7ක් සිටින බව පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇත.ඒ අතරින් ලොව පුරා කැපී පෙනෙන ලක්ෂණ සහ හැසිරීම් විදහා දක්වන සත්ත්ව විශේෂ සිටී. Bilby (බිල්බි) බිල්බි යනු ඕස්ට්‍රේලියාවේ දුර්ලභ කාන්තරවල වාසය කරන සතෙකි. දිගු වලිගය, සේද ලොම් සහ විශාල කන් සදහා මේ බිල්බි ප්‍රසිද්ධය. රැබිට් බැන්ඩිකූට් ලෙසද හැදින්වෙන බිල්බි ඕස්ට්‍රේලියාවේ පාස්කු සංකේතයක් බවට පත් වී ඇති අතර පාස්කු බනී වෙනුවට භාවිතා කරන චොක්ලට් පාස්කු බිල්බි අලෙවියෙන් ලැබෙන ආදායම ඉතා ඉහළය. බිල්බ්ගේ ශක්තිමත් පෙර පාද සහ හොදින් වර්ධනය වූ නියපොතු මගින් වළවල් හැරීමට හොද හැකියාවක් බිල්බිස්ට ලබා දී ඇත. Chinese Water Deer යැංසි ගංවතුර තැනිතලාවට සහ කොරියාවේ සමහර ප්‍රදේශවලට ආවේණික වූ චීන ජල මුවා සැබෑ මුවෙකු වන කස්තුරි මුවෙකුට වඩාත් සමීපව සම්බන්ධ වේ. පිරිමි සතුන්ට අං නොමැති අතර ඒ වෙනුවට ඔවුන්ට දිගු ඇත්දළ පිහිටා ඇත. චැම්පියර් මුවන් යන අන්වර්ථ නාමයෙන් ද මෙම මුවන් හදුන්වන්නේ බියජනක පෙනුම නිසාය. දළ බොහෝදුරට ආහාර සොයාගැනීමට භාවිතා කරයි. ඔවුන් වල් පැලෑටි, තෘණ සහ ඖෂධ පැලෑටි අනුභව ක